SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පනුකරඳ ගස අතුරුදහන් කිරීම ගැන මේ දිනවල බොහෝ දෙනෙකු කතා කරති. ‍

ඉන් බොහෝ දෙනෙකු දේවානි ජයතිලකට ඔච්චම් කරමින් රනිල්ගේ හැකියාව සහ දැනුම ගැන උදම් අනති.

"Regaining Sri Lanka" වැඩ පිළිවෙල ආරම්භ කරන ලද්දේ 2002 වසරේදීය. එකල මහින්ද විජේසේකර සිටියේ UNP ආන්ඩුවේය. ඔහුගේ මැදිහත්වීමෙන් මාතර කොටුව ඇතුලේ පිහිටි වසර 500කටත් වඩා පැරණි අති විශාල නුග ගසක් (වටප්‍රමාණය සාමාන්‍යයෙන් අඩි 35ක් 40ක් පමණ) එක් රාත්‍රියකින් අතුරුදහන් කරනු ලැබූයේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස සිටි එම සමයේදීය.

"Regaining Sri Lanka" වැඩපිළිවෙල නැවත ක්‍රියාත්මක කිරීමට නියමිතය. රනිල්ට ඒ සඳහා වෙන කවරදාකවත් නොතිබූ බලයක් ලැබී ඇත. එම බලය ලබා දුන්නේ ගෝල්ෆේස් අරගලය විසිනි. ලංකාව තුල 'ධනවාදී කතිකාව' පෘතුල ලෙස සාධාරණීකරණය කරන ලද්දේ එම අරගලය විසිනි. ඒ අර්ථයෙන් එය සුවිශේෂී සන්ධිස්ථානයකි. එය එසේ සිදුවන බව අප එකල කොතෙකුත් විවිධාකාරයෙන් ප්‍රකාශ කල ද වාමාංශික තකතීරුවන්හට වැදගත් වූයේ තම පුද්ගල අනන්‍යතාවය පිළිබඳව කටයුතු පමණි. එයින්ම පෙනී යන්නේ ගෝල්ෆේස් අරගලය යනු එවැනි දේට ඉඩකඩ සාදා දුන් ආකෘතියක් සහිත තත්වයක් ලෙසය (නමුත් මැයි 9 ප්‍රහාරය එසේ නොවේ).

ප්‍රේමදාසගේ ගම් උදාව නරඹන්නට යන්නාක් මෙන් රටේ සෑම ප්‍රදේශයකම සිට පවුල් පිටින් දිනපතා ගෝල්ෆේස් අරගල භූමියට පිරිස් පැමිණියේ එහි තිබූ සංදර්ශන සිරිය හේතුවෙනි. සංදර්ශන පමණක් නොව, කෑම-බීම, ලිංගික කටයුතු, විශ්ව විද්‍යාල, පුස්තකාල, සංවාද මණ්ඩප, ප්‍රදර්ශන කුටි, විදුලි ආලෝක වර්ණවත් කිරීම් ඇතුළු සියල්ල එහි තිබුණි. ජවිපෙ සිට අප සමග එකතු වූ අයට ද පුදුමාකාර අමාරුවක් ඇති වූයේ එම සංදර්ශන සිරිය දැකීමෙනි. එපමණක් නොව අප ගෝල්ෆේස් අරගලය විවේචනය කළේයැයි පවසමින් අප හට පහරදීම වැනි ක්‍රියා සඳහා ද සැලසුම් සකස් කරන ලදී (ඒවායේ ප්‍රමුඛත්වය ගෙන තිබුනේ විවිධාකාර අමුතු කතා පවසමින්, විශේෂයෙන්ම හිටපු මෝඩ ජවිපෙ සාමාජිකයින් කුල්මත් කිරීමට සමත් සයිකෝසිකයෙකු විසිනි).

"Regaining Sri Lanka" වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනීවාර්ය කොන්දේසියක් වන්නේ පවතින වන ගහනය දුරු කොට දැමිය යුතු වීමයි. එනම් අනීවාර්ය ලෙසම පවතින කැලෑ බිම් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් අඩු කල යුතුව ඇත (අප මේ පිළිබඳව විස්තරාත්මකව මීට පෙර කිහිප විටක්ම පැහැදිලි කොට ඇත). එසේ නොකොට එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කල නොහැකිය. එවැනි ඕනෑම වැඩපිළිවෙලක් දැන් රනිල්හට ක්‍රියාත්මක කල හැක්කේ ඒ සඳහා පූර්ණ බලයක් ගෝල්ෆේස් අරගලය තුලින් ඔහු වෙත ලැබී ඇති හෙයිනි. එපමණක් නොව පොහොට්ටුවාදීන්ගේ ශක්තියද ඔහු සතුය.

ගෝල්ෆේස් අරගලය වෙත පුක උඩ දාගෙන ගිය වම්මුන්ගේ මුඛ මේ වන විට පූට්ටු වී ඇත. අප සමග සිටින අය තේරුම්ගත යුත්තේ අධ්‍යතන වාමාංශිකන් යනු දේශපාලනිකව අපට කිසිසේත්ම ආසන්න පිරිසක් නොවන බවය. එබැවින් ඔවුන් සමග පයුරුපාසානයක් අපට අවශ්‍යම නැත.

@ස්පාටකස් ලිපි

 spartacus lipi

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි