SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"ගෝටා පැනලා ගිහින් ඇමතිලා විසිවෙලා ගෙවල් ගිණි තියලා පාරට බහින්න බැරුව හැංගිලා පුංචි කාර් වෑන් කටු වලින් රැවුල් වවාගෙන වේස නිරූපන දාගෙන හිටපු පොහොට්ටුවො

ජනාධිපතිට පිංසිද්ද වෙන්න එළියට බැහැලා දැන් චැලෙන්ජ් කරනවා" රංගෙ බංඩාර පසුගියදා මාධ්‍ය හමුවේ දී තිබු ප්‍රකාශයක් ලුණු ඇඔුල් වැඩියෙන් දමා කී අයුරු අශෝක ජයතුංග ජනපති e කොළමේ ලියා ඇත.

 

"පාර්ලිමේන්තුවෙ දි පනතක යෝජනාවකට පොහොට්ටු සහාය නොදුන්නොත් මොකද කරන්නෙ. විසුරවලා අලුත් ආණ්ඩුවක් ආවොත් සුහදව ජනාධිපති එක්ක වැඩ කරන්න සූදානම් කියල කිරිඇල්ල කියල තිබුණා" එහිදී මාධ්‍යකරුවෙකු මතක් කර ඇති බව සඳහන්ය.


"පාර්ලිමේන්තුව අවුල් කළොත් කිරිඇල්ල කියපු වැඩේ හැර වෙන විකල්ප නෑ" රනිල් කීවේ සැහැල්ලුවෙනි. ඔරුවේ ඔිනෑම පිටක් ඔහුට ගැටලුවක් නොවන බව ද අගවමිනි.

 

ඇත්තකි. බලය ඇති විට රනිල් සිටින්නේ අතිශය සැහැල්ලුවෙනි. ඒ සැහැල්ලුව වැඩිකමම බලය හෑල්ලු වීමට පෙරකල නම් ලොකු කාලයක් ගත නොවිනි. එහෙත් මෙදා සිටින්නේ 70 වසරක් ඉක්මවා දේශපාලනය තුළ ඇටුවම් බැහැපු නායකයෙකි. එහෙයින් බෝලය තමන් පසට වැටෙන තුරු ඔහු කල් යල් බලමින් සිටින්නේය. දැන් ආණ්ඩුව පාලනය කළහැකි මැතිවරණ බෝලය තමන් සතුය. පිතිකරු විකට්ටුව ඔිපන් කර බලාසිටින්නේ කව්රුන්  හෝ බෝලයෙන් දමා ගසාවීදැයි විමසිල්ලෙනි. කව්රු කෙසේ කවදා බෝලය දැම්මද පිතිකරුට ඉදිරිපසට පැන වැරෙන් පහර එල්ල කරන්නට චාන්ස් වැඩිය. මේ පිතිකරුට දැන් බෝලර්ස්ලා මෙන්ම පිතිකරුවන්ද මාරු කර මැච් එක ගසන්නට හැකි  අවස්ථාව  පැහැදිලිය.

 

මෙය බැසිල් රාජපක්ෂ මැනවින් දන්නේය. ඔහු කිසිදා බෝලයක් තබා  පිත්තක් වත් ඔසවා නැත. එහෙත් විකට්ටුවෙන් පමණක් නොව සීමාවෙන් එපිට සිට මැච් එක පාලනය කළේ ඔහුය. එහෙත් දැන් ඒ පාලනය ඔහු අතින් ගිලිහී අවසානය. සමහර පිතිකරුවන් සේම බෝලර්ස්ලාද තම පාලනයෙන් ගිලිහී අපරික්ෂාකාරී පහරවල් සහ බෝල දමන්නට පටන්ගෙන ඇත. කඩිනමින් මෙය ඩ්‍රෝ කර නොගත්තේනම් මහ මැතිවරණයකට යෑමේ ඉඩකඩ දැන් ලොක්කා අත සුරැකිව රැඳී ඇති බව ඔහු දන්නේය. එහෙයින් රනිල් හමුවේ තමා ඇතුළු පක්ෂයේ පූර්ණ සහාය ලබාදෙන බව පොරොන්දු වෙමින් හැරෙන තැපෑලෙන් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක් පොහොට්ටු දිස්ත්‍රික් නායකයින්ට දෙන්නේය. මේ දෙබිඩි ක්‍රීඩා විලාශයන් ‌දෙස ලොක්කා බලා හිඳින්නේ සිනහමුසු මුවිනි. මේවා හරහා තම අතේ ඇඟිලි ගණනකට පමණක් සිටින හිතවතුන්ගේ ශ්‍රී මුඛයන් හරහා මාධ්‍ය හමු තබමින්  අදාළ තර්ජනයන් පාස් කරන්නේය.

 

දැන් මහා මැතිවරණයකට යෑමට ගියහොත් පොදුජන පෙරමුණට වැ‌ලේ වැල් නැතිවන බව අනීවාර්යයකි. ඇපත් නැතිවන්නේය. බැසිල් උන්නැහේට නම් නැවතත් ඇමරිකාවට යෑ හැකිය. එහෙත් ඉතිරි කස්ටියට යන්නට වෙන්නේ රයිගමය. නිකං නොවේය හූ පාරක්ද කාගනිමිනි. එතෙක් ලොකු සීන් දැමිය හැකිය. මේ උන්දැලට නම් යස වැඩේය. ඒත් බෝලර්ස්ලා මෙන්ම පිතිකරුවන්ද සිහිතබා ගත යුතුය. ඔිනෑම මැච් එකක් ඩ්‍රෝ වෙන්නෙ ලකුණු ලබාගැනීම, නොගැනීම මතම නොවේය. මොරසූරන වැස්සකටද, බෝවෙන රෝගයකටද, හොර රහසේ විකිණෙන ආත්මයකටද මැච් එකකට වගකිව හැක. ඉතිහාසය එසේය. ඉතිං වර්තමානය ගැන කවර කතාද?  

නවතම ලිපි