SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ දේශපාලනය කරන හැම පක්ෂයක්ම වැඩ කරේ ජනතාව මෝඩයෝ කියලා හිතාගෙන. ඒකෙ ඇත්තක් නැතුවම නෙවෙයි.

අද මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයට රට ඇදලා දාන්න දේශපාලකයින්ට පුළුවන් උනේ ජනතාවගේ මෝඩකම් හින්දම තමා.

දැන් විපක්ෂ දේශපාලකයින් ණය ප්‍රතිව්‍යුහගතකරණය ට විරුද්ධ වන්නැයි ජනතාවට කියන්නේ හරියට වෙන කරන්ඩ දෙයක් තියෙනවා වගේ. කවුරු බලයට ආවත් අරන් තියෙන ණය ගෙවන්න වෙනවා. අපි ලෝකෙ චන්ඩි රාජ්‍යයක් නෙවෙයිනේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණය කියන්නේ ,සරලව, ගෙවා ගන්න බැරි ණය ගෙවා ගන්න පුළුවන් විදිහට ගෙවීමේ කාලය දික් කරන්න, එහෙම නැත්නම් පොලී අඩු කරන්න කියලා ණය හිමියන්ගෙන් ඉල්ලා සිටීම වගේ දෙයක්. අපි, අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්ඩ ඉස්සර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියලා අපට ණය දුන්න විදේශීය කට්ටිය රජයෙන් ඉල්ලා හිටිනවා. ඒ, ඒ අයගේ ණය ගෙවීමට අපේ කැපවීම පිළිබඳව සහතිකයක් ගන්න.

ලංකාවේ රජයට විශාල වශයෙන් ණය දීලා තියෙන එක අරමුදලක් තමයි සේවක අර්ථසාධක අරමුදල (EPF). ඒ කියන්නේ මේ රටේ වැඩ කරන මිනිසුන් විශ්‍රාම යනකොට ගන්න ඉතිරි කරලා තියෙන සල්ලි. ඒක ලොකු අරමුදලක්. ගිය අවුරුද්දෙ අන්තිම වෙනකොට EPF එකේ රුපියල්‍ ට්‍රිලියන 3.5 විතර තිබුණා. මේ සල්ලි වලින් සියයට දහයක් විතර තමයි share market එක වගේ අවදානම් ආයෝජන වල යොදවන්න පුළුවන්. වැඩිපුරම සල්ලි යොදවන්නේ භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වල ආයෝජනයට. භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් කියන්නේ රජය, මිනිස්සුන්ගෙන් ණයට ගන්න ණය උපකරණ. මේවායින් ලැබෙන පොලිය තමයි සාමාජිකයින්ට ප්‍රතිලාභ හැටියට ලැබෙන්නේ.

රට ආයෙත් සංවර්ධනයේ ගමන් මගට වැටෙනවා කියන්නෙ රටේ පොලී අනුපාත සහ උද්ධමනය 10% ට වත් අඩු අගයකට වැටෙනවා කියන එකයි. (හරි නම් ඒවා සියයට පහට විතර බහින්ඩ ඕන). අවුරුදු තුනක් යනකල් EPF එකට පොලිය 9% + ගානෙ ගෙවන්න ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ රජය පොරොන්දු වෙනවා කියන්නේ පවතින අර්බුදය තුළ වාසි සහගත තත්වයක්. මොන දේශපාලන පක්ෂය බලයට ආවත් මීට වඩා වාසි සහගත තත්ත්වයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා මං නං විශ්වාස කරන්නෙ නෑ.

 

කුම්බලා මාළු කාපු පූසන් වන අපිට විඳවනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අපි ආවොත් මෙහෙමයි කරන්නේ කියලා කියන කාටත් කරන්න ඇති දෙයක් නැහැ.

@Asoka Handagama

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි