SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ෂුහාදා දාවිත්

ෂනෙයිඩ් ඕ කොනර් අන්තිම කාලේ මුස්ලිම් ආගමට හැරුණා. නම වෙනස් කළා ෂුහාදා දාවිත් කියලා. ඊට කලින් අයර්ලන්තේ මූලධර්මවාදී ක්‍රිස්තියානි පල්ලියෙන් ඒ අම්මණ්ඩිව පූජකයෙක් ලෙසත් බෞතිස්ම කළා. සැටඩේ නයිට් ලයිව් ප්‍රහසන එපියක් අතරතුර පාප්ගේ පින්තූරයක් ඉරලා රැකේ පුඩිකල් ඇක්ට් එකක් දැම්මට ෂනෙයිඩ් කියන්නේ අන්තිම වර්ගවාදී ආගම්වාදී ජාතිවාදී මළහෝන්තුවක්.

 

ෂුහාදා දාවිත් වගේ තමයි මේ රටේ සහ වෙනත් ඕනෑම රටක ඉන්න ඔය ඊනියා රැඩිකල් කලාකරුවන්. තනිකර කන්ෆියුස්ඩ් බයිපෝලාර් ෆේක් ජීවිත. ෂුහාදා දාවිත් හතර පාරක් කසාද බැඳලා තියෙනවා. හතරම ෆේල්. ෂනෙයිඩ්ගේ ලොකු පුතා වයස අවුරුදු 17 දී සියදිවි නසාගන්නවා. එහෙම අය තමයි ලෝකය හදන හැටි ගැන අපට බන කියන්නේ. ලංකාවෙත් ඉන්න ඔය ජාතියේ රැඩිකල් කලාකරුවන් උන්ගේ අසාර්ථක ජීවිත යූටියුබ් කරලා අපිට හෙන දාර්ශනික උපදෙස් දෙනවා. අනේ නිකං ප්ලෑන් බං යන්න!

 

කලාකරුවන් කියන්නේ එන්ටර්ටේනර්ස්ලා විතරයි. ඔවුන් සපයන එන්ටර්ටේන්මන්ට් එකට මිනිස්සු සල්ලි ගෙවනවා. විනෝදයට අත්පුඩි ගහනකොට අර කලාකරුවන් හිතනවා ඔවුන් ඒ මිනිස්සුන්ට වඩා උසස් කියලා. ඔවුන් විශේෂයි කියලා. ඒක හරිම සෙල්ෆ් සෙන්ටර්ඩ් ගෝඩ් කම්ප්ලේක්ස් එකක්. අන්තිම අධිපතිවාදී අහංකාර මනෝභාවයක්.

 

වෙන එකක් තියා උන් හිතනවා උන් කුඩා කාලේ විඳපු දුක් කම්කටොළු පවා හරිම විශේෂයි කියලා. උන්ට අමතක වෙනවා මේ ලෝකේ සියලුම මිනිස්සු ඒ දුක් විඳිනවා කියලා. ෂනෙයිඩ් කුඩා කාලේ එයාට ගහලා බැනලා තියෙන්නේ එයාගේ අම්මා. අම්මගෙන් ගුටි කාපු එක තමයි එයා ලොකුවට කියවන්නේ. හරියට මේ ලෝකේ වෙන කිසිම මිනිහෙක් දෙමව්පියන්ගෙන් බැනුම් අහලා ගුටි කාලා නැහැ වගේ. ලංකාවෙත් ඉන්නවා ඒ වගේ තමන්ගේ දික්කසාදය පවා හරිම සුවිශේෂියි කියලා ලොවෙත් නැති දාර්ශනික විචාර දෙන කලාකරුවන්. හරියට මේ ලෝකේ දික්කසාද වුණ පළවෙනි කෙනා එයා වගේ. මළ සමයං.

 

නිර්මාල් දේවසිරි සිංහල බෞද්ධයන්ගෙන් පළිගන්නේ එයා විශ්වවිද්‍යාලෙ යන කාලේ නලින් ද සිල්වා එයාව බුලී කරපු නිසාලු… ඔහ් ප්ලීස්… ග්‍රෝව් ද ෆක් අප් නිර්මාල්. ඔන්න ඔය විදිහේ ඉතාම නොවැදගත් හේතුවක් හදාගෙන සමාජයත් එක්ක ඇරියර්ස් එකෙන් ඉන්න අතදරුවන් තමයි මේ සිස්ටම් චේන්ජ් කරන්න කතා කරන්නේ. ඉස්ලාම් ආගමට හැරිලා හිස ආවරණය කරගත්ත ෂනෙයිඩ් ඕ කොනර් මුස්ලිම් නොවන අන්‍යාගමිකයන් “ඩිස්ගස්ටින්” කියලා ප්‍රසිද්ධියේ බනිනවා. වැඩේ වැරදුනාම පස්සේ සමාව ඉල්ලනවා. අර එක අරගල අම්මණ්ඩි කෙනෙක් කිව්වේ “හිත රිදුනා නම් සමාවෙන්න” කියලා…

 

ෂනෙයිඩ් එක පාරක් කියනවා "එයා ලෙස්බියන්" කියලා. ඊට පස්සේ කියනවා "එයා ලෙස්බියන් නෙවෙයි" කියලා… ඔය රැඩිකල් කියලා ඕවර් ඇක්ටින් දාන කලාකරුවන්ටත් ඔය වගේ ලිංගික අනන්‍යතා අර්බුද තියෙනවා. ලිංගික විතරක් නෙවෙයි ෂනෙයිඩ් ඕ කොනර්ට වගේ ආගමික අනන්‍යතා අර්බුදත් තියෙනවා. නිරාගමික කියලා කියන ගමන් බුදුන්වහන්සේට අපහාස කරලා ජේසුගේ ගුණ කියනවා.

 

සමාජයක් පවත්වාගන්න තමයි සංස්කෘතියක් හදාගන්නේ. සංස්කෘතිය තමයි සමාජයක පැවැත්ම. සංස්කෘතියක් නැතුව සමාජයකට පවතින්න බැහැ. තමන් කිසියම් සංස්කෘතියකට එරෙහි වෙනවා කියන්නෙම තවත් කුමන හෝ සංස්කෘතියක එල්ලෙනවා කියන එකයි. රෝමානු කතෝලික පල්ලියේ ආධිපත්‍යයට අභියෝග කළ ෂනෙයිඩ් ඕ කොනර් අන්තිමට ෂුහාදා දාවිත් වෙලා ඉස්ලාම් පල්ලියේ ආධිපත්‍යයේ එල්ලෙනවා. හැබැයි එයා හැමදාම රෙකොර්ඩ් විකිණුවේ “ෂනෙයිඩ් ඕ කොනර්” නමින්. උන්ගේ විප්ලවය අන්න ඒ වගේ තනිකර බොරුවක්. කාගෙහරි හිත රිදුනා නම් සමාවෙන්න. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2023 අගෝස්තු 1

නවතම ලිපි