SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • මම පක්ෂයටවත් නායකයාටවත් ද්‍රෝහිකම් කරලා නෑ
  • පක්ෂය වෙනුවෙන් කැපවුණ මගේ බෙල්ල නායකයම කපපු එක ගැන මට තිබෙන්නේ දුකක් සහ කලකිරීමක්
  • පිරිසක් කේලම් කියලා මාවයි නායකයවයි බිඳෙව්වා.

 

කාලයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දරදිය ඇදලා, කට්ට කාලා අන්තිමට මේ මොකක්ද වුණේ? කනෙන් ඇදලා එළියට දැම්මා වගේ වැඩක් නේද වුණේ?

 

මම හේතුව දන්නේ නැහැ ඇත්තටම මොකක්ද කියලා. 

 

අවුරුදු ගණනක් පක්ෂයේ හිටිය මනුස්සයෙක්. පොඩි ඉඟියක්වත් ලැබුණේ නැද්ද?

 

අවුරුදු ගණනක ඉඳන් නෑ නෑ එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා කිව්වා හිටපු ජනාධිපතිතුමා. නමුත් අන්තිමේ එහෙම දෙයක් සිද්ධ වුණා. මෛත්‍රීපාල ජනාධිපතිතුමා එහෙම තමයි. 

 

ඔබ මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා ඊට ඉස්සෙල්ලා දවසේ හවසත් ඔබත් එක්ක කතා කරලා ඉඳලා ගියේ කියලා. ඒ වෙලාවෙවත් ඉඟියක් තිබුණේ නැද්ද වැඩේ දෙන්න යන්නේ කියලා?

 

(සිනාසෙයි) නැහැ. එහෙම නැහැ.

 

ඔබ හිතනවාද මේ තීන්දුවට පක්ෂය දාලා ගිය, නැවත පක්ෂයට ආපු අය හරි, ඔබේ අඩුපාඩුවක් හරි හේතුවුණා කියලා?

 

මම හිතන්නේ අඩුපාඩුව කියන්නේ පක්ෂය වෙනුවෙන් පෙනී හිටිය එක තමයි ලොකුම අඩුපාඩුව. ඒ අඩුපාඩුව ඉස්සරහට පෙනෙයි. 

 

ඔබ දිගින් දිගටම කිව්වා රුස්වීම්වලයි සමුළුවලයි, අපි එක්කෝ ආණ්ඩුවේ ඉන්න ඕන නැත්නම් විපක්ෂයට ගිහිල්ලා විපක්ෂයේ වැඩ කරන්න ඕන කියලා. ඒක කිව්වේ පක්ෂයට නැවත ආපු අයට නේද කියලා බැලූ බැල්මට පෙනෙනවා. ඒක හේතුවක් වුණා වෙන්න බැරිද?

 

මම ඒක දන්නේ නැහැ හරියටම. ආණ්ඩුවට එකතු වෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආරාධනා කරද්දී ඒකට බැහැයි කියලා කිව්වෙත් අපේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා. ඒක එතුමාගේ මතය. ඒකෙම තමයි අපි හිටියේ. ඒ මතයේ අපි පස් දෙනෙක් හිටියා. ඒ හැර වෙන තත්ත්වයක අපි හිටියේ නැහැ. අපි හැම වෙලාවේම හිටියේ පක්ෂයේ එකමුතුවෙන් පක්ෂයේ මතයත් එක්ක. මම ගිය අය ආපුවහමත් කිව්වේ අපි හරි තනි මතයක ඉන්න ඕන කියලා. මොකද පහළ ඉන්න පාක්ෂිකයෝ අපෙන් අහනවා මේ මොකද වෙන්නේ කියලා. 

 

දැන් පිරිසක් ඔබලා අතහැරලා ගියානේ ආණ්ඩුවට යන්න ඕන කියලා. එහෙම ගියහමත් තව අය හිටියාද පක්ෂය ඇතුළේ ආණ්ඩුවට එකතු විය යුතුයි කියන මතයේ?

 

නෑ... නෑ.. එහෙම මතයක් තිබුණෙත් නෑ. එහෙම කවුරුවත් හිටියෙත් නැහැ. හැමෝම හිටියේ අවසානයේ පක්ෂයේ මතයත් එක්ක.

 

පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එකතු විය යුතුයි කියන මතයේ ඉන්නකොට ඔබ ඊට විරුද්ධ වෙලා තියෙනවා. දැන් ඔබ ඉවත්වීමත් සමඟ ඇත්තද ඒ පිරිස පක්ෂයත් අරගෙන ආණ්ඩුවට යන්න හදනවා කියන්නේ?

 

නෑ. එහෙම එකක් නැහැ. පක්ෂය යම්කිසි තීන්දුවක් ගන්නවා නම් මම ඒ තීරණයත් එක්ක හැමදාම ඉන්නවා. 

 

අද වුණත් ආණ්ඩුවට එකතු වෙන්න හැදුවොත් එහෙම ඔබ ඒ මතයේම ඉන්නවාද?

 

ඔව්. පක්ෂය හරි, නායකයා හරි ගන්න තීන්දුව එක්ක මම හිටගන්නවා. 

 

ඔබ තමයි පක්ෂය සම්පූර්ණයෙන්ම හාන්සිවෙලා තියෙද්දී මහ ලේකම්කම අරගෙන පක්ෂය අල්ල ගන්න මහා සටනක් දුන්නේ. දැන් හිතෙන්නේ නැද්ද ඒ කරපු කැපවීම් එක්ක බලද්දී අපරාදේ කියලා? කලකිරීමක් වගේ හිතෙන්නේ නැද්ද?

 

එහෙමමත් නැහැ. හැබැයි කලකිරීමක් නැත්තෙත් නැහැ. නායකයා වෙනුවෙන් පෙනී ඉඳලා පක්ෂය වෙනුවෙන් කැපකිරීම් කරලා, අවසානයේ නායකයාම බෙල්ල කැපුව එක ගැන මට කලකිරීමක් දුකක් තිබෙනවා. මට මේ මොන දේ කළත් අදටත් මම පක්ෂයට ගේම් ගහලත් නැහැ. නායකයාට ගේම් ගහලත් නැහැ. එතුමා ඉවත් කරන්නවත් මම කුමන්ත්‍රණ කරලා නැහැ. 

 

ඉතින් එහෙනම් කැපුණේ?

 

නෑ. එතුමා අනිත් අයගේ කතා කේලම් විශ්වාස කළා. 

 

ආ ඒ කියන්නේ ඔබට විරුද්ධවත් කේලම් කතා ආපු නිසයි වැඩේ මෙහෙම වුණේ කියලා?

 

ඔව්. ඔව්. මුළු ඉඳලම ඒවා තිබුණා. මම එතුමාට මුල ඉඳන්ම කිව්වා අපි දෙන්නාව කොටවන්න කට්ටියක් කුමන්ත්‍රණ කරනවා කියලා. ඒක අවබෝධ කරගෙන වැඩකරන්න කියලා මම කිව්වා දිගින් දිගටම. අන්තිමේ පිරිසක් තමයි කේලම් කියලා එතුමාවයි මාවයි බිඳෙව්වේ.

 

ලියුම ආවයින් පස්සේ පක්ෂ නායකතුමා කතා කළාද?

 

කතා කළේ නම් නැහැ. පාර්ලිමේන්තුවේදී මාව හමුවෙලා 'ආ දයා කොහොමද?' කියලා අහලා ගියා.

 

සාමාන්‍යයෙන් ඔහොම එළියට දැම්මට පස්සේ පක්ෂයක තියා ගෙදරකවත් මිනිස්සු ඉන්න කැමැති නැහැ. දැන් තවදුරටත් ඉන්න පුළුවන්ද?

 

අපෝ නැහැ. මම හැමදාමත් පක්ෂයත් සමඟ ඉන්නවා. මම පක්ෂයට ද්‍රෝහිකම් කරලත් නැහැ. නායකයාට ද්‍රෝහිකම් කරලත් නැහැ. මට පාක්ෂිකයෝ ගොඩක් ආදරෙයි. ඒ අය මම ගත්ත තීන්දු තීරණ එක්ක තවමත් ඉන්නවා.

 

පාක්ෂිකයා මොන වාගේ ප්‍රතිචාරද ඔබට දුන්නේ?

 

ඔවුන් ඉතාම වේදනාවට පත්වෙලා ඉන්නේ. ගොඩක් අයට කලකිරීමක් ඇතිවෙලා තිබෙනවා. ගොඩක් අය වෛරයෙන් කතා කරන්නේ. මම ඒ හැමෝමට උපදෙස් දුන්නේ හැමවෙලාවේම පක්ෂයත් එක්ක වැඩකරන්න කියලයි. 

 

ඔබට වෙන පක්ෂවලින් ආරාධනා ලැබුණේ නැද්ද?

 

අපෝ ඇත්තටම කතා කරලා තිබෙනවා.

ඔබට හිතෙන්නේ නැද්ද අලුතෙන් ආපු අය නිසා සභාපති පුටුවටත් ඉදිරියේදී බලපෑමක් සිදුවේවි කියලා?

 

ඊළඟ ෂොට් එක හම්බවෙන්නේ එතුමාට තමයි. වටේ ඉන්න කට්ටිය එකතුවෙලා දෙන්න හදන්නේ. එතුමාට තේරෙයි ඇත්තටම එතුමත් එක්ක කවුද හිටියේ කියලා.

 

Iගයාන් ගාල්ලගේ

@Deshaya

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි