SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Sudarshana Gunawardana/Deepthi Kumara Gunaratne

 

මේ දවස් වල X කණ්ඩායමේ හිටපු අය, X කණ්ඩායමේ දේවල් වන්දනාමාන කරපු අය, X කණ්ඩායමට යම් කැමැත්තක් හෝ අකමැත්තක් තිබූ අය, වාමාංශික කොටස් දීප්ති ගැන කතා කරනවා.

ඒ කතා කරන දේවල් වලින් හැඟවෙන, ඒ කතා තුල අඩංගු මහා පොදු අන්තර්ගතය තමයි දීප්ති සතුව යම් වටිනාකමක් තියනවා කියන එක. ඇත්තටම ඒ වටිනා කම තමයි ඒ කතා කරන අය තුලම ඇති ධනවාදය සඳහා වන කැමැත්ත.

 

දීප්ති ප්‍රමුඛ X කණ්ඩායම තුලින් සමාජ ගත කෙරුණේ ධනවාදය නිවැරදිව ක්‍රියාත්මක විය යුතුයි-ලංකාවේ ඒක එහෙම නැහැ-ලංකාව පසුගාමියි-මේ පසුගාමීත්වයෙන් මිදිය යුතුයි-ඒ සඳහා සුදුසුම පාලනය රනිල් ප්‍රමුඛ UNPයයි යන ස්ථාවරය-අපි නැවත LONDON නිරුක්තිය සොයා යා යුතුයි... යන්නයි.

 

ප්‍රධාන වශයෙන්ම ෆූකෝ, ඩෙරීඩ, ෆ්‍රොයිඩ්, ලැකාන්, ශිෂැක් වැනි අයගේ ලේඛන උඩින් පල්ලෙන් කියවා තමන්ට අවශ්‍ය පරිදි වටහාගෙන, එම නම්, වචන හරහා ට්‍රොස්කිවාදී සුපුරුදු වාමාංශික ස්ථාවරය ප්‍රකාශමාන වීම තමයි ඇත්තටම සිද්ධ උනේ. ඒ නිසා තමයි NSSP එකෙන් විශාල පිරිසක් X කණ්ඩායම වෙත සංක්‍රමණය උනේ. ලිංගික සබන්ධතා පිලිබඳ ප්‍රශ්න, මූල්‍ය ගනු දෙනු වැනි කාරණා නිසා ඇති වූ ප්‍රශ්න හේතුවෙන් ඒ අය යම් විරසකභාවයන්ට පත්ව තිබුන ද අදටත් ඒ සියලු දෙනාම පාහේ පොදුවේ X කණ්ඩායමේ ස්ථාවරය පිළිගනී.

 

තමන් හට කෙතරම් කතා කියා තිබුන ද සුදර්ශන ගුණවර්ධන නැවතත් දීප්ති පිළිගන්නේ එබැවිනි. එසේම අද දීප්තිට විරුද්ධ X කණ්ඩායමේ සිටි අය ඔහුව විවේචනය කල ද ඔවුන්ගේ සැබෑ දේශපාලන ස්ථාවරය වන්නේ දීප්තිගේ ස්ථාවරයමය. දීප්ති විවේචනය නොකරමින් දීප්තිගේ ස්ථාවරය අදටත් තහවුරු කරන හොඳම ප්‍රකාශනය ඇත්තේ මහේෂ් හපුගොඩ නැමැත්තා තුල පමණි. ඔහු අදටත් ෆ්‍රොයිඩ්, ලැකාන් ගෙනහැර දක්වමින් UNP-රනිල් ව්‍යාපෘතිය වෙනුවෙන් හොඳින්ම පෙනී සිටී.

 

දීප්ති විවේචනය කරනා පැරණි X සාමාජිකයින් සහ වාමාංශිකයන් දීප්තිට වඩා දස දහස් ගුණයක් පාහර තක්කඩීන්ය. වැරදි වටහා ගැනීම්, අඩුපාඩු රැසක් තිබුනා වුව ද දීප්ති විසින් යම් ආරම්භයක් ලබා ගත්තේය. ඔහු දැන් ආර්ථික වශයෙන් අසරණව ඇත. එබැවින් ඔහු මේ වනවිට සිදුකරමින් සිටිනුයේ තමන්ව විකුණා දැමීමයි. එය එසේ බව පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඔහුට තව දුරටත් වටිනාකමක් දීමට යන්නේ තමන් තුල ඇති දීප්තිගේ ගොඩනැංවීම්වලට ඇති ඔවුන්ගේ පැහැදිලි කැමැත්ත නිසාවෙනි.

 

දීප්තිගේ විවේචකයින් වෙතින් පැමිණෙන්නේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට එරෙහි වීමක් නොවේ (ඔහුගේ පොත්, ලේඛන ප්‍රශ්න කිරීම් ද ඇතුලුව). විවේචකයින්ගේ ප්‍රශ්නය වී ඇත්තේ දීප්තිගේ වත්මන් ක්‍රියාව හරහා දීප්තිගේ දේශපාලන ස්ථාවරයට කැළැල් වේය යන බියයි. දීප්ති අවසන්ව ඇති බව දීප්ති විසින් තේරුම්ගෙන තිබුන ද විවේචක ආදරවන්තයින් සහ ආදරවන්තියන් එය තේරුම්ගෙන නොමැත. ඔවුන් එය ඉදිරියේදී ද තේරුම් නොගනු ඇත. ඒ ඔවුන් තවමත් X කණ්ඩායමේ පසු වන බැවිනි.

 

එබැවින් අපට දීප්ති සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙපමණකි.

කරුණාකර ඔහුට ඉඩ දෙන්න. මෙසේ මුදල් උපයා ගැනීම සඳහා ඔහුට වැඩි කාලයක් නොමැත. ඊට ඉඩ දී පාඩුවේ ඉන්න.

 

@මාධව රුවන්පතිරණ

 

පසු සටහන:

මෙහි දක්වා ඇති වීඩියෝව තුලින් දීප්තිගේ විවේචකයින් පෙන්වීමට උත්සාහ දරනුයේ 2020දී දීප්ති සහ 2023දී දීප්ති අතර පරස්පර විරෝධයක් ඇති බව ය. නමුත් ඒවායේ කිසිදු පරස්පරතාවයක් නොමැත. ඔහු කියන්නේ එකම කතාවකි. ඔහු අදටත් සිටිනුයේ මට ඔහු හමු වන විට (1994දී) සිටි ස්ථාවරයේමය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි