SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොදුවේ සිනමා නිර්මානයකට තබා කවර හෝ කලානිර්මානයක් රස විදීමට පෙර හදුන්වාදීමක් අනවශ්‍යයි.

එහෙත් කලාව හා දේශපාලනය අතරේ නොබිදියහැකි බැදිමක් ඇති නිසාත් දේශපාලන චරිතයක් ගැන ගැන තැනූ වාර්තා චිත්‍රපටියක් කලකට පසු සිනමාහල් කරා පැමිණ ඇති නිසාත් මේ සටහන ලියන්න කලපනා කළා.

 

Anomaa Rajakaruna

 

සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක අද බංකොලොත් වි ඇති රටේ අවුරුදු 18 අගමැතිකම කළා. [1960 – 65, 1970 -77, 1994 – 2000] අනික් අතට බණ්ඩාරනායක පවුල [සොලොමොන් ඩයස්, සිරිමා හා චන්ද්රිකා] අවුරුදු 35 ආසන්න කාලයක් රට පාලනය කළා. එහෙම ගත්තාම ඩොමිනියන් නිදහසෙන් [1948] පස්සේ වැඩිම කාලයක් මේ බංකොලොත් රට පාලනය කලේ බණ්ඩාරනායක පවුල.

6th July 1964:  Sirimavo Ratwatte Bandaranaike, Prime Minister of Ceylon, (now Sri Lanka), arrives at London Airport with her daughter, Chandrika, to attend the Commonwealth Prime Minister's Conference.  (Photo by J. Wilds/Keystone/Getty Images)

 

මම දන්න පමණට සොලොමොන්ට සිංහල ලියන්න කියවන්න බෑ. එයාගේ දරු මුණුපුරන්නටත් බෑ. ඒත් මෙයා තමයි රට විනාශ කරපු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළේ 1956 දී. 1972 රාජ්‍ය ආගම බුද්ධාගම කරල සිරිම සොලොමොන් අවුලපු වාර්ගික ගින්නට පිදුරු මඩුවක්ම හැලුව. මේ තමයි අවස්ථාවාදී දේශපාලනයේ උපරිමය. සිරිමගේ මුත්ත, බලංගොඩ, මහවලතැන්නේ රත්වත්තේ නිලමේ, 1815, උඩරට පාවාදිමේ ගිවිසුමට දෙමළෙන් ඉරත්වත්තේ කියල අත්සන් කරපු එක මතක් වෙද්දී මේ රාජ්‍ය භාෂා විගඩම දීර්ඝ දේශපාලන විගඩමක් බවට පත් වෙනව.

සිරිමා ජාතික වීරවරියක් හැටියට උඩ දාන වෙලාවට හැමදාමත් මට මතක් වෙන දෙයක් තියෙනව. ඒ තමයි 1972 එයාගේ ආන්ඩුව ආතීතයට බලපාන විදිහට නඩු අහන්න ගෙනාපු අපරාධ යුක්ති විනිශ්චය කොමිසම. 1972 දී මේ කොමිසම ගෙනාවේ 1971 අප්‍රියෙල් කැරලිකරුවන්ට විරුද්ධව නඩු අහන්න. එහෙත් 1972 මැයි වෙද්දී ලංකාව ජන රජයක්. මේ අපුරු ජන රජය මේ කොමිසම යටතේ හදපු විශේෂ නඩු අහුවේ එංගලන්ත රැජිණගේ ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ කිරීමේ වරදට. ලෝක ඉතිහාසයේ තියෙන එකම ජන රජය “ශ්‍රි ලංකා සමාජවාදී ප්‍රජාත්ත්‍රවාදි ජනරජය” පමනයි, පැරණි යටත් විජිත හිමියාට විරුද්ධව කැරලි ගැසීම ගෑන ජන රජයේ තරුණයන්ට මරණය හා දිගු කාලීන සිරදඬුවම් නියම කරපු...!

 sirimao 6

 

ඉතිහාසයේ මුල් වතාවට ලංකා විශ්ව විද්‍යාලයක​ට පොලිසිය යවල ශිෂ්‍යයන්ට වෙඩි තියන්න නියොග දුන්නේ මේ අපුරු "ජාතියේ මාතාව". ඒ 1976 දී පේරාදෙණිය සරසවියට සන්නද්ධ පොලීසිය යැවිම. මෙහිදී පොලිස් වෙඩි තැබීමෙන් ශිෂ්‍යයන් සිය ගණනකට තුවා සිදු වුණා. පලමු වතාවට සරසවියක් තුල නිරායුධ ශිෂ්‍යන්ට පොලීසිය වෙඩි තැබිමෙන් උහුමියේ වීරසූරිය නම් සිසුවා සරසවිය තුල මරා දැමුනා. අපි මෙහෙම උද්ඝෝෂණය කළා.

'බණ්ඩෝ නැඟිටපිය මෙන්න ගැනී මිනී මරනවෝ'

'ලෝක සාම දුතිකාව අපේ මාර දුති​කාව'

 

sirimao 7 

සිරිමාගේ ‘බල ගිජුවේ’ උපරිමය මම දකින්නේ 1994 – 2000 කාලයේ අගමැතිකම දැරීම. එතකොට මේ අම්මන්ඩි අංශභාගේ හැදිල රෝද පුටුවේ. ඒත් දු ජනාධිපති වුණාම අම්මට අගමැතිකම ඕන වුණා. ඉතින් සිහි කල්පනාවක් නැතිව රෝද පුටුවේ සිටි ස්ත්‍රියක් අවුරුදු 6 රටේ අගමැති...! දිගු කාලීනව රට බංකොලොත්වීම අහන්න දෙයක ද?

රටේ මේ මොහොතේ මුහුණ දෙන ඉරණමෙන් 50% වග කියන්න ඕන බණඩාරනායක- රත්වත්තේ- කුමාරතුංග පවුල. මගේ ලමාවිය හා නව යොවුන්විය ගෙවුණේ සිරිමාගේ පාලනය තුල. මේ කාලේ අපේ බඩගින්න නිව්වේ ගඩා ගෙඩි හා කුරුම්බා. අපිට හාල් දුන්නේ සලාක ක්‍රමයට. 1972 වෙද්දී හාල් ප්‍රවාහනය තහනම් කළා. සතියේ දවස් තුනක් මයියොක්කා හා අල බතල කන්න නියම කළා. මොවුන්ගේ දරුවෝ දුප්පත් රටේ සල්ලි විදේශ විනිමය අරගෙන ඔක්ස්ෆර්ඩ් ක්‍රේම්බ්‍රිජ් හා සෝබොන්වල ඉගෙන ගනිද්දී අපි ගිය ඉස්කෝලවල ගුරුවරුවත් හිටියේ නෑ. අනුර [ බණ්ඩාරනායක] ඉගෙන ගත්තේ ඔක්ස්ෆෙර්ඩ්. චන්ද්රිකා ගියේ සොර්බොන්. ඒත් ගත්තු උපාධියක් තියා ඩිප්ලෝමාවක් වත් ඇත්තේ නෑ.

Sirimavo Bandaranaike, Prime Minister of Ceylon, taking part in a Buddhist blessing ceremony in Knightsbridge, London, Match 6th 1961. (Photo by Central Press/Hulton Archive/Getty Images)

 

1971 අප්‍රියෙල් තමයි මම මුලින්ම මුහුදේ හා ගංගාවල පාවෙන තරුණ මළමිනි දුටුවේ. පස්සේ කාලෙක තමයි දැන ගත්තේ 1971 මාර්තු වෙද්දී කැරැල්ල පටන් ගන්න මාසේකට කලින් සිරිම මළ සිරුරු මරණ පරීක්ෂණයකින් තොරව වලලා දැමීමට නීති සම්මත කර ගත් බව.

දිළිදු ගමක ඉපදුණු, දුකම උරුම වූ සමාජයක් වෙනස් කරන්න නව යොවුන් වියේ පටන් උත්සාහ කරපු කෙනෙක් වුණත් තරුණ නැඟිටීම් දෙකක් අතර තුර තරුණ විය ගෙවා දැමුවත් මගේ ජීවිතේ බේරුණා.

එහෙත් ලක්ෂ ගණක් වූ මගේ තරුණ පරම්පරාවට මට ලැබුණු වාසනාව අහිමි වුණා. ඔවුන් මරා දැමුණා. මෙන්න මේ “වාසනාව” හිමි වු හැම කෙනෙක්ම “සිරිමාවෝ” බලන්න කලින් මේ සටහන කියවාගෙන යන්න.

@නන්දන වීරරත්න

Nandana Weerarathne page