SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතු කම්කරුවන් මේ රටේ ආර්ථිකය නගා සිටුවිමට පැමිණ වසර 200 ක් ගත වි ඇති බවත්, එය ඇතැම් දේශපාලඥයින් සහ වතුකරයේ ඇතැම් සංවිධාන එක්ව සැමරුම් උත්සව පැවැත්වුවද

එම උත්සව පැවැත්විමට තරම් වතුකරයේ ජනතාවට වසර 200 ක කාලය තුල කිසිදු දෙයක් ලැබි නොමැති බව මධ්‍යම පළාත් සිවිල් සංවිධාන එකමුතුව හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසිය.

 

මාධ්‍ය හමුවට එක් වු එම සංවිධානයේ සමාජික සහ හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පිරිස් පියතුමණ් කියා සිටියේ වසර 200 ක කාලයක් තුල වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය, අධ්‍යාපන තත්ත්වය ඉහල දැමිමට සහ යටිතල පහසුකම් නංවාලිමට මේ රටේ පාලකයින් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.

 

තවදුරටත් එම ජනතාව මේ රටේ තේ ආර්ථිකය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවත්, එම ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිම සදහා සෙටික් ආයතනයට අනුබද්ධ මධ්‍යම පළාතේ සිවිල් සංවිධාන එකමුතුව එක්ව කටයුතු කරන බවයි.

 

 

 මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු එම සංවිධානයේ සමාජික ටි ජැනැස්ටර් කියා සිටියේ මෙවැනි ජනතාවගේ අයිතිවාසිකම් ලබාදිමට මාධ්‍ය තුලින් විශාල කාර්ය භාරයක් සිදු කල හැකි බවත්, රජය මගින් මාධ්‍ය මර්ධනය සදහා ගෙනවිත් ඇති පනත තුලින් මේ රටේ සමස්ථ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගිමට අවස්තාව නොලැබි යන බවයි.

@lankacnews

නවතම ලිපි