SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හදිසියේම මතුවුනු චැනල් 4 සිද්ධිය මොකක්ද?

-"NO COUNTRY IS AN ISLAND -The Easter Bombing Attacks in Sri Lanka"-

ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින දේශපාලන යථාර්තය වන්නේ රනිල්-පොහොට්ටු  එකමුතුව හා එහි ඊනියා බිඳී යෑමයි. ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් වන්නේ නම් මේ එකමුතුව රනිල් පාර්ශ්වයට මෙන්ම රාජපක්ෂ පාර්ශවයටද වැදගත් ය.

 

එහෙත් බලය සම්බන්ධ කාරණයේදී එක්කෝ මෛත්‍රී වටා එක්විය හැකි බලවේගයක් ඉපදිය හැකිය. නැතහොත්  නාමල් ප්‍රම්‍රඛ පොහොට්ටු පාර්ශ්වය වෙනම තම බලය ප්‍රදර්ශනය කිරීමට වැර වෑයමක් දරනු ගෙවීගිය මෑත කාලය තුළ දක්නට ලැබූවක්. මේ නිසා මෙවැනි හිතුවක්කාරී ප්‍රදර්ශනයන්ට කෝටු පහරක් දිය යුතු වීම ස්වභාවිකය.

 

chanel 4 3

 

නිකංම කෝටු පහරක් මේ මොහොතට ප්‍රමාණවත් නොවන්නේ රනිල් වික්‍රමසිංහට තවමත් තම පක්ෂය වූ එජාපය සංවිධානය කරගැනීමට තරම් උවමනාවක් හෝ හැකියාවක් නොමැති වීම නිසාය.

එනිසා වේවැල් කසායක් නාමල් ප්‍රම්‍රඛ පොහොට්ටු ජ්‍යෙෂ්ට නඩයට අත්‍යවශ්‍යය. එවිට මහින්ද නැමැති වයෝවෘද්ධ නායකයාටද එමගින් තරමක තිගැස්මක් දැනෙනු ඇත.

 

ඉතිං මේ වේවැල් කසාය එක්කළේ චැනල් 4 පුවත මගිනි.

 

chanel 4 2

 

චැනල් 4 පුවතින් එක්වුනු අළුත් විශේෂ හෙළිදරව්වක් නොවුනා තරම් ය. දන්නා දේ වෙනත් කොලයකින් දවටා යළි  ඉදිරිපත් කර ඇත. නම් කිහිපයක් කිසිදු තර්කයකින් තොරව එක්කර ඇති අතර අදාළ නම් හිමියන්ට තිගැස්මක් පමණක් හිමිකර දී ඇත්තේ වරද නිවැරැද්ද සම්බන්ධ නීතියක් ලොව නොපවත්නා නිසා වන්නට හැකිය.

 

කෙසේ වුවත් වසර 74ක වැරදි තම කරපිටින් උහුලන්නට සිදු වූ ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරම යළිත් ගෝඨාභය වෙත හැරේවීදැයි යමෙකුට බියක් දැනේනම් එයද අසාධාරණ නැත. මෙවන් බියක් වැඩිපුරම දැනෙන්නේත් ඔහුව ගෙදර යැවීමේ ගින්නට මුලින්ම දර කැබැල්ලක් එක් කළ පවුලේම සගයන්ට ද විය හැකිය.

 

chanel 4 4

 

පාස්කු ප්‍රහාරය සහ එහි වින්දිතයෝ ඉතිහාසයට එක්කර ඇති අතර එය නැවත ගොඩගන්නේ දේශපාලන වාසියක් වෙනුවෙන් විතරක්ම බව කතෝලික ප්‍රජාවද දැනගත යුතුම වෙති.

 

මේ තුළින් යළි ගොඩනැගීමට උත්සාහ දරණ සිංහල බෞද්ධ ජාතිවාදය නැමැති රකුසා මෙන්ම අවස්ථාවාදී  දේශපාලනයද තේරුම් ගතයුතු අවස්ථාවකි මෙය.  

 

chanel 4 1

 

 

ස්පාර්ටකස් සාමූහිකය චැනල් 4 පුවත අරභයා කියා ඇත්තේ මෙවන් අදහසකි. ඔවුන්ගේ අදහස තුළද යම් පමණකට රනිල් පොහොට්ටු පූට්ටුව සම්බන්ධ අර්බූධය ගැන නොකියවෙන්නේ ද?

 

 

 

චැනල් 4 සිද්ධිය - ස්පාර්ටකස් ලිපි

 

චැනල් 4 හෙළිදරව්ව බොරුවක් බව කියාපෑමට සිංහල බෞද්ධ ජාතිකවාදීන් ඉදිරිපත්ව ඇත. ඔවුනට අනුව එම සිදුවීම සහරාන් ඇතුළු පිරිසකගේ හුදු ක්‍රියාවක් මිස ඊට සහාය දක්වන ලද, පහසුකම් සපයන ලද හෝ පසුබිම් දේශපාලන සන්ධර්භයක් නොමැත.

චැනල් 4 හෙළිදරව්ව ඉදිරිපත් කරන ආකාරය නිසාවෙන් එය බොරුවක් බව කෙනෙකුට බැලූ බැල්මට පෙනී යයි. ඊට හේතුව වන්නේ රාජපක්ෂලා හට බලය ලබාගැනීම වෙනුවෙන් සහරාන් ඇතුළු පිරිසක් සියදිවි නසා ගනීදෝ යන ප්‍රශ්නය මතුවන බැවිනි (එම කණ්ඩායමේ තිදෙනෙකු ඉංජිනේරුවන් වීමත් එම අදහස තහවුරු කරන විශේෂත්වයකි).

සහරාන් කල්ලිය වැනි දේශපාලන කණ්ඩායම් එවැනි කණ්ඩායම් වලට නොදැනුවත්ව මෙහෙයවීම වැඩිපුරම සිදුකොට ඇත්තේ CIA සංවිධානයයි. තමන්ව මෙහෙයවන්නේ කවුද යන්න එම කණ්ඩායම් අදාළ කාර්ය තුල නොදනී (බොහෝවිට එය සිදුවීමෙන් පසුව ද නොදනී).

සහරාන් ඇතුළු පිරිස බෝම්බ පුපුරවාගෙන මිය ගියෝය. ලෝකයේ එවැනි ක්‍රියා සිදු කිරීම සඳහා සූදානම් වන කල්ලි සිටින බව CIA , Mossad, KGB වැනි සංවිධාන හෝ අදාළ රටේ බුද්ධි අංශ වලට කල්තියා දැනගත හැකිය. එවිට එම සංවිධාන හෝ බුද්ධි අංශ වලට කල හැක්කේ කුමක්ද? විශේෂයෙන්ම පැවති පාලන තන්ත්‍රයකට අදාළ ප්‍රභූ පවුලේ සියලු දෙනා හට නඩු රැසක් වැටී තිබෙන තත්වයක් තුල ඒ තත්වයෙන් නිදහස්වීම සඳහා ඔවුන් ක්‍රියාකරන්නේ කෙසේද (ගොඨා බලයට පැමිණ කල පළමු සහ ප්‍රමුඛ කාර්ය වූයේ සියලු නඩු අවසන් කිරීමයි)? දීර්ග කාලයක් බලයේ සිටීම තුල, එවැනි රෙජීමයකක් වෙනුවෙන් වැඩ කල රාජ්‍ය බලයට අදාළ නිල පොලිස්, හමුදා ඇතුළු අනෙකුත් ක්‍රියාකාරීත්වයන් ද එම නීතිමය තත්වයන්ට කොටු වී ඇති හෝ කොටු වීමට නියමිත සන්ධර්භයක කටයුතු සිදුවිය හැක්කේ කෙසේද?

කෙසේ වෙතත් ලෝකයේ එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ඕනෑ තරම් උදාහරණ ඇත. නමුත් CIA, MOSAD, KGB, RAW වැනි සංවිධාන හෝ එවැනි සිද්ධි වලට සම්බන්ධ අදාළ රාජ්‍ය වල බුද්ධි අංශ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සිංහල බෞද්ධ ජාතිකවාදීන් හට තවමත් රාජපක්ෂ පවුලෙන් තොර පැවැත්මක් නොමැති වීම තේරුම් ගත හැක්කේ කෙසේද? එසේම රාජපක්ෂ පවුල වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පවා පෙනී සිටීමට ඔවුන් පෙළඹීම තේරුම් ගත හැක්කේ කෙසේද?

චැනල් 4 නාලිකාවේ හෙළිදරව්ව කෙතරම් සත්‍ය ද නැද්ද යන්න අදාළ කොට ගැනීම පැත්තක තබා එය එසේ නොවන බව පිළිගන්නා සිංහල බෞද්ධ ජාතිකවාදීන් හට පහත සඳහන් සිනමා කෘතීන් නැරඹිය හැකිය.

 

The Manchurian Candidate (1962)

Three Days of the Condor (1975)

The Parallax View (1974)

JFK (1991)

Enemy of the State (1998)

The Report (2019)

Argo (2012)

Kill the Messenger (2014)

Wag the Dog (1997)

 

එම සියල්ලට වඩා හොඳින් CIA සංවිධානය වැනි සංවිධාන ගැන පෙන්නුම් කරන චිත්‍රපටය වන්නේ රෝමන් පොලන්ස්කිගේ The Ghost Writer චිත්‍රපටයයි.

 

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි