SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සල්ලි පස්සේ දුවන උන්ට සල්ලි පස්සේ දුවන්නට ඉඩ දීම ද, අයි.පී.එල් බැරි නම් ඕන මඟුලක් ගසා ගැනීමට ඉඩ දීම ද කිසිදු ප්‍රශ්ණයක් නැත.

එහෙත් මිචෙල් ස්ටාක් මෙන් සිතන රට පළමුවට තබන මිණි මුතු වැනි ක්‍රීඩකයන් විස්සක් තිහක් සොයා ගැනීමට ද අපගේ ක්‍රිකට් පාලක මණ්ඩලයට බැරි කමක් නැත.

අති ධාවනකාරී 20-20 පිජාමා ක්‍රිකට් ගසන්නට යාමෙන් ඇති වන ශාරීරික ආබාධ,වෙහෙස, සෘජුවම අවසානාත්මකව රටේ ක්‍රිකට් වාර්තාව වෙත බලපායි.

13 න් පහල,15,17,19 පහළ සාර්ථක ක්‍රිකට් පදනමක් පවත්වාගෙන යමින් පාසල් මට්ටමේ සිට ක්‍රීඩකයන් ගොඩ නගන රටකට සිය රටේ ක්‍රීඩකයකූගේ අයිතිය නැති ද ? අප ඒ මට්ටම් වල සිට ක්‍රීඩකයන් ගොඩ නගන්නේ විශ්වනාදන්ලාට,අම්බානිලාට පූජා කිරීමට ද ?

ලොව පුරා ලීග් ක්‍රිකට් ගැසීමට බළාපොරොත්තුවන ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් හි වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කිරීමෙන් මේ ප්‍රශ්ණයට සාර්ථක පිළිතුරක් සපයා ගත හැක.

 

starc 1

 

රට නම් රට ය.අම්බානිලා හෝ විශ්වනාදන් ලා නම් ඔවුන් ය.දොන් සිමන් දෙකක් බැරි ය.දකුණු අප්‍රිකාවේ දී A පිල වෙනුවෙන් සාර්ථක ලෙස පන්දු යවමින් තරඟ තුනකදී කඩුළු නමයක් ලබා ගනිමින් වැඩ පෙන්වා ඇති වේග පන්දු යවන ප්‍රොමෝද් මධුෂාන් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සංචිතයේ පහළොස් දෙනාගේ සංචිතයෙන් හැලී දෝනිලාගේ විශ්වනාදන්ලාගේ හුරතලෙකු වූ අෆ්ගනිස්තානයෙන් මදි නොකියන්නට බැට කෑ සූකිරි බටිල්ලෙකු සංචිතයේ සිටී.

ඉතාම ප්‍රශස්ත සම්භාව්‍ය පාදඟ පන්දු යවන්නකු වන පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවට එරෙහිව දැඩි තර්ජනයක් එල්ල කරමින් එක් දින තරඟාවලිය ශ්‍රී ලංකාවට දිනා දීමට දැඩි වැඩ කොටසක් කළ ජෙෆ්‍රි වැන්ඩසේ කෝටි පති ලීග් ක්‍රිකට් හුරතලෙකු වන පා දඟ පන්දු යවන්නෙකුගේ සෙවනැල්ලෙන් වැසී කණ්ඩායමේ නැත.

මේවායින් පෙනී යන්නේ ලොව පුරා ලීග් ක්‍රිකට් ගැසීමෙන් ක්‍රීඩකයන් හා ඔවුන්ගේ කළමණාකරුවන් උපයාගන්නා කෝටි ගනන් සල්ලි කඳු හා සම්බන්ධතා හරහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාන සඳහා කේවල් වීමට ඉඩක් නැත්තේ ද නැති බව ය.සියල්ල සිදුවන්නේ මනුෂ්‍යයන් හරහා බව ද කිසිවෙකුත් රහත් වී නැති බව ද සිහියේ තබා ගැනීම වටනේ ය.

 

බටහිර කොදෙව් ක්‍රිකට් නැත්තටම නැති කළ,

දකුණු අප්‍රිකාණු ක්‍රිකට් සසළ කළ,

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටය දක්වා පසු බස්වන ලද,

ලීග් ක්‍රිකට් වසංගතයේ ආදීනව වලින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අවසන් අදියරේදී හෝ බේරා ගැනීමට නම් කළ යුත්තේ ලීග් කාරයන්ට යන්නට ඉඩ දී ඔවුන්ට ටෙස්ට් හා එක්දින ජාතික කණ්ඩායම් වල දොර සම්පූර්ණයෙන් වැසීමය.රට වෙනුවෙන් පූර්ණ ලෙස කැප වී ටෙස්ට් හා ඕවර 50 ක්‍රීඩාකරන ක්‍රීඩකයන් 25 ක් 30 ක් හදා ගැනීම ය.

සමහරු මෙය හොඳින් තේරුනත් නොතේරුනා සේ ඉන්නේ තක්කඩිකමට ය.සංසරණය වන මුදල් කඳු වල නෝට්ටු වල කාගේ වත් නම ගසා නැත.

මිචෙල් ස්ටාක් වැනි කියන පරක්කුවෙන් ලොව මුදල් ලැබෙනා ඕනෑම ලීගයක සුපිරිම කණ්ඩායම සඳහා තෝරා ගන්නා ක්‍රීඩකයෙකු මුදල් බල්ලාට දමා සිය රට තෝරා ගැනීමෙන්,

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟය නැරඹීමට පැමිණි ක්‍රිස් ගේල් "මට ලීග් ක්‍රිකට් වෙනුවට මගේ දේශය වෙනුවෙන් තව ටෙස්ට් ක්‍රිකට් ගහන්නට තිබුනා" යැයි හඬා වැටීමෙන්,

ස්ටීව් වෝ වැන්නන් මුදල් කෙටි කාලීන බවත් කීර්තිය දිගු කාලීන බවත් කියමින් නවක ක්‍රීඩකයන්‍ට ලීග් ක්‍රිකට් අත් හැරීමට දිරි දීමෙන්,

පෙනී යන්නේ අර්ජුණ රණතුංග මීට අවුරුදු දහයකට පමණ පෙර සිට පවසමින් සිටිනා දේ ලෝක පරිමාණයෙන් සත්‍ය වේගෙන එන බව ය.

-වින්දන-