SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඉතිහාසයේ පළමුවරට අන්තර්ජාතික ක්‍රිකට් සභා (ICC) එක්දින පිතිකාරියන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.

ප්‍රසාද ලකුණු 758ක් හිමිකරගනිමින් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයට පත්වීමට ඇයට අවස්ථාව උදා වී ඇත්තේ නවසීලන්තයට එරෙහිව ඊයේ (03) අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වීමත් සමගය.

chamari 2

එහිදී ඇය පළමු තරගයේදී නොදැවී ලකුණු 108ක් සහ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 140ක් රැස් කළාය.

ඕස්ට්‍රේලියානු පිතිකාරී බේත් මූනි ප්‍රසාද ලකුණු 754ක් ලබා දෙවැනි ස්ථානයේද දකුණු අප්‍රිකානු පිතිකාරී ලයුරි වොල්වර්ඩ්ට් ප්‍රසාද ලකුණු 732ක් සමගින් තෙවැනි ස්ථානයේද පසුවෙති.

 

chamari 3

33 වැනි වියෙහි පසුවන චමරි මේ වනවිට එක්දින ජාත්‍යන්තර තරග 95කදී ශතක 08ක් සහ අර්ධ ශතක 15ක් සමගින් ලකුණු 3,199ක් රැස්කරගෙන වර්තමාන ලෝක කාන්තා ක්‍රිකට් පිටියේ පිතිකාරියන් අතර පෙරමුණේ සිටින්නීය.

 

 

chamari 4

 

chamari 5

South Africa's Marizanne Kapp (R) celebrates after the dismissal of Sri Lanka's Chamari Athapaththu (L) during the Group A T20 women's World Cup cricket match between South Africa and Sri Lanka at Newlands Stadium in Cape Town on February 10, 2023. (Photo by Marco Longari / AFP) (Photo by MARCO LONGARI/AFP via Getty Images)

නවතම ලිපි