SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්ට සහ රනිල්ගේ පූර්වජයින් හට සැම දා තිබු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ නම්බුකාරීත්වය පිළිබඳව ප්‍රශ්නයයි. ඔවුනට අවශ්‍ය නම්බුකාරීත්වයයි.

එම නම්බුකාරී උරුමයේ නිරුක්තිය ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය තුලයි. රනිල් හට බ්‍රිතාන්‍යයයන් මුණගැසෙන මුණගැසෙන වාරයක් පාසා ඔහුට හැඟෙනු ඇත්තේ "තමුසෙලට තාමත් දියණු වෙන්න බැරි උනා නේද" යනුවෙන් තම සුදු ස්වාමීන් විසින් ඔහුගෙන් අසන ලෙසය (ප්‍රභූත්වයේ නියම උරුමක්කරුවා තමන් ලෙස රනිල් සැමවිටම සිතයි).

 

ranil haamu

 

දියුණුව, සංවර්ධිත බව, නම්බුකාරීත්වය මනිනු ලබන ප්‍රධාන සාධකය වන්නේ අදාළ රට අනෙකුත් රටවල්වලට සාපේක්ෂව කොතරම් පාරිභෝජන මට්ටමක සිටීද යන්නයි. එසේම රටේ වාහන ප්‍රමාණය, මහා මාර්ග සහ අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ප්‍රමාණය මෙන්ම බලශක්ති පාරිභෝජනය, සුවිසල් ගොඩනැගිලි සහ ඒවායේ අලංකාරීත්වය, නොනවතින දැවැන්ත ඉදිකිරීම් ක්ෂේත්‍රය, තරඟකාරී අධ්‍යාපනය වැනි දේය. නමුත් ජාතියක් ලෙස අනන්‍යතාවය රඳවාගත හැක්කේ එකී සියල්ල එම රටට අනන්‍ය වූ ජාතිකත්වය සමග මුසුවීම තුලය. එනම් "ජාතික රාජ්‍යය" ලෙස නම්බුකාරීත්වය ගොඩනැගෙනුයේ "ඓතිහාසික උරුමයන්", ආගම, සාම්ප්‍රදායිකත්වය (විශේෂිත ආහාර, සිරිත් විරිත්, වර්ණ, සුවඳ, වැනි දේ) "ඓතිහාසික ශ්‍රී විභූතියේ" අඛ්‍යානයක් සමගින් ඉහත කී දේවල් ව්‍යුහගත වීම තුලය. මෙම නම්බුකාරීත්වය පිළිබඳව උන්මාදය මේ ආකාරයෙන් ඇරැඹෙන්නේ 1977න් පසුවය. එය 2005 රාජපක්ෂ ආණ්ඩුව තුලින් තීව්ර වන්නේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව උදා වූ "ආසියාවේ ආශ්චර්යය" තුලිනි.

 

රනිල්වාදීන් සහ සිංහල බෞද්ධ ජාතිකත්වවාදීන් බොහෝ දෙනෙකු සිතනුයේ රනිල් යනු ජාතිකත්ව උරුමය හැර දමා බටහිර ක්‍රිස්තියානි සම්ප්‍රදාය තුලින් ගමන්කරන්නෙකු ලෙසත් රාජපක්ෂලා එසේ නොවන බවත්ය. නමුත් රාජපක්ෂලාට හෝ රනිල්හට එය කල නොහැකිය. ඒ ජාතික අනන්‍යතාවය නොමැතිව අදාළ නම්බුවෙන් වැඩක් නැති වන බැවින් සහ අනෙකුත් ජාතීන් අතර අනන්‍යතා වෙනස සලකුණු නොවන බැවිනි.

 

මෙම නම්බුකාරීත්වය වෙනුවෙන් කරන අරගලයේදී සැබවින්ම සිදු වන්නේ මහා පරිමාණයෙන් පරිසරය විනාශ වීම, නැවත හැරවිය නොහැකි ලෙස ආහාර, ජලය, වාතය වස වීම, විපරීතභාවයේ විවිධත්වය ඉහල යාම, පන්ති විෂමතාවය නඩත්තු වීම (ඒවා අතර පාරිභෝජන අනන්‍යතා සකස් වනුයේ ක්‍රමයෙන් පහලම පන්තීන්හටද රෝද හතරේ වාහනයක් හිමි කොට ගත හැකි වන විට ඉහලම පන්තීන්හට හෙලිකොප්ටර් තිබීම වැනි ලෙසය) වැනි විනාෂකාරීත්වයන්ය. නමුත් ඒවා එසේ වීම ප්‍රභූ තන්ත්‍රයේ නම්බුකාරීත්වයට අදාළ නොවේ.

 

මේ පිළිබඳව වැඩි දුර අවබෝධය සඳහා මේ සබැඳියට යන්න: http://www.spartacus.lk/%e0%b6%b4%e0%b7%8a%e0%b6%bb.../2022/

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි