SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ප්‍රහාරය පිටිපස්සේ කවුද ඉන්නෙ කියලා හොයන්න ඕනෑ
  • රට විනාශ කරපු රාජපක්ෂලා බලයට ගේන්න අනුර කුමාරලා උදව් කළා
  • මතක තියාගන්න කවදා හරි මිනිස්සු වේදනාව පිටකරනවා

 

අපි දැක්කා පසුගිය දවස්වල එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතුවෙන්න ඕන. ඒ සඳහා කාලය දැන් හරි කියලා ඔබේම පක්ෂයේ සමහර අය යෝජනා කරනවා. ඔබ සජබ මන්ත්‍රීවරයකු හැටියට ඒ ගැන මොනවාද හිතන්නේ?

 

මගේ පෞද්ගලික මතය අපි එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ආවේ යම් අඩුපාඩු සහ ගැටලු තිබෙන නිසයි. හැබැයි අද වෙනකොටවත් ඒ අඩුපාඩු කිසිවක් නිවැරුදි කරගෙන නැහැ. ඒ නිසා එහෙම එකතුවීමක් වෙන්න බැහැ. දෙවැනි කාරණය එක්සත් ජාතික පක්ෂය පරාජය වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රාජපක්ෂලාව රකිනවා කියන එක. අද එක්සත් ජාතික පක්ෂ නායකයා ඇතුළු කණ්ඩායම ඉන්නේ රාජපක්ෂවරු සහ චෝදනා එල්ල වුණ පිරිස් එක්ක. ඉතින් අපි කොහොමද එකතු වෙන්නේ?

 

හැබැයි ගොඩක් අය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වුණොත් තමයි අනාගත බලාපොරොත්තුව පාක්ෂිකයාට ඉෂ්ඨ කරගන්න පුළුවන් වෙන්නේ කියලා?

 

නෑ... නෑ... එහෙම තියරියක් කොහෙවත් නැහැ. කවුරුවත් එකතු වුණා කියලාවත්, කවුරුත් එක්ක සම්බන්ධ වුණා කියලාවත් එහෙම දිනන්න බැහැ. බලයට එන්න ඉන්න අයගේ තියෙන්න ඕන ඒ අයගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ මොකක්ද කියලා. ඒ වගේම ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්න ඕන. එහෙම නැතිව අරයා එකතු වුණා මෙයා එකතු වුණා කියලා රටක් දියුණු වෙන්නේ නැහැ. 

 

මේ දවස්වල ලොකුම කතාව තියෙන්නේ චැනල් 4 නාළිකාව ගැන. චැනල් 4 නාළිකාව කියන විදිහට මේකත් යම්කිසි කෙනකුගේ කුමන්ත්‍රණයක් නම් ඒ වගේම අනෙක් පැත්තෙන් ඔබලාට එනවා චෝදනාවක් ගහනවා දැන දැනත් සද්ද නොකර හිටිය එක ගැන. එහෙම බැලුවාම ඔක්කොම වැරුදියි නේද?

 

වීඩියෝ එකේ තියෙන දේවල් ගැන ඇත්ත නැත්ත මම නම් දන්නේ නැහැ. හැබැයි ඔබ මාධ්‍යවේදියෙක් හැටියට දන්නවා රාජපක්ෂ යුගයේ සිදුවුණු දේවල්. මාධ්‍යවේදීන් පැහැරගෙන ගිහිල්ලා, ඝාතනය කරලා, පහරදීලා ඒ සියල්ල සිද්ධ වුණා. මොකද 2015 ආණ්ඩුව පත් කළේ ඒ දේවල්වලට සාධාරණයක් ඉෂ්ඨ කරන්න කියලා. හැබැයි අපේ ආණ්ඩුවෙන් ඒ සඳහා සාධාරණයක් වුණේ නැහැයි කියන එකයි මගේ මතය. ඒක නිසයි අපිට එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න හේතුවක් වුණේ. ඒ අනුව බලද්දී එක්සත් ජාතික පක්ෂයට ඡන්ද නැතිවෙන්නත් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැතිකම නැතිවෙන්නත් මේ පාස්කු ප්‍රහාරය හේතුවුණා. ඒ නිසා එතුමාට වගකීමක් තිබෙනවා මේ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා ඇත්ත හොයාගන්න එක.

 

ඒ කියන්නේ මේකේ පරීක්ෂණ ඔබ කියන්නේ තවම සාධාරණ නැද්ද?

 

නෑ. තව දේවල් හොයාගන්න තියෙනවා මේකේ. මේකේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සම්පූර්ණයෙන් හොයන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ බලය ගත්තෙත් මේකේ ඇත්ත හොයනවා කියලානේ. හැබැයි හෙව්වේ නැහැනේ. ඉතින් එහෙනම් දැන්වත් හොයන්න ඕන ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා මේකේ ඇත්ත.

 

ගොඩක් අයට තිබෙන ප්‍රශ්නය තමයි අභ්‍යන්තර පරීක්ෂණයකට ජාත්‍යන්තර පරීක්ෂකයන් මැදිහත් වීම තුළ සාධාරණයක් වෙයිද කියන එක?

 

දැන් අභ්‍යන්තර පරීක්ෂණයක් කළත් සාධාරණයක් වෙලා නැහැනේ. දැන් පාස්කු ප්‍රහාරය වෙලා අවුරුදු 4කටත් වැඩියි. හැබැයි තවම සාධාරණයක් වෙලා නැහැනේ. අභ්‍යන්තර පරීක්ෂණයකින් කිසි දෙයක් වුණෙත් නැහැනේ. මම අහන්නේ ඔය මහා ලොකුවට රට ජාතිය ගැන කතා කරන මහින්ද රාජපක්ෂ පවා 88, 89 භීෂණයේදී පැමිණිලි අරගෙන ජිනීවා පවා ගියා. ඉතින් මේකට ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලන එක නරකද?

 

දැන් මේ වෙද්දී පක්ෂ අතර ලොකු සටනක් තිබෙනවා. හැබැයි ගොඩක් පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න දැන් ගොඩක් වැඩියි. ඔබලටයි ජාතික ජන බලවේගයටයි පැහැදිලි සටනක් තිබෙනවා කියලා පේනවා. ලේසි වෙයිද වැඩේ?

 

ඔබ හරියටම කිව්වා මහ පොළොවේ තිබෙන ඇත්ත කතාව. මහ පොළොවේ තිබෙන්නේ ඔය ඔබ කියපු දේශපාලන පක්ෂ දෙක විතරයි. හැබැයි ජාතික ජන බලවේගයට රටක් පාලනය කරන්න බැහැ. හේතුව ඒ අය හදන්න හදන්නේ කියුබාව, රුසියාව වගේ රටවල්. ඔය රට යන කවුරුවත් ඒ වගේ රටවලට රස්සාවලට යන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ ප්‍රතිපත්ති උඩ රටක් හදන්න පුළුවන්ද? දෙවැනි කාරණය අපිට ළිං මැඩියෝ වගේ වැඩ කරන්න බැහැ හුදෙකලා වෙලා. ජාත්‍යන්තරය අතර විශාල ගනුදෙනුවත් තියෙන්න ඕන. ඒක ජාතික ජන බලවේගයට නැහැ. අනුරලට ටිල්වින්ලාට ලාල්ලාට පුළුවන්ද ජාත්‍යන්තර මූල්‍ය සමාගම් එක්ක ගනුදෙනු කරන්න. ඒ නිසා ඒ දැක්ම තිබෙන්නේ අපිට.

 

ඔබ මොනවා කිව්වත් ජනතාව කියන්නේ රට පාලනය කරලා නැති එකම කණ්ඩායම ඔවුන් නිසා ඔවුන් බලයට ගේන්න ඕන කියලා?

 

මොන පිස්සුද? චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිකම් කළේ වෙන කවුරුවත් නොවේනේ. එක වැඩක් කළේ නැහැනේ. අනෙක මතක තියාගන්න අද මේ රට විනාශ කරපු රාජපක්ෂලා බලයට ගේන්න සම්පූර්ණයෙන් උදව් කළේ අනුර කුමාරලා. ඒ නිසා ඒ අය ඔක්කොම ෆේල්. ප්‍රාදේශීය සභා කළා කියලා රටක් කරන්න බැහැ. 

 

ජාතික ජන බලවේගය දක්ෂ නැද්ද?

 

ඒ අය දක්ෂයි. මාධ්‍යය හසුරුවන්න. අපි මාධ්‍යය හසුරුවන්න දක්ෂ නැහැ. හැබැයි මතක තියාගන්න මිනිස්සුන්ගේ වේදනාව පිට කරනවා.

 

මේ වෙද්දී තෙල්, ගෑස්, ලයිට් බිල්, වතුර බිල් හැමදේම වැඩි කරලා. මිනිස්සු දැනටමත් ඉන්නේ වේදනාවෙන්. හැබැයි වේදනාව පිට කරගන්න ඡන්දෙ ගැන කතාවකුත් නැහැ?

 

මේ ජනාධිපතිවරයාට ජන බලයක් නැහැ. ඒක නිසා ඔහු ඡන්දයට බයයි. අද ඡන්දයක් තිබ්බොත් එක්සත් ජාතික පක්ෂයට ඔය තිබෙන ඡන්දත් නැතිවෙනවා. මොකද ඔය පොහොට්ටුව රකින රුකිල්ලට පාක්ෂිකයෝ කලකිරිලා ඉන්නේ. ඒ නිසා ඔය ඡන්ද මොනවා කල් දැම්මත් ජනාධිපතිවරයා කල්දාන්න ඉඩක් නැහැ. ලබන අවුරුද්දේ අගෝස්තු 5 වැනිදා වෙනකම් විතරයි අදින්න පුළුවන්. 

එතකම් ඡන්දයක් නැහැ?

 

එන අවුරුද්දේ මුල පාර්ලිමේන්තු මැතිවරණයක් එනවා. ඒක නවත්වන්න බැහැ. මොකද පාර්ලිමේන්තුවේ බහුතරය නැතිවුණාම එතුමාට විසුරුවන්නම වෙනවා.

 

I ගයාන් ගාල්ලගේ

@deshaya

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි