SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්ධන මිළ තව දුරටත් වැඩි වනු ඇත.

ඒක සක්කරයට තබා මහින්ද මහත්තයාගේ පුත්‍රයා ආවත් නවත්තන්න බැරි ලෝක සත්‍යයන්‍ය.

ඉන්ධන මිළ ගැන අනාවැකි ගෙනන ආර්ථික උස්තාද්ලා හා එම ආයතන පවසන්නේ, ලබන අවුරුද්දේ ඉන්ධන මිළ තව දුරටත් වැඩිවෙයි කියලාය.

 

ඒ අනුව තව කොම්පැනි 100 ක් ආවත් අපිට බඩු බනිස්‍ වෙනවාය. ඒ අස්සේ ඔපෙක් එකේ උන් කතා වෙන්නේ තෙල් සැපයුම සීමා කිරීමටය. ඒ උන්ගේ යහපතට හා උන්ගේ අනාගතේ ගැන හිතලාය. මේවා තේරුම් අරගෙන උන්නාම චතුරංග අබේසිංහ වගේ බබෙක් වෙන්නේ නැතිව, පැතුම් කර්නර් වගේ, දෙයක් තේරුම් ගත හැකි එකෙක් සේ, පීචන් නොවී ඉන්නට පුලුවන් වෙනවාය.

 

අපේ උන්ට මෙහෙව් දේට ප්ලෑන් ඇත්තේ නැතිය. මීළඟට ලොකුම ප්‍රශ්ණය වෙන්නේ පානිය ජලයය. තියෙන වතුර ටිකත් වී වවන්න, හිඟන පන් ගොයියන්ට පූජා කොට, කෂ්ටිය වැස්ස වලාහක එනකන් බලාගෙන ඉන්නවාය. ඒ අස්සේ පන් ගොයියන්ට වන්දිත් පූජා කර, අස්වැසුමත් දන් දෙනවාය.

ඇත්තම රටේ ප්‍රශ්ණය වෙන සුදු අලි ගැන වගේ වගක් නැතිව, රැඩිකල් හිකනල්ලු වගේම රනිල් ලොක්කාගෙත් ලොකුම ප්‍රශ්ණය වෙලා තියෙන්නේ, හීලෑ අලියෝය. ජනතාවටත් දැන් සුදු අලි නඩත්තු කිරීම අවුලක් වෙලා නැත්තේය.

 

උන් කියන්නේත්, ඒවායේ ඉන්න උන්ට වැඩි පඩි දෙන්නෙයි කියලාය.

ජොස්තරලාට, ටැක්ස් ගහන්න එපා කියලාය..

පන් ගොයියන්ට, නියං සහනාධාර දෙන්නෙයි කියලාය..

මහපොළ වැඩි කරන්නෙයි කියලාය..

EPF/ ETF පොලියට අත තියන්නෙපා කියලාය..

ඔක්කෝගෙම පඩි වැඩි කරන්නෙයි කියලාය..

බේත් මිළ අඩු කරන්නෙයි කියලාය..

බස් ගාස්තු අඩු කරන්නෙයි කියලාය..

ඉන්ධන, ගෑස් හා බඩු මිළ 2019 ගානට දියව් කියලාය..

ඒ කරලා උන් කියන්නේ, රට මේ තරමින් හෝ ඇදගෙන යන ව්‍යාපාරිකයින්ට හා සමාගම් වලට හමන්නවන්නෙයි කියලාය....

 

එව්වා කරන්න, ආන්ඩුවට තියා විපක්ෂයටත් වේලාවක් ඇත්තේ නැතිය. උන් කරන්නේ හත් පොලේ ගාගෙන නාගන්නා, විශ්වාසභංග ගේන එක හා එන්තරාවාසි යව යවා, උන්ට මේ ලබ්බේ තොවිලේ නටන්න, බලේ දෙන්නෙයි කියලාය.

හැබයි බලේ අරගෙන කරන්නේ කොහොමෙයි කියලා උන් කියන්නේ නැතිය. ඒ පිළිබඳ වැඩපිලිවක් ඇත්තේත් නැතිය. උනුත් කරන්නේ චිත්‍රපටි විචාරකයෝ වගේ විකාර කිය කියා රට වටේ යනේකය. මෝකා ආවත්, ඔය සුදු අලින්ට මෙන්ම දේශපාලකයින්ට කප්පම් ගෙවනා වෙළඳ මාෆියාවන්ට කෙලින්නේ නැතිය.

උදයංග වීරතුංග කියන්නේ, ධම්මික පෙරේරා වැඩිම කප්පම් ගෙවන්නේ, ජෙප්පන්ටයි කියලාය. හැබයි ජෙප්පෝ ඒවාට එන්තරාවාසි නොයවන්නේ, වැඩේ ඇත්ත නිසාය. කප්පම් වසන්ත ඒවායේ හූනියන් නටන්නේ කිසි අවුලක් නැතිවය.

 

මේ රටට අරක්ගත් වෙළඳ මාෆියාවන් තබා, ගිනි මද්දහනේ දෙනෝදාහක් ඉදිරියේ මිනී මරා පැන යන, පාතාල මාෆියාව මැඩ පවත්තන්නවත්, පොලිස් ඇමතියාට හා හාල්පාරු පොලීසියට බැරි වී තිබෙනවාය. උන්, කොටුවේ ඉට්ටේසම ඉස්සරහා හැමදාම පොලිස් කෝලම් පෙන්නනවාය.

 

(බිත්තර මාෆියාවට කෙලියාට, කුකුල් මස් මාෆියාවට අත තියන්න බයය. තණකොල හා කුණු මිළ වැඩි නොවී, බීෆ් හා පෝක් වැඩි වුනේ කෙසේද කියා zoom එකෙන් හෝ මොකෙක් හරි පැහැදිලි කරනවා නම් මාතලන් බොහෝ මනාපයිය)

 

මාතලන් නම් කියන්නේ, දැන් මේක, IMF එකට හෝ ජූලී චන්ග් නෝනාට හෝ මෝදී අයියාට සින්නකරම ලියා දෙනවා නම් අහවරෙයි කියලාය. මොකෝ මේ රටේ උන්ට මේක හදන්න බැරි බවත්, කරන්න බැරි බවත්, හදන්න හෝ කරන්න එකෙක් අනාගතේ හෝ නැති බවත් දැන් ඔප්පු වී හමාරය.

ඒ වගත් මෙසේය.

@Priyantha Hewage Maathalan fb

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි