SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

  • ඊළඟ ඡන්දයේ පොදු හතුරා මාලිමාවයි
  • ජනතාව ඉදිරියේ රෙදි ගලවගත් අය අපට මඩ ගහනවා
  • නායකයෝ නැතුව පොහොට්ටුව දේශපාලන අර්බුදයක
  • අපට දෙන ආරක්ෂාව පොලිසියේ තීරණයක්

 

මේ වෙද්දී ආණ්ඩුවේ කණ්ඩායම් සහ විපක්ෂයේ කණ්ඩායම් අලුත් අලුත් සන්ධාන හදමින් ඉන්නේ. ඔවුන් ඊළඟ පියවරට ළංවෙමින් ඉන්නේ?

රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. ඒ වගේම දේශපාලන අර්බුදයක් නිර්මාණය කරන එක තමයි ඒ අයගේ අරමුණ. අපි ආර්ථික අර්බුදයේ උච්ඡතම අවස්ථාවේ ඉන්නේ. ඒත් මේ වෙද්දි කට්ටිය සූදානම් වෙමින් ඉන්නේ ඊළඟ ජනාධිපතිවරණය සඳහා. ඒක තමා පැහැදිලිවම පේන්නේ. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ ඒක අරමුණු කරගෙන එයාගේ න්‍යාය පත්‍රය හදලා තියෙන්නේ. ඒත් පොහොට්ටුවට ඒ න්‍යාය පත්‍රයේ යන්න බෑ. ඒ අය ඉන්නේ දේශපාලන අර්බුදයක. ඔවුන්ට නායකයෝ නැතිව ඉන්නේ. ඒ නිසා කල්ලි කණ්ඩායම් එකතුවෙලා බලකරලා එක තැනකට ගෙන එමින් ඉන්නවා.

 

කවුද ඒ බලකිරීම සිද්ධ කරන්නේ?

ඒ බලකිරීම සිදුවෙලා තියෙන්නේ ඔවුන්ට විරුද්ධව මාලිමාව ගොඩනැගෙමින් සිටින නිසා. විශේෂයෙන්ම ඊළඟ මැතිවරණයේදී බලවේග දෙකයි තියෙන්නේ. ඒ තමයි මාලිමාව ප්‍රමුඛ කණ්ඩායම සඳහා සහ මාලිමාවට විරුද්ධ කණ්ඩායම හැටියට. ඒ නිසා බොහෝ අයගේ වාමාංශික, ප්‍රගතිශීලි රෙදි ගැලවිලා අද ඔවුන්ට එක කඳවුරකට එන්න වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයේදී පොදු හතුරා වෙන්නේ ජාතික ජන බලවේගය. 

ඔබ ඔහොම කිව්වට මේ ප්‍රධාන පක්ෂ තමයි එකතු වෙන්නේ. ඒ අයගේ ඡන්ද දායකයෝ ඉන්නවා ලක්ෂ 20ට 30ට එහා. ඉතිං ඒ අය එකතු වුණාම ලේසිද මුහුණ දෙන්න ඔබලාට?

නෑ... කොහෙත්ම නෑ. මොකද මාලිමාව හැමදාම දේශපාලනය කළේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ජනතාවගේ උවමනාවන් වෙනුවෙන්. ඒ නිසා කවදාවත් අපිට අභියෝගයක් වෙන්නේ නෑ අනෙක් කිසිම කණ්ඩායමක්. ඒ අයට දැන් අපිව අභියෝගයක් වෙලා නිසයි ඒ අයගේ වේදිකාවල මාලිමාවයි, අනුර කුමාර සහෝදරයාගේ නමයි කියන්නේ.

 

දැන් ඔබලාට චෝදනා එන්න එන්න වැඩියි. අයර්ලන්තයේ ගෙවල් විතරක් නෙමේ දූපතකුත් ගත්තා කියලා දැන් චෝදනා එනවා. කොහෙන්ද මෙච්චර සල්ලි?

මම කලිනුත් කිව්වේ. මාලිමාව නිසා ඒ හැමෝටම එක කඳවුරකට එකතුවෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසයි රෙදි ගැලවිලා තියෙන්නේ. ඉස්සර ගහපු මඩවල නම් පොඩ්ඩක් හරි පදනමක් තිබ්බා. අයර්ලන්ත කතාව ගත්තම අනුර සහෝදරයා අයර්ලන්තයේ ගිහින් හිටියා. බැංකු ගිණුම් සම්බන්ධයෙන් ගත්තම අපිට බැංකු ගිණුමක් තිබ්බා. නමුත් එහෙම නෙමේ දැන් කිසිම පදනමක් නැති ඒවා ගහන්නේ. මම කිව්වේ ඒ අයට එක කඳවුරකට එකතුවෙන්න වෙලා තියෙන්නේ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමේ.

 

මේක බරපතළ චෝදනාවක්. ඔබලා සද්ද නෑ?

නෑ අපි ඒකට එන්තරවාසි යවලා තියෙනවා. දැන් දුමින්ද නාගමුවට පුළුවන් තිස්ස කුට්ටිආරච්චිලා වෙනුවෙන්, සාගර කාරියවසම්ලා වෙනුවෙන් උසාවි ඇවිල්ලා සාක්ෂි දෙන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි එක දෙයක් වගකීමෙන් කියනවා. ඒ එකතුවුණු කණ්ඩායමේ නිරුවත්කම් සමාජයට හෙළිකරනවා.

 

මේ චෝදනා කරන්නෙම ඔබලා එක්ක හිටිය වාමාංශික ව්‍යාපාරයක්?

ඒ අය වාමාංශිකයිද කියන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ අය වාමාංශික නෙමේ. වාමාංශික කියලා පෙනුමක් තිබ්බට වාමාංශික වෙන්න බෑ. ඒකනේ ඒ අයට අපෙන් ගැලවිලා යන්න වුණේ. ඒ ගිහින් අද ඔවුන් ඔවුන්ට ගැලපෙන කණ්ඩායම් එක්ක හිටගෙන ඉන්නවා. මේක අපි සිද්ධියක් හැටියට සලකන්නේ නෑ. මේවා මේ දැවැන්ත වැඩ. මැතිවරණය ළං වෙද්දී තව වැඩිවෙනවා. මම විශ්වාස කරනවා රනිල්ලට, සජිත්ලට, නාමල්ලට, කුමාර් ගුණරත්නම්ලට එකට එකතුවෙලා තමයි මාලිමාවට මුහුණ දෙන්න වෙන්නේ. ඒක ගැන අපිට සතුටුයි. හැමදාම අපේ රටේ මේක තිබ්බේ වෙන සංයුතියකින්. අද හොඳයි. අද ඔක්කොම එක තැනකට ඇවිල්ලා තියෙනවා.

 

අපි දැක්කා සමාජ මාධ්‍යවල අනුර සහෝදරයාට විශේෂ ආරක්ෂාවක් ලබාදෙනවා. ජනාධිපතිවරණයෙදී වගේ. ගොඩක් අය කියලා තිබ්බේ ආණ්ඩුව එක්ක ඩීල් කියලා. ඇත්තටම ඒ ඇයි එහෙම පරීක්ෂාවක්?

ඒක සම්පූර්ණයෙන් වැරදියි. ඒක පොලිස් ආරක්ෂාව. ඒක කරන්නේ පොලීසිය. ඕක අද ඊයේ නෙමේ මැයි දිනේටත් කළා. ජනාධිපතිවරණයෙදීත් කළා. එතකොට සියලු ජනාධිපති අපේක්ෂකයන් ඔක්කොටම ඒ ආරක්ෂාව දුන්නා. අපි නෙමෙයි ඒක තීරණය කරන්නේ. ඒක පොලීසිවලින් තීරණය කරන දෙයක්. අපි ආණ්ඩුවක් ගත්තත් ආරක්ෂාව ගන්න ඕන පොලීසියෙන්.

 

එච්චර ආරක්ෂාවක් තියෙන්නෙ තර්ජන තියෙනවද?

ඇත්තටම අපි ඒ ආරක්ෂාවල් ගැන විශ්වාස කරන්නේ නෑ. ආරක්ෂක අංශ ගැන නෙමේ. මේ ආණ්ඩුවේ ආරක්ෂාව ගැන. ඔහොම ආරක්ෂාව දීලා අපිට විතරක් නෙමෙයි ඇමතිවරුන්ගෙ ජීවිතවලටත් හානිවෙලා තියෙනවා. ඒවා අපි දන්නවා. ඒ වගේම අනුර සහෝදරයා පුද්ගලයෙක් වශයෙන් ආණ්ඩුවට අභියෝගයක් කියලත් අපි දන්නවා.මේ ආරක්ෂව ලබා නොගත්තොත් වෙන්න පුළුවන් දේ ගැනත් අපි දන්නවා. ඒ නිසා මේවා අමුතු දේවල් නෙමෙයි. නායකයෝ ඝාතනය කරපු රටක් මේක. ඒ නිසා අපි ආරක්ෂාව ගැන දන්නවා.

 

අපි දැක්කා ආණ්ඩුවෙන් එන චෝදනාව ඔබලා තමයි රට තුළ ප්‍රශ්න ඇති කරන්නේ කියලා. ඇයි ප්‍රශ්න ඇති කරන්නේ?

දැන් මට කියන්න ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, ලයිට් කැපිලි ඇති කළේ අපිද? රට බංකොලොත් කළේ අපිද? ගන්න පුළුවන් ණය අරගෙන රට හිරකළේ අපිද? ප්‍රශ්න ඇති තරමක් ඇති කළේ අපිද? නෑ ඒ අයමයි. ඒ අයම ප්‍රශ්න හදලා ඒ අයම සාකච්ඡා කරනවා රට ගොඩනගන්න. නිකන් නෙමේ 2048 දිලු. දැන් අපි ඉන්න ඕන ඒ අය කියන දේවල් අහන් කරන සියලු වැරදි බලාගෙන. ඒ වෙනුවෙන් කතාකරන එක තමයි මේ ප්‍රශ්නය. ඒක තමයි අපි රටට විරුද්ධයි කියන්නේ. නෑ මේ සම්පූර්ණයෙන් ඒ අය වහගන්න යන්නේ ඒ අයගේ නොහැකියාව. මම කිව්වේ දැන් හැමදේටම හේතුව මාලිමාව. ඉස්සරහට ඕක වැඩියි.

 

|ගයාන් ගාල්ලගේ

@Deshaya.lk

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි