SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ඔතෑනි ලෙඩ ගැහැණුන්ගේ ගැහැණුකම" යනුවෙන් චින්තන ධර්මදාස මේ කියන්නේ කුමක්ද?

කාන්තාවන්ගේ යට ඇඳුම හාස්‍යයට ලක්කරමින් පිරිමියාට වඩා කාන්තාව පහත් කරමින් සිය පුරුෂාධිපත්‍යය පෙන්වන්නට ගොස් අරගලයේ කාන්තාවන්ගේ විරෝධයට ලක් වූ චින්තන ධර්මදාස නැවතත් මේ ආකාරයට ගැහැණියගේ ගැහැණුකම පිළිබඳව කිසියම් අවඥයාසහගත ස්ටීරියෝටයිප් කිරීමක් කරන්නේ ඇයි?

 

ගැහැණියක් "ඔතෑනි" වීම "ලෙඩක්" ලෙස නිර්ණය කිරීමට පිරිමියෙකු වන චින්තන පෙළඹෙන්නේ ඔහුගේ ධනවාදී කාම ව්‍යාපෘතිය විසින් කාන්තාව නොද ඔතෑනි වෙළඳපොළ භාණ්ඩයක් බවට පත්කරවිය යුතු නිසාද? චින්තන ධර්මදාසට අනුව "ඔතෑනි" ගැහැණිය "ලෙඩ ගැහැණියකි". එය එක් ගැහැණියකට පමණක් නොව "ගැහැණුකම" පිළිබඳ නිර්ණායකයක් ලෙස චින්තන ධර්මදාස මෙහිදී භාවිතා කරන්නේ "ගැහැණියක් නම් ඔහු කියන ආකාරයට විය යුතුය" වැනි ආධිපත්‍යයකින් නොවේද?

 

nathasha chintha ginige

 

නොඑසේ නම් චින්තන ධර්මදාස මේ විහිළුවට ගන්න කියන්නේ "සිංහල බෞද්ධ ගැහැණිය"ද? "ලෙඩ ගැහැණුන්" ලෙස චින්තන ධර්මදාස මෙහි අපහාසයට ලක්කරන්නේ එක් ගැහැණියක් නොව සමස්ත ගැහැණු ප්‍රජාවකි. එය ලිංගවාදී ජාතිවාදී ආගම්වාදී ප්‍රකාශයකි.

 

ගැහැණුන්ගේ "ඔතෑනිකම" "ලෙඩක්" ලෙස දක්වමින් ඒ හේතුවෙන් එම ගැහැණුන්ගේ "ගැහැණුකම" විහිළුවට ලක්කිරීම කාන්තා හිංසනයකි. චින්තන ධර්මදාස මෙහිදී කරන්නේ ඇතැම් පිරිමින් විසින් අහිංසක කාන්තාවන් බුලී කරමින් ඔවුන්ගේ ඔතෑනිකම නැතිකිරීමට අර අඳින්නාක් වැනි අපචාරමය ක්‍රියාවක් නොවේද?

 

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ලිංගික නිදහස ගැන අපට බන කියන චින්තන ධර්මදාස වැනි ඊනියා ලිබරල් ප්‍රකාශකයන් "ගැහැණුකම" පිළිබඳව නිර්ණායක ඉදිරිපත් කරමින් "ගැහැණිය නම් මේ ආකාරයෙන් විය යුතුය" යනුවෙන් මෑන්ස්ප්ලේනින් කිරීමයි. නතාෂා වෙනුවෙන් ඉදිරිපත් වන්නේ චින්තන ධර්මදාස වැන්නවුන් වීමම නපුරු විහිළුවකි. අපට අමුතුවෙන් කියන්නට දෙයක් ඔහු ඉතිරි කර නැත. ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ (බොදුසිහ)

2023 ජූලි 6

නවතම ලිපි