SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඓතිහාසික රුහුණේ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එකදහස් නමසීය අසූතුන වසරේ (1983) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර ප්‍රධාන සංවිධායක ධූරය හොබවමින්,

එකදහස් නමසීය අසූනවයේ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසි, රට ලෝකයට යාකළ රැඩිකල් මතදාරී මානවීය ගුණාංගයන්ගෙන් පිරි දේශපාලකයෙකි.

ජීවතුන් අතර සිටි මංගලට වඩා විශ්වය අහිමිකරගත් මංගල මේ තරම් ප්‍රභල ඇයි…..?

සැබවින්ම කට ඇති පුතකුත් රුව ඇති දුවකුත් කියන ජනසමාජයේ කියමනම යථාර්ථයක් කළ මංගල තමන්ට නිවැරැදියැයි හැඟෙන මත කෙතරම් ආන්දෝලනාත්ම උවද, එයින් තමාගේ දේශපාලන අනාගතයට බරපතල බලපෑම් එල්ල කළද, පෞද්ගලිකවවන හානියේ දිග පළල පවා මැනවින් අවබෝධ කොට ගත්තා උවද නිර්භයව මත ප්‍රකාශ කිරීමත්, ඒ වෙනුවෙන් තනිව පෙනීසිටීමට, සටන් කිරීමට තරම් නොසැලෙන ගුණයක් ඇති, සැබෑ පෘෂ්ඨ වංශික නායකයෙක් විය.

මංගල ශ්‍රී ලාංකික දේශපාලනයේ රජුන් තනන්නා ලෙස විරුදාවලිය ලත්, දේශපාලකයෙක් ලෙස දේශපාලනය කළාවක් බවත්, ඒ තුළින් ගෝලීයකරණය වෙමින් පවතින ලෝකයට සමගාමීව නිදහසේ මානව පැවත්ම ගලායන්නට, මහජනතාව නිදහස් චින්තකයන්, මතදරන්නන්, ජීවිතය විඳින මිනිසුන් බවට පරිවර්තනය කිරීමට සක්‍රීය වෙනසක් වෙනුවෙන් නොපසුබටව කැපවූ අසහාය දේශපාලකයෙකි. සැබෑ දේශප්‍රේමියෙකි.

ඔහු විසින් දිගින් දිගටම ප්‍රකාශ කළ මත, උපකල්පන, ඉදිරිපත් කිරීම් නාඩි වාක්‍ය මෙන් පසුගිය කාළය පුරාවට එකින් එක සත්‍ය වෙමින් ජනතාව මත, අනේ මංගල අද හිටියානම් කියන තත්වයටම, මංගලගේ අනාගත කියවීම් ඉතා නිර්මාණශීල, තාත්වික මෙන්ම ප්‍රායෝගික දැක්මවල් ලෙස ඉතිහාසය නිවැරැදි කරමින් ඇත.

සැබෑ දේශප්‍රේමයට මංගල තැනූ රැඩිකල් මැද මාවතේ ඔබත් පියනගන්නෙක් ද..?

මංගලට, ඔහුගේ අවසාන කාළය ගැන යම් හැඟීමක් දැනීමක් තිබුණ බව ඔහුගේ අනාගත කියවීම නිසාම විය හැක්කකි……. කෙසේ නමුත් අනාගත තරුණ්‍යට සැබවින්ම ආදරය කළ මංගල, අපේ රටට අම්මට වගේ නොව දරුවට වගේ සලකන්න කියමින් ජනතා ආකල්ප තුළ දැවැන්ත හැරවුමක් සනිටුහන් කරමින් ඇතිකළ ඉමක් නොපෙනෙන මහා දැවැන්ත වේදිකාව, උතුරා යන සැබෑ දේශප්‍රේමීන් වෙනුවෙන්ම වෙන්කොට තබා ගැනීමට අපි සැම වගබලාගත යුතුය…….එය අපේ වේදිකාව නිසාවෙන් එය ආරක්ෂාකොට අනාගත පරපුරට එය ප්‍රධානය කළ යුතුව ඇත….

 

නොමියෙන මංගල වෙනුවෙන් මාතරයන්, මාතර බෝධිය අසලට……..!

ආදරණීය මංගලව සිහිපත් කරන්න. හෙට හවස බෝධිය ලඟට එන්න

 

WhatsApp Image 2023 08 22 at 05.21.33 1

 

හිටපු විදේශ අමාත්‍ය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර දැයෙන් සමුගෙන එලැඹෙන අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.

ඒ නිමිත්තෙන් විශේෂ බෝධි පුජාවක් හා ධර්ම දේශනයක් අගෝස්තු 23 රාත්‍රි 7ට මාතර බෝ සමිදුන් සෙවනේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එහිදී විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ වජිරාරාම විහාරවාසී මීගොඩ පූජ්‍ය සුඛිත ස්වාමීන්වහන්සේ විසිනි. ( මේ සටහන මංගල මිතුරකු වූ ලන්ඩන් නුවර තිලාන් ජයසේකරගේ ෆේස්බුක් පිටුව විසින් කළ ආරාධනාවක් )

 

මිනිසාට, රටට විශේෂයෙන්ම ඓතිහාසික රුහුණට පෙම් බැදි ආදරණීය මංගල නැවතත් දකින්න ඔබත් මාතර බෝධිය අසලට පැමිණෙන්න…….. මංගල වගේ සිතන්න…… අපේ රටට මංගල අවැසිම මොහොතක, මංගල පෙන්වූ අඩිපාරේ ගමන් කරමින් සැබෑ දේශප්‍රේමී පුරවැසියන් ලෙස අපේ ආකල්ප නව වෙනසකට පරිවර්තනය කරමින් මංගල දකිමු……..

 

@ සුමුදු මද්දුමආරච්චි.

මිලානෝ,

ඉතාලිය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි