SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඩොලරයේ අගය අඩු වුණත් බඩු මිල අඩු නොවන්නේ ඇයි? ඊනියා අරගලය කළ මහා ආර්ථික ඔස්තාර්ලා කීවේ වෙළඳපොළට නිදහසේ භාණ්ඩ මිල තීරණය කරන්නට දෙන්න කියාය.

ඉල්ලුම සහ සැපයුම අනුව භාණ්ඩ මිල තීරණය වෙනු ඇත කියාය. ආණ්ඩුව මැදිහත් වී පාලන මිල ගණන් දාන්න එපා කියාය. ඉතින් දැන් කරලා තියෙන්නේ ඒක තමයි… නමුත් බඩු මිල එහෙම අඩු වෙන්නේ නැහැ නේද ගොයියො! මෙන්න මේකයි වෙන්නේ…

 

ඔය භාණ්ඩ මිල කීය වුණත් ඒ මිල ගෙවලා ගන්න පුළුවන් ධනවත් පාරිභෝගිකයන් පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ නිසා වෙළඳුන්ට පාඩුවක් නැහැ. ඉතින් තමන්ම හිතලා මිල අඩු කරන්න ඔවුන්ට අමාරුවක් නැහැ. ඔන්න ඒ ගණන්වලට බඩු ගන්න කවුරුවත් නැත්තන් ඔවුන්ට සිද්ධ වෙනවා මිල අඩු කරන්න. නමුත් එහෙම වෙන්නේ නැහැ නේද? අර ආර්ථික ඔස්තාර්ලා දැන් ඇවිල්ලා එක එක බයිලා ගැහුවට ඕක තමයි සරල ඇත්ත.

 

එතකොට දුප්පත් මිනිහට මොකද වෙන්නේ? එයාට හුළං. ඒ දුප්පත් මිනිස්සු ගැන හිතලා තමයි ආණ්ඩුව භාණ්ඩ සඳහා මිලක් දැම්මේ. අරගලකාරයෝ එහෙම කරන්න එපා කිව්වනේ. ඉතින් දැන් සැපයි නේද දරුවනේ… අරගලය කළේ ඔන්න ඔය ටික කරගන්න තමයි. විශේෂයෙන් කියන්ට ඕනා මේ අවස්ථාව උදා කරලා දුන්න රසික ජයකොඩි, ධනනාත් ප්‍රනාන්දු, රොහාන් සමරජීව, මංජු නිශ්ශංක, හර්ෂ ද සිල්වා, සිමා කොලිපයිඩ් රැට්ටා ආදී ආර්ථික ඔස්තාර්ලාට ඔබගේ ප්‍රණාමය පුද කරන්න කියලා…

සල්ලි තියෙන මිනිහට දැන් තමන් පොහොසත් කියන උජාරුව තියෙනවා. පේනවා නේද දැන් ඒ සල්ලිකාරයෝ ලෝකෙට පේන්න පාටි දාලා ට්‍රිප් ගිහිල්ලා පවුලයි යාළුවොයි එක්ක ෆුල් ජොලියෙන් ඉන්න වීඩියෝ පින්තූර දානවා! නිර්මාල් දේවසිරි දැන් ආයෙත් සූම් එකේ ඉතිහාසය ගැන විවාද කරනවා. ෂෝක් නේද! ඒ කියන්නේ උන්ට ඔය මිල කීය වුණත් අවුලක් නැහැ මචංලා. උන් අරගලය කළේ ඕං ඔය ටික කරගන්න තමයි. සිස්ටම් චේන්ජ්! ධර්මය අපට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2023 ජූනි 19

නවතම ලිපි