SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනවාදය, තනිවම ලෝකය පාලනය කිරීම!

මානව ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෝකය එක් ආර්ථික ක්‍රමයක් යටතේ පාලනය වීම අරඹා ඇත. ඒ ධනවාදයයි.

ධනවාදය ජයග්‍රහණය කර ඇත්තේ එය ක්‍රියාත්මක වන බැවිනි (function),  එය මගින් දියුණුව සංවර්ධනය යන්නක් ලබා දෙන අතර අපගේ ආශාව තෘප්තිමත් කරයි.

 

එක් දෙයකින් තෘප්තිමත් වූවායැයි සිතන ආශාව තවත් දෙයක් වෙතට නැඹුරු කරවයි. වෙළඳපොල නොනවත්වා ක්‍රියාත්මක වන අතර ලාභය අඛන්ඩව ගොඩ ගැසී ධනපතීන් අල්පයක් මත ලෝකයේ පාලනය රඳා පවතියි.

 

මිනිස් ආශාව හා ධනේෂ්වර වෙළඳපොල අතර බැඳුනු අනවරත සම්බන්ධය පිළිබඳ මෙහි අවසානය නොපෙනෙනවා වුවද පෘථිවිය මත ඇති ද්‍රව්‍යමය අවසානය ප්‍රාග්ධනය විසින් ජයගන්නේ කෙසේ ද? 

 

දැන් දේශපාලනය ධනවතුන්ගේ ක්‍රීඩාව වේ. වඩා වැඩි ප්‍රාග්ධන හිමියා දේශපාලකයන් නිර්මාණය කර පාලනය ලබාදී තම වෙළඳාම තරකර ගත්තද දැන් ප්‍රාග්ධනය අත්පත් කරගෙන අවසානය වූ පසු ධනවතා බලය තම අතට ගෙන දේශපාලනයේ නිරත වේ.

 

ඇමරිකානු පෙන්ටගනයේ ක්‍රියාත්මක කරමින් සිටින දේශපාලන සහ යුදමය ක්‍රියාමාර්ගවලට එරෙහිව එරට මෙන්ම ලොව සුපිරිතම ධනවතෙකු වන ඊලොන් මස්ක් කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් වේ.

 

එහි අළුත්ම ප්‍රකාශය වන්නේ ඊයේ (13) ඔහු කරන ලද “තායිවානය චීනයට අයත් කොටසක්” යන ප්‍රකාශයයි. එම ප්‍රකාශය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ස්ථාවරයට මුලුමනින්ම පටහැනි ය. එසේම ඊලොන් මස්ක් මෙම ප්‍රකාශය කරන්නේ, මෙතෙක් තායිවානය ස්වාධීන රාජ්‍යයක් බව ප්‍රකාශ කරමින් ඇමරිකාව ප්‍රබල යුද අවි එරටට ලබා දෙමින් සිටින මොහොතකදීය..

 

මේ අතර ඇමරිකානු දේශපාලනය සහ ඇමෙරිකානු ප්‍රාග්ධන හිමියා අතර ගැටුම හෙලිදරව්  වන්නට බලපෑ තවත් සිද්ධියක් විය.

 

ඊලොන් මස්ක් ඊයේ (13) එම ප්‍රකාශය කිරීමට පෙර රුසියානු යුක්‍රේන යුද්ධයේදී යුක්‍රේනය වෙනුවෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔහුට අයත් ස්ටාලින් චන්ද්‍රිකාවේ සන්නිවේදන පහසුකම් ලබා නොදීමද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උදහසට ලක් වී තිබේ.

 

මෙහිදී සමාජ මාධ්‍ය තුළ ප්‍රබල තරඟයක් ලබාදීමට මස්ක්ට අයත් “එක්ස් මාධ්‍ය ජාලයට” සිදුවී තිබෙන අතර චීන වෙළඳපොල ඉලක්ක කර ගනිමින් ඔහු මෙවැනි ප්‍රකාශ කරන්නේ දැයි වෙළඳපොල විශ්ලේෂකයන්ගේ අවධානය යොමු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

 

@ සමාරා පරණවිතාන