SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දයාසිරි ජයසේකර පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු‍ දෙනා පෙරළාගෙන පක්ෂයේ  නායකයා වීමට ගිය නිසා යැයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉරිදා ලංකාදීපයට කියල තිබුන.

 

"ඇත්තටම  ලොක්කට තිබුණෙ බයක්". එහෙම කිව්වෙ දයාසිරි මන්ත්‍රීතුමා.

.

කොහොම උනත් මේ දවස්වල මහලේකම් අර්බුදය හේතුවෙන් කැළඹී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පහුගිය සඳුදා රැස්වෙච්ච වෙලාවෙත් ප්‍රධාන වශයෙන්ම දයාසිරි ජයසේකර මාතෘකාව බවට පත් උනා කියල තමයි දේශපාලන ආරංචි මාර්ග කිව්වෙ. දයාසිරි ජයසේකර ඉවත් කිරීම ගැන මධ්‍යම කාරක සභාවෙන් අනුමත කර ගෙන තිබුනෙත් ලියුම් කියුම් යැව්වට පස්සෙ එදාලු.

 

''අපි මේ තීරණය ගන්න හදිස්සි නොවී ඉන්න තිබ්බේ. තව ටිකක් බලන්න තිබුණා.''

 

ඒ වෙලාවෙ සමහර මන්ත්‍රීවරුන් අතරින් මේ වගේ කතාත් මතු උනා කියල තමයි  කියැවෙන්නෙ..

කොහොම උනත් මහලේකම් තනතුරේ කටයුතු හොයා බලන්න  දුෂ්මන්ත මිත්‍රපාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට පවරලා තිබුනට මොකද එයා දයාසිරි ජයසේකර ගේ සමීපතමයෙක් කියලයි ආරංචිය.

 

කව්ද මේ “අපි ශ්‍රී ලාංකිකයෝ” සංවිධානය?

 

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගෙන්  ඉල්ලීම් තුනක් සිදුකර ඇති බවත් කියැවෙනවා.

 

''මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා එම තනතුරින් ඉවත් කළ යුතුයි...''

''පක්ෂ ප්‍රචාරක ලේකම්වරයාද එම තනතුරෙන් ඉවත් කළ යුතුයි...''

''ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ මේ දිනවල එක්ව කටයුතු කරමින් සිටින, අපි ශ්‍රී ලාංකිකයෝ නම් සංවිධානයද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කටයුතුවලින් ඉවත් කළ යුතුයි...''

 

දේශපාලන කරළියේ පැතිර යමින් පවතින කතා අනුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා  විසින් ඉදිරිපත් කර ඇත්තේ මෙවන් ඉල්ලීම් ත්‍රිත්වයක්.

 

දයාසිරි ද? අමරවීර ද? දුමින්ද ද?

දේශපාලනය කියන්නෙත් කාලගුණය වගේ තමයි.