SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සංඝ නායක 68 හැවිරිදි නාඔටුන්නේ විජිත, සිවුරු දරාගෙන, දායකයන් පිරිවරා ගෙන මෙල්බර්න් හි අධිකරණයකට පැමිණියේය.

ඔහුට දැනටමත් 1996 සිට 2004 දක්වා කාලය තුල වයස 16 අඩු දැරියන් අපයෝජනය කිරීම ගැන චෝදනා 13 ක සැකකරු වි සිටී. විජිත ඇප පිට මුදා ලූ අධිකරණය නැවත නොවැම්බර් 10 වෙනිදා යළි පෙනී සිටීමට නියෝග කළේය.

 

වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය ගොණු කළ පැමිණිල්ල අනුව එහි ලිංගික අපරාධ මර්ධන රහස් පොලිසිය, සංඝ නායක නාඔටුන්නට විරුද්ධව කෙරුණු පරීක්ෂණ අනුව ඔහු තමා ප්‍රධානාචාර්ය තනතුරු දැරු දහම් පාසල්වලට පැමිණි දරියන් කලක් තිස්සේම මෙසේ අපයෝජනයට ලක් කර ඇත. මේ සතියේ දී පමණක් ඔහුට විරුද්ධව තවත් පැමිණිළිකරුවෝ තුන් දෙනෙක් ඉදිරිපත් වූහ.

 

මේ ලිංගික අපරාධකරුගේ විශේෂත්වය ඔහු කීස්බරෝ ‘දහම් සරණ’ විහාරයේ දායකදායිකාවන් පිරිවරාගෙන ස්වකීය චෝදනාවලට මුහුන දීමට අධිකරණය පැමිණීමය.

 

australia 2

 

 

නාඔටුන්නේ විජිත, 1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණියේය. ඒ ස්ප්‍රිංවේල් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ නේවාසික භික්ෂුව ලෙස ආගමික සේවවන් සැපයීමටය. 2001 දී ඔහු නව විහාරයක් කිස්බරෝහි ‘දහම් සරණ’ විහාරය තනාගෙන එහි පදිංචියට ගියේය. එහි විහාරාධිපති මෙන්ම දහම් පාසලේ ප්‍රධාන ආචාර්යවරයා වූයේ ද විජිතය. බුද්ධාගම හා සිංහල භාෂාව උගැන්මට දරුවෝ 300 පමණ විහාරයට පැමිණෙති. ඔහු අපයෝජනය කළේ මෙසේ දහම් පාසල් පැමිණි දරුවන්‍ ය. මේ ලිංගික අපයෝජනයන් ස සඳහා නාඔටුන්නේ විජිත රෝස පැහති මකනය හා විනිවිද පෙනෙන ප්ලාස්ටික් අඩි රූල ඇතුළු පාසල් උපකරණ භාවිතා කර ඇති බව අධිකරණ ලේඛනවලින් පෙනේ. මීට වසර කීපයකට උඩ දී ඔහුගේ ආගමික හා සමාජ සේවාව අගයමින් රාමඥ්ඥ මහ නිකාය ඕස්ට්‍රේලියාවේ සංඝ නායක ධූරය ඔහුට පිරිණැමුවේය.

 

 

බෞද්ධ භික්ෂුන් ලිංගික අපරාධවල බියක් නොදක්වන්නේ ඔවුන් අපරාධකට සැකකරු වුවත් වැරදිකරු වුවත් මව් රටේ දී සමාජ ගර්හාවට ලක් නොවෙන නිසාය. සමාජ ගෞරවයේ අඩුවක් ඇති නොවෙන නිසාය. ඔහු සිවුරෙන් ඉවත් කිරීමට භික්ෂු සමාජයේ හෝ ගිහි සමාජයේ පැහැදිලි ක්‍රමවේදයක් නොමැති නිසාය.

 

 

මීට පෙර ලන්ඩන් බෞද්ධ විහාරයේ දී ළමා අපයෝජනය නිසා පහළගම සෝමරතන වසර 06 සිර දඬුවමක් නියම කළ බ්‍රිතාන්‍ය අධිකරණය ඔහුට ජිවිත කාලයම ළමුන් සමඟ වැඩ කිරීම [ළමා කාම අපරාධකරු] තහනම් කළේය. බ්‍රිතාන්‍ය සිරගෙයින් නිදහස් වූ වහාම සෝමරතන මව් රටට පැමිණ ගම්පහ පහළගම පංසලක නායකයා පමනක් නොව පිරිවෙනක හා දහම් පාසලක ප්‍රධාන ආචාර්වරයා හැටියට “අලුත් ජිවිතයක්” පටන් ගත්තේය.

 

ඕස්ට්‍රේලියාවේ සංඝ නායක නාඔටුන්නේ විජිත ඔස්ස්ට්‍රේලියාවේ අධිකරනයෙන් වැරදිකරු වූවත් නිවැරදිකරු වුවත් යලි මව් රටට පැමිණි විට ඔහු ගුවන්තොටේ දීම යළිත් “මහ නායක” ඔටුන්න පළඳවා රථ පෙරහැරකින් මාතර, නාඔටුන්නට වඩම්මන බව නම් නිසැකය.

@Nandana Weerarathne

18/08/2023

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි