SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

In this photo released by Colombia's Armed Forces Press Office, soldiers and Indigenous men tend to the four Indigenous brothers who were missing after a deadly plane crash,

in the Solano jungle, Caqueta state, Colombia, Friday, June 9, 2023. Colombian President Gustavo Petro said Friday that authorities found alive the four children who survived a small plane crash 40 days ago and had been the subject of an intense search in the Amazon jungle that held Colombians on edge. (Colombia's Armed Force Press Office via AP)

ඡායාරූපය: දරුවන් සහ ඔවුන් සොයා ගෙන ආවතේව කරන හමුදා කණ්ඩායම

 

සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ.

ඇමසන් වනාන්තරයේ සති හයකට ආසන්න කාලයක් දිවි ගලවා ගැනීමට සමත් වූ ලාබාල කොලොම්බියානු සහෝදර සහෝදරියන් හතර දෙනාගේ මව ඔවුන්ගේ ගුවන් යානය කඩා වැටී දින හතරක් ජීවිතය සමඟ පොර බදා තිබේ.

බැරිම තැන ඔවුන්ගේ දිවි ගලවා ගැනීමේ බලාපොරොත්තුවෙන් තම දරුවන්ට මරණාසන්න තමා හැර යන ලෙස ඇයැද තිබේ. ඇය, මැග්ඩලීනා මුකුටුයි අනතුරෙන් දිවි ගලවා ගත් නමුත් දින හතරකට පසු ලද තුවාල වලින් මිය ගොස් තිබේ.

එම දරුවන්ගේ විඳ දරා ගැනීමේ විස්මිත වික්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු දැන් අනාවරණය වී තිබේ. වයස අවුරුදු 13, 11 , 04 සහ මාස 11ක් වූ මෙම දරුවන් සිව්දෙනා මාසයකට වැඩි කාලයක් එනම් දින 40ක් ජීවත්වූයේ මදුරුවන්, ඇනකොන්ඩාවන්, සර්පයින් සහ ජගුවරයින් පිරි වනයකය.

ඔවුන් අතර වැඩිමලී වූයේ 13 හැවිරිදි ලෙස්ලිය.

 

colombia 3

 

හුයිටෝටෝ නම් ආදිවාසී ප්‍රජාවේ සාමාජිකයින් වන මෙම සහෝදර සහෝදරියන් සොයා ගන්නා ලද්දේ හමුදා නිල සුනඛයෙකු විසිනි.

මෙම දරුවන් හතර දෙනා ඔවුන්ගේ මව සමඟ Araracuara නම් ඇමසෝන් ගම්මානයේ සිට San José del Guaviare දක්වා ගමන් කරමින් සිටියදී ඔවුන් ගමන් කළ සෙස්නා ගුවන් යානය පසුගිය මැයි 1 වන දින අලුයම යාන්ත්‍රික දෝෂයක් වාර්තා කිරීමෙන් වනයට කඩා වැටුණි.

එම සහෝදර සහෝදරියන් දිවි රැක ගෙන ඇත්තේ ෆාරිනා නොහොත් මඤ්ඤොක්කා පිටි ආහාරයට ගැනීමෙන් සහ වැසි වනාන්තරවල පලතුරු පිළිබඳ ඔවුන්ගේ දැනුම භාවිතා කිරීමෙනි.

ගුවන් යානය කඩා වැටුන පසු, ඔවුන් සුන්බුන් අතර තිබූ ෆරීනා පැකට් එක් කර ගෙන තිබේ.

ෆරීනා අවසන් වූ පසු, ඔවුන් ගස්වල ඇට කෑමට පටන් ගත් බව ඔවුන් සිය මාමා කෙනෙකුට පවසා ඇත. ලෙස්ලි සිය මව ඇයට ලබා දී තිබූ වැසි වනාන්තරය පිළිබඳ දැනුම උපයෝගී කර ගනිමින් සිය ලාබාල සහෝදර සහෝදරියන් සුරක්ෂිතව තබා ගනිමින් පෝෂණය කර තිබේ.

 

four colombiian children 1

ඡායාරූපය: 11 මසක් වයසැති බාල නැගනියට දියර පෙවීමට යොදා ගෙන අතහැර දමා තිබියදී සෝදිසි කණ්ඩායමට හමු වූ කිරි බෝතලය

 

ඇය මාස 11ක් පමණක් වූ සිය නැගැනිය කරින් ගෙන යන්නට ඇති බවත්, ඇයට දියර වර්ග පොවන්නට ඇති බවත් සිතනු ලැබේ.

මාධ්‍ය වාර්තා කරන්නේ එම දරුවන්ගේ ජීවිත බේරා ගත්තේ ලෙස්ලි ගේ අධිෂ්ඨානය සහ වනය පිළිබඳ දැනුම විසින් බවයි. ආදිවාසි ජනයාගේ සම්ප්‍රදායික ජීවන නිපුණතා නොවන්නට ඔවුනට දිවි පවත්වා ගැනීමට නොලැබෙනු ඇත.

මෙය එරට කැලෑවන්හි පළතුරු පූදින කාලය වීම ද ඔවුන්ගේ වාසියට හිටියේය. එබැවින් කැමට පලතුරු සොයා ගැනීම අතිදුෂ්කර නොවීය.

ගවේෂණ කණ්ඩායමක් විසින් යානය කඩා වැටී දෙසතියකට පසු, මැයි 16 වන දින වැසි වනාන්තරයේ ඝන පෙදෙසකින් යානයේ සුන් බුන් සොයා ගත්හ. එහි වැඩිහිටියන් තිදෙනාගේ සිරුරු ද වූ නමුත් ළමයින්ගේ කිසිදු සළකුණක් නොවීය.

දරුවන් ජීවතුන් අතර සිටිය හැකි බව දැනගත් කොලොම්බියානු හමුදාව සෙවීම වේගවත් කළ අතර මීදුම පිරි ඝන කැලෑ පෙදෙසකට සුනඛයන් සමඟ සොල්දාදුවන් 150 දෙනෙකු ගුවනින් යවන ලදී. දුසිම් ගණනක් ආදිවාසීහු ස්වේච්ඡා වෙන්ම සෙවීමට එක් වූහ.

ළමයින්ගේ දිවි පවත්වා ගෙන යාමට උදව් වෙතැයි සිතා හෙලිකොප්ටර්වලින් ගිය සොල්දාදුවෝ කෑම පෙට්ටි කැලයට අත හැරියහ. ප්‍රදේශයට ඉහළින් පියාසර කරන ගුවන් යානා රාත්‍රියේ භූමියේ සෝදිසි කාර්ය මණ්ඩලයට උපකාර කිරීම සඳහා ආලෝක වෙඩි නිකුත් කළහ. තවත් හමුදා පිරිසක් ඔවුන්ගේ ආච්චි එක තැනක රැඳී සිටින ලෙස පවසමින් පටිගත කළ පණිවිඩයක් මහ හඩින් විසුරුවා හැරියහ.

 

four colombiian children 2

ඡායාරූපය: අතහැර දමා තිබී සොයා ගත් නැපිය

සෝදිසි කිරීම් ඉදිරියට යද්දී, සොල්දාදුවො පා සටහන්, ළදරු කිරි බෝතලයක්, නැපි සහ මානවයින් විසින් කා අතහරින ලද බව පෙනෙන පළතුරු කෑලි ඇතුළුව සුලු සුලු හෝඩුවා සොයා ගත්හ. දරුවන් තවමත් ජීවතුන් අතර සිටින බවට එමගින් විශ්වාසයක් ඇති විිය.

අවසානයේ දී වනය තුළ වූ එළි පෙහෙලි කරන ලද කුඩා බිම් කඩකදී ළමයින් සොයා ගන්නට ලැබුණි. අවස්ථා කිහිපයකදී ම ළමුන් හමු වූ ඒම ස්ථානයේ සිට මීටර් 20 සිට 50 දක්වා සමීපයේ ගලවා ගැනීමේ කණ්ඩායම් ගමන් කර තිබූ නමුත් දරුවන් මග හැරී තිබුණි.

සොයා ගන්නා විට එම ලාබාල දරුවන් සිටියේ ඉතා දුර්වල තත්වයකය. ඔවුනට ශක්තිය තිබුණේ හුස්ම ගැනීමට හෝ කැලයේ වතුර බිඳක් පානය කිරීමට හෝ කුඩා පළතුරක් කඩා ගැනීමට පමණකි.

සමහර විට යුද හමුදා සෙබළුන්ට බියෙන් දරුවන් සැඟවෙන්නට ඇතැයි ද කියැවේ. බල්ලන් බුරන විට ද ඔවුන් බිය වී ඔවුන් දුව යන්නට ඇතැයි මාමා කෙනෙකු කියා තිබේ.

ඔවුන්ගේ පියාට මීට පෙර කොලොම්බියානු කැරලිකාර කණ්ඩායකින් කැඩී ගිය ඒකකයක සාමාජිකයින් විසින් තර්ජනයට තර තිබුණි. එම නිසා ළමයින් නිල ඇඳුම් හැඳ සිටි සෝදිසි කණ්ඩායමට බිය වන්නට ඇති බවද කියැවේ.

විල්සන් නමැති ගලවා ගැනීමේ හමුදා සුනඛයකු දරුවන් සොයා ගැනීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවද වාර්තා වෙයි. බෙල්ජියම් එඬේර වර්ගයේ සුනඛයකු වන විල්සන් මෙම දරුවන් සමඟ කාලයක් ගත කර තිබේ. නමුත් පසුව එම බල්ලා අතුරුදහන් වූ බව දරුවන් යුද හමුදා සෙබළුනට කියා තිබේ.

එම බල්ලාගේ අඩි සළකුණූ ද දරුවන් සොයා ගැනීමට සහය වී තිබේ.

සෝදිසි කණ්ඩායමට අයත් වූ විල්සන් කුමන හෝ හේතුවක් නිසා හමුදා කණ්ඩායමෙන් මඟ හැරී දරුවන් සමඟ ගමන් කර ඇත.

 

In this photo released by Colombia's Armed Forces Press Office, soldiers and Indigenous men tend to the four Indigenous brothers who were missing after a deadly plane crash, in the Solano jungle, Caqueta state, Colombia, Friday, June 9, 2023. Colombian President Gustavo Petro said Friday that authorities found alive the four children who survived a small plane crash 40 days ago and had been the subject of an intense search in the Amazon jungle that held Colombians on edge. (Colombia's Armed Force Press Office via AP)

 

ගලවා ගැනීමේ වසරක පුහුණුවක් ලබා ඇති මෙම සුනඛයා‌ට අධික වර්ෂාපතනය සහ දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් මඟ වැරදී තිබුණා වූවා විය හැක. තවද ජගුවර් සහ ඇනකොන්ඩා වැනි වන සතුන් සමඟ ගැටීම නිසා සුනඛයාගේ හැසිරීම වෙනස් වන්නට ඇති බවත් කොලොම්බියානු හමුදා කණ්ඩායම කල්පනා කරයි.

විල්සන් නම් සිය සුනඛයා සොයා ගන්නා තුරු තමන් වනයෙන් සමු නොගන්නා බව යුද හමුදා සෝදිසි කණ්ඩායම කියා තිබේ.

සිකුරාදා ළමයින් සොයා ගැනීම ප්‍රීතියෙන් ප්‍රකාශ කළ කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සෙනසුරාදා රෝහලේදී ඔවුන්ව මුණගැසුණි.

“වනය ඔවුන්ව බේරාගත්තා” පෙට්‍රෝ පැවසීය. “ඔවුන් වනයේ දරුවන්, දැන් ඔවුන් කොලොම්බියාවේ දරුවන්.” යැයි ප්‍රකාශ කළේය.

 

ජනප්‍රිය කොළොම්බියානු ගායිකාවක් වන ෂකීරා ද ළමයින් බේරා ගැනීම සමරමින් ට්වීට් කරමින් මෙසේ පැවසීය: “ලෙස්ලි, සොලෙනි, ටියන් සහ ක්‍රිස්ටින්ගේ දුක් වේදනා සහ ඔවුන්ගේ ජීවිතවල ආශ්චර්යය අප සැවොම කම්පා කර ඇති නමුත් එකමුතුකම සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ හොඳම ආදර්ශය අපට ලබා දී ඇත.”

එය ඇත්ත වශයෙන්ම අපේ දරුවන්ට ද කියා දිය යුතු අධිශ්ඨානයේ සහ ඔරොත්තු දීමේ කතාවකි.

 

(ද ගාර්ඩියන් ලිපියක් අසුරිණි)

( SriLanka Brief)

නවතම ලිපි