SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

X කණ්ඩායම ආරම්භ කල කාලයේ පටන්ම (සැබවින්ම ඊට පෙර සිටම) එහි බලාපොරොත්තුව වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වනු දැකීමය.

X කණ්ඩායම විසින් සිදු කල ප්‍රධානතම කාර්ය වූයේ අල්තුෂර්, ලකාන්, ශිෂැක්, වැනි අය රනිල් වික්‍රමසිංහගේ UNP ව්‍යාපෘතියට ගැලැප්පවීමට උත්සාහ දැරීමයි. දැන් සිහිනය සැබෑ වී ඇත.

 

මේ වන විට රනිල් වික්‍රමසිංහ තම සුපුරුදු මාවතේම ගමන් කරමින් සිටී. ගෙවීමට ඇති ණය සහ පොලී වාරික ඔහු මෙවර කල්දමා ගත්තේ නිල වශයෙන්ම සිදුකරන ලද ණය ප්‍රතිව්‍යුහගතකරණ තුලිනි. ඉන් පසු අදාළ මූල්‍ය ආයතන වලින්ම ඉදිරි අවුරුදු තුන සඳහා පමණක් ඩොලර් බිලියන 25ක ණය ලබා ගැනීමට සූදානම් වේ. මේ වන විටත් ඔහු විසින් ලබාගෙන ඇති ණය සමග ඉදිරි අවුරුදු තුන සඳහා 2022 වසරින් පසුව පමණක් ලබා ගන්නා ණය ප්‍රමාණය ඒ අනුව ඩොලර් බිලියන 30කට පමණ ආසන්න වීමට නියමිතව ඇත.

 

රනිල් මෙසේ පවසයි:

 

07 The night 01

 

"මේ රට බංකොළොත් වූ රටක්. නමුත් වත්මන් රජයට හැකියාව ලැබී තිබෙනවා මේ ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යාමට. ණය ප්‍රශස්තකරණ කටයුතු අප සිදු කරගෙන යනවා. පසුගිය දිනවල මෙරටට පැමිණි නායකයන් සමඟ මම ඒ පිළිබඳව සාකච්ඡා කළා. ණය ප්‍රශස්තකරණයෙන් පසු අපට ගෙවීමට තිබෙන ණය මුදල් නොගෙවා සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එහිදී සිදු වන්නේ අපට එම ණය ගෙවීමට වැඩිදුර කාලයක් ලැබීම පමණයි. එපමණක් නොවෙයි, අපට අවශ්‍ය භාණ්ඩ ආනයනයට ද ණය මුදල් ගැනීමට සිදු වෙනවා. ඉතින් එම ණය මුදල් ගෙවන මාර්ගයක් ද තිබිය යුතුයි. දැන් තිබෙන සාම්ප්‍රදායික ආර්ථිකයෙන් එය සිදු කළ නොහැකියි. ඒ නිසා අප ඉතා තරඟකාරී අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි.

මේ ගෙන යන වැඩපිළිවෙළ අප නතර කරන්නේ පාර්ලිමේන්තුව දැනුම් දුන්නොත් පමණයි. නැත්නම් අප එය ඉදිරියට ගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් හැර වෙන් කිසිවෙකුගෙන් අපට උපදෙස් හෝ නියෝග ලබා ගන්න බැහැ. ඒ නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා කියලා මම මේ කුඩා පක්ෂවලට කියනවා.

ඒ වගේම සියලුදෙනා එක් වෙලා මේ රට ඉදිරියට ගෙන යා යුතුයි. පැරණි දේශපාලනයෙන් මේ රට දියුණු කරන්න බැහැ. නැවත පැරණි දේශපාලනය ගෙනත් මේ රට නැති කරන්න මම ඉඩ දෙන්නේ නැහැ. මේ රට දියුණු රටක් බවට පත් කිරීමේ වගකීම මම භාරගත්තා. ඒ වගකීම මම ඉෂ්ඨ කරනවා. එම වැඩකටයුතුවලදී මම පාර්ලිමේන්තුව සමග කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ ණය ප්‍රශස්තකරණයේ දී අප වගකියන්නේ පාර්ලිමේන්තුවට පමණයි. අප සියලුදෙනා එකතුවෙලා මෙම කටයුතු සාර්ථක කර ගනිමු."

 

අද රජය විසින් අද වන විට රජය විසින් කරගෙන යන වැඩකටයුතු අඩාල වුවොත් සතියක් ඇතුලත බැංකු පද්ධතිය කඩා වැටෙන බව අද රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇත.

 

ඔහු විසින් එහිදී පවසන වැදගත්ම කාරණය වන්නේ වෙනත් කිසිඳු දේශපාලනයකට පැමිණීමට ඔහු විසින් ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීමයි. පසුගිය කාලයේ රාජපක්ෂලාට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය කරගසාගෙන ගිය සියලු දෙනා රනිල්ගේ ඕනෑම කටයුත්තකට එකඟය. එසේම ඔවුන් පසු පස ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටි බටහිර රටවල් සියල්ල ද නිහඬය. ඒ අනුව පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනුම ධනවාදයම බව සහ ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වීම යනු ධනවාදයේ පිළිවෙල හෝ ධනවාදයට අවශ්‍ය තත්වය කෙසේ හෝ නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම බවය.

 

රනිල්ගේ මාමා විසින් 1948 වසරේ නිදහස් ලංකාවේ ප්‍රථම මුදල් ඇමතිවරයා ලෙස සහ ඉන් පසුව ද 1978 වසරේදී ජනාධිපති ලෙස පත්වී රනිල් අද දකිනා සිහිනය සැබෑ කොට ගැනීමට කෙතරම් උත්සාහ දැරුව ද මිනිස් ජීවිත වඩ වඩාත් කාලකන්නිකරණයට පත්කරමින් අසහනකාරීතත්වය වැඩි කිරීමට සමත් වූවා මිස වෙන කල දෙයක් නොමැත. රනිල් විසින් 2002 වසරේ සිට දෙවරක් උත්සාහ දැරුවේ "Regaining Sri Lanka" වැඩපිළිවෙල ක්‍රියාවට නැගීමටයි. නමුත් මේ වන තෙක් ඔහුට එය සාර්ථක කොට ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඔහු මෙවර ද කැට තබා ප්‍රකාශ කරනුයේ මේ රට "දියුණු-සංවර්ධිත" සුරපුරයක් බවට පත්කරන බවය. පැය 18ක් වැඩ කිරීමට, නොනිදා වැඩ කිරීමට, ලංකාවේ මිනිසුන් සූදානම් වුව ද ලංකාවට ආයෝජකයින් ගෙන්වා ගත හැකි බවට විශ්වාසයක් නොමැත. ජපානය, දකුණු කොරියාව, සිංගපූරුව, මැලේසියාව හැර වෙනත් කිසිඳු උදාහරණයක් රනිල්ට හෝ ඔහු අදහන්නන් හට නොමැත. එකී රටවල් හතර "දියණු"-"සංවර්ධිත" රටවල් බවට පත්වූයේ (ඇත්තටම ඛේදාන්තික-අසහනකාරී මිනිසුන් සිටිනා රටවල් බවට පත්වූයේ) ඔය කියන අකාරයට නම් නොවේ. ඒවා සම්පූර්ණ ලෙසම බටහිර ඔවුමනාවට ගොඩනංවන ලද රටවල් හතරකි. ප්‍රාග්ධනය පොම්ප කිරීම, තාක්ෂනය ලබා දීම, ඇතුළු සියලු ඇප උපකාර කරමින් ඒවා ගොඩනංවන ලද අකාරය ගැන ඕනෑම අයෙකුට සොයා දැනගත හැකිය.

 

ාෑචඒයස බැඅ

 

ITN පත්තර සාකච්ඡාව ඇතැම් වාම මීමුන් විසින් ජනප්‍රිය කිරීමට උත්සාහ දරයි. එහි ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කරනුයේ එම රූපවාහිනී චැනලයට ඔලුව දමා ගත හැකි වූ Athulasiri Samarakoon නමැත්තෙකි. එසේම ඔහු සමග කටයුතු කරනා මෑතකදී ජනප්‍රිය වූ මැණිකේ කෙනෙකු සහ එම මැණිකේ පසු පස යන නමක් හදා ගැනීමට වෙහෙසෙන දර්ශන නමැති කොලුවෙකු ද ඒ සඳහා දඟලමින් සිටින බව පෙනේ. Dhamma Dissanayake නැවතත් බැසිල් සමග එකතු වීමට යන බවක් පෙනෙනුයේ ඔහු දීප්ති කුමාර ගැන යොදා තිබූ සටහනක් නිසාය.

දීප්ති තමන් ශාස්තෘවරයෙකු ලෙස සිතමින් සැමවිටම අගසව් දෙදෙනෙකු තබා ගැනීමට පුරුදු වී සිටි අතර මෙවර ඔහුට සැරියුත් කෙනෙකු නොමැති වුව ද හපුගොඩ නමැති මුගලන් කෙනෙකු හමු වී ඇත (සැරියුත් බවට පත්කොට ගැනීම සඳහා අශෝක හඳගම හොඳටම සුදුසු වන බැවින් ඒ පිළිබඳව Sudarshana Gunawardanaට සලකා බැලිය හැකිය).

ශාස්තෘ දීප්තිට සහ අගසව් මුගලන්ට අනුව ලංකාව ඇමරිකාවක් බවට පත්කොට ගැනීම සඳහා වූ "LONDON ශිෂ්ටත්වයේ සිහිනය" දැන් සැබෑ වීමට ආසන්නය. මුගලන්ට අනුව යහපාලන ව්‍යාපෘතිය ඔවුන්ගේය (එය අසාර්ථක වූයේ මෛත්‍රී නිසාය). මුගලන් මෙසේ පවසයි: "වේගයෙන් රැකියාවක්, වේගවත් ලිංගිකත්වය, වේගවත් යාන-වාහන, වේගවත් ශෝපින් මෝල්ස්"... "පලවෙනි ලෝකය ඉක්මනටම ඕන... අපේ සිහිනයත් ඒක"... එවිට දීප්ති බුදුන් පවසන්නේ "ඇමෙරිකාව මෙහාට ගේන්න ඕන" කියාය (ඔවුනට අනුව ඕනෑම රටකට ඇමරිකාව විය හැකිය).

මුගලන් අමනයාට අනුව දීප්තිගේ LONDON සිහිනය මේ පරම්පරාව ලබාගෙන ඇත්තේ දීප්ති හරහා නොවූව ද දැන් ඔවුනට දීප්ති අභිමුඛ වේ. අමනයාගේ කතාව මරු කතාවකි. ඊට අනුව Samantha Bandaraලාගේ X ව්‍යාපෘතිය ජනගත වී නොමැති වුවද X ව්‍යාපෘතියේ සිහිනය දරාගත් තරුණ පරපුරක් බිහිව ඇත. එනම් එම තරුණ පරපුර බිහි කොට ඇත්තේ වෙනත් බලවේගයක් විසිනි (එම අදහසට අනුව X ව්‍යාපෘතිය කල මගුලක් නොමැත). එම බලවේගය පිළිබඳව අප ඕනෑ තරම් ලියා ඇත. ඒ අනුව අපට පැවසිය හැක්කේ X ව්‍යාපෘතියට කිසි දෙයක් කල නොහැකි වුව ද එම බලවේගය සහ X ව්‍යාපෘතිය සමපාත බවය. අමන මුගලන්ට අනුව දීප්ති ඔවුනට (නව පරපුරට) අභිමුඛ වන්නේ දැන්ය. අමනයා වෙතින් සත්‍යක් ප්‍රකාශ වේ. එනම් වත්මන් තරුණ පරපුර ගෝඨාභය පත්කොට ගත්තේ ඇමරිකාව ලංකාවට ගෙන ඒම සඳහා බවය (එය දීප්ති විසින් ද තහවරු කරයි). දැන් එය ගෝඨාභයගෙන් ඉෂ්ට සිද්ධ නොවූ බැවින් එම තරුණ පරපුර විසින්ම රනිල් ජනාධිපතිකොටගෙන තිබේ. එය සැබෑය. එම තත්වයට රැවටුනේ ගෝල්ෆේස් විශ්ව විද්‍යාල දැමූ Nirmal Dewasiriලාය.

ඒ අනුව ලාංකීය ධනවාදය ඉදිරියට ගෙනයාමට සුදුස්සා ලෙස 1994 කාලයේ සිටම දීප්තිලා විසින් පිළිගත් පුද්ගලයා අද අධිබලැති විධායක ජනාධිපති වරයා ලෙස පත්ව ඇත. ඔහුට ඇති බලය සහ ජනතා අවනතභාවය (මේ වන විට ඇති) වෙන කිසිම ජනාධිපතිවරයෙකු සතු නොවුනි. රනිල් මේ වන විට එතරම්ම බලගතුය. කෙසේ වුවද ඇමරිකාව ප්‍රමුඛ බටහිර දේශපාලන ව්‍යාපෘතියක උපක්‍රමික මැදිහත්වීමක ප්‍රාග්ධන පොම්පකරණයක් නොමැති වුවහොත් ආයෝජකයින් ගෙන්වා ගැනීමට සිතනා රනිල් කල්ලියේ සිහිනය මෙවර ද බොඳ වනු ඇත. නමුත් නැවුම් වනාන්තර භූමි ලබා ගැනීමට හැකි තත්වයක් තුල අවුරුදු පහ හයකට වගා ව්‍යාපෘති සඳහා පැමිණෙන සමාගම් පමණක් ආයෝජන සඳහා උනන්දු වනු ඇත. ඒ අනුව රනිල් ව්‍යාපෘතියේ ප්‍රධානතම ඉලක්කය වනු ඇත්තේ වනාන්තර ඉඩම් වගාවන් සඳහා කුණු කොල්ලයට බදු දීම සඳහා උත්සාහ ගැනීමයි. ඊට අමතරව ජාතික භෞතික සැලැස්ම ක්‍රියාත්මක කිරීම තුලින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම කල හැකිය. ජාතික භෞතික සැලසුමට අනුව ඉතිරි වන සෑම වනාන්තරයක්ම මැදින් මාර්ග ඉදිකිරීමට නියමිතය.

 @spartacus lipi