SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රූපා ගුණවර්ධනව  හමුවුනු  නිර්මාල් දේවසිරි

බොරළුගොඩ ගුණවර්ධන පවුලේ දේශපාලනය!!! - නිර්මාල් දේවසිරි

 

බොරළුගොඩ ගුණවර්ධන පවුලේ දේශපාලනය අතිශය සංකීර්ණ එකකි. ප්‍රකට අධිරාජ්‍ය විරෝධී සටන්කාමියෙකු වූ බොරළුගොඩ රාලහාමි නොහොත් දොන් ජාකෝලිස් රූපසිංහ ගුණවර්ධන 1915 දී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් අත් අඩංගුවට ගනු ලැබ මරණ දණ්ඩනයට යටත් කෙරිණි. ඔහුගේ පුතුන් ලංකාවේ වාමාංශික දේශපාලනයේ පුරෝගාමීහු වූහ. ඒ අතරින් පිලිප් ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ප්‍රමුඛ වෙති. ඒ දෙදෙනාගේ ද පසුකාලීන් දේශපාලන නැමියාවන් අතිශයින් විවිධ විය.

පිලිප් 1956 මහජන එක්සත් පෙරමුණේ ඉදිරියෙන් සිටි අතර රොබට් එහි ප්‍රබල විවේචකයෙක් විය.

 

පිලිප්ගේ පුතුන් වූ ඉන්දිකගේ හා දිනේෂ්ගේ දේශපාලන නැමියාවන් ද එලෙසින්ම විවිධ විය.

ගුණවර්ධන පවුගේ දේශපාලනය ගැඹුරෙන් හැදෑරීම අතිශය වැදගත් වේ.

මේ පිංතූරය ඒ සඳහා ගනු ලබන දීර්ඝ වැඩ පිළිවෙලක ආරම්භය සනිටුහන් කරයි.

 

Rupa 2

 

පිංතූරයේ සිටින වියපත් ස්ත්‍රිය රොබට් ගුණවර්ධනගේ බිරිඳ රූපා ගුණවර්ධනයි. දැන් ඇයගේ වයස අවුරුදු 101කට ආසන්න වේ.

 

@Nirmal devasiri ගේ මුහුණු පොතෙන් උපුටාගති.