SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාව කියන්නෙ මේ මුහුදු සීමාවෙන් එහා තියෙන ඔිනම බලුබෙට්ටක් මහමෙරක් වගේ බදාගන්න රටක්. අපේ උන්ට  බටහිර කියන්නෙ දිව්‍යලෝකය වගේ එකක්.

එවුන් තනපු ආණ්ඩුක්‍රම, විද්‍යාව, දැනුම , සංස්කෘතික නාඩගම්, සංකල්ප, මතවාද, ලිංගිකත්වය ඇතුළු හැම දෙයක්ම ගන්නෙ විවෘත‌ වුනු ආර්ථිකයෙන් වෙළඳපොලට භාණ්ඩ නිෂ්පාදනය ඇතුල්වෙනවටත් වඩා වේගයෙන්.

විද්‍යාවයි මිත්‍යාවයි අතර දරාගන්න බැරි කඹ ඇදිල්ලකට අහුවෙලා ඉන්න ලංකාවේ ඈයො මේ දෙකටම වහල්වෙච්ච ජාතියක්. ඒ හින්ද දවස ගානෙ තමන්ගේ මිනිස් ජීවිතය අර්බූධයට ගියපු දේ වටහගන්න උත්සාහ නොකර මේ නිමක් නැති  තරඟකාරී ජීවිතයට අහුවෙලා විඳවනවා. ඒ හින්ඳම එවුන්ට වගේම මේ ලක් පොලොවටත් අහිමි වෙච්ච ගොඩාක් දේවල් දැන් තියෙනවා.

පහුගිය දවස් කිහිපය පුරාම එක එක විජ්ජාවල් අපේ මිනිස්සුන්ගෙ ඔළුගෙඩිවල හෙල්ලුම් කෑවා. දේශපාලනය, ආගම, සංස්කෘතිය, බලය වගේ කාරණා එක්ක මිනිස්සු හැප්පුනේ තුන්වේල කන්න අපහසුකම පවා අමතක කොරමිනුයි.

ඔින්න දැන් ඒ ඔක්කොම අමතක කොරල දාල කට්ටියට ලිංගික ක්‍රීඩාවකුත් හඳුන්වල දීල. ඒ යුගයෙ මිනිස්සු ලිංගික ක්‍රියාකාරකම්වල යෙදුනට දැන් තරම් එවුන්ට ඒකෙන් ප්‍රශ්න ඇති උනේ නැහැ නොවැ. දැන් එවුන්ට කිසිම දෙයකින් සෑහීමකට පත්වෙන්න බැරි අසහනයකට පත්වෙලා. එදා කාලෙ අසහනය කියල එකකුත් තිබුනෙ නැහැ. ලිංගික ක්‍රියාකාරකමුත් කන බොන අඳින පලදින ඒව වගේ සාමාන්‍ය උවමනාවක් විතරක් උනා. ඒත් මිනිස්සුන්ගෙ ඔළුගෙඩි ඇතුලට වචන ගොඩක් කතන්දර ගොඩක් පිරෙන්න ගත්තම එව්වොන්ට ඒකෙන්වත් නිදහසක් හම්බ උනේ නැහැ. මේ කියන නිදහස නම් ඔය ඇත්තො ඉල්ලීම් කරන නිදහස නෙවෙයි ඔින්.

නිදහස කිව්වම මතක් උනේ.. ලෝකයේ හොඳටම ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තියෙන රටක්ලු නොවැ ඔය ස්වීඩනය කියන්නෙ. මානව හිමිකම් කියයි, ලිංගික නිදහස කියයි, අධ්‍යාපන නිදහස කියයි වැඩිපුරම ඒව තියෙනව කියල කතාවෙන්නෙ ඔය රට ගැන නොවැ. ඉතිං අපේ ඇත්තන්ටත්  ලොකු උවමනාවක් ඇතිවෙලා ඇති ඒ වගේ රාජ්ජයකට ගිහින් ජීවත් වෙන්න.

ලෝකෙ පුරා එක එක දියුණුය කියල හංවඩු ගැහුනු රටවල් කෙලි සෙල්ලම් හොයා ගත්ත කාලෙන් කාලෙට. ක්‍රිකට් කියල බෝලයක් පස්සෙන් දුවන් එකයි, රගර් කියල බෝලයක් උදුරගෙන දුවන එකයි, පාපන්දු කියල බෝලයකට කකුලෙන් ගහගෙන ගෙනියන එකයි වගේ තරඟ ව‌ගේම අපි සතෙක් පස්සෙ පන්නගෙන දිව්ව වගේ වේගයෙන් දුවන්න පනින්න නටන්නත් දැන් බොහොම ජයටම සමරන තරඟ වෙලා.

ඔින්න ස්වීඩන් රටේ මේ ඔක්කොම මැද්දේ ලිංගික ක්‍රීඩාවකුත් පටන් ගන්න යන්නේ.

“දැන් පෙන්වනවා” වෙබ් පිටුවෙ පලවෙලා තිබුනු මේ පල්ලෙහා තියෙන විස්තර ටික බලාගන්න පුළුවන් ඉතිං ඔය ඇත්තන්ට. අපි ඉතිං මේව දැකල මිනිස්සුන්‌ට අහිමි වෙච්ච ජීවිත ගැන විස්සෝප වෙනව ඇරෙන්න වෙන මොනවා නම් කොරන්නද දැන් ඉතිං?

----------------------------

SEX ‘ක්‍රීඩාවක්’ බවට පත්වේ… ස්වීඩනයෙන් සූරතාවලියක්….

ලෝකයේ බොහෝ රටවල් ‘සංසර්ගය’ විවෘතව කතා නොකරන තත්ත්වයක් තුළ ස්වීඩනය අභියෝගාත්මක තීරණයකට එළඹ ඇත. ඒ් සංසර්ගය ක්‍රීඩාවක් බවට පත්කිරීමෙනි.

ආසියානු රටවල් වල රතිය ක්‍රීඩාවක් සහ කලාවක් ලෙස සැලකුවද එය බොහෝ රහසිගතව ක්‍රියාත්මක වූවක් මිස ප්‍රසිද්ධියේ රති ක්‍රීඩාවේ යෙදුනු අවස්ථා වාර්තා නොවේ. ඒ් අතර කලාත්මකව නිර්මාණයක් ලෙස රතිය භාවිත කළ අවස්ථා ආසියාව තුළ අවශ්‍යතරම් සාධක විද්‍යාමාන වේ.

පළමු යුරෝපීය සෙක්ස් තරගාවලිය ජුනි මස 8 වැනිදා ස්වීඩනයේදී පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇත. ස්වීඩන් සෙක්ස් පදනම විසින් මෙහෙයවනු ලබන ඒහි තරග ඉසව් අතර ලිංගික තරග දවසේ පැය හයක කාලයක් පුරාත්, එක් තරගයක් මිනිත්තු හතළිස්පහක කාලයකින් යුක්තවීමත් මෙහිදී කැපී පෙනෙයි.

විවිධ රටවලින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිදෙනෙකු මේ වන විට මීට සහභාගී වීමට කැමැත්ත පළකර ඇති අතර, ජයග්‍රාහකයින් තීරණය කරනු ලබන්නේ තිදෙනෙකුගෙන් යුත් ජූරියකින් වීම විශේෂයත්වයකි.

සෑම තරග ඉසව්වකම, ලකුණු 5 -10 ත් අතර ප්‍රමාණයක් ලබාගත හැකි අතර, සෑම තරගකරුවෙක්ම ඉසව් 16කට පෙනී සිටිය යුතුය. ඒ්වා අතර මෞඛ ලිංගනය, සුරතාන්ත ප්‍රමාණය, සුරතල් ක්‍රම, ඒරෝටික කලාප, රමණීය රමණ ඉරියව්, සංසර්ග ඉරියව්, පවිත්‍රතාව හා මනා විනයානුකූල ක්‍රීඩාවේ යෙදීම් ආදිය මෙහිදී සැලකිල්ලට භාජන වනු ඇත.

ඔිනෑම ලිංගික දිශානතියකින් යුත් අයෙක්ට මේ සඳහා සහභාගී විය හැකිය.

මේ සටහන කොපි කර ගත්තේ  (https://web.facebook.com/nowshowinglanka)

 

@Samaraa Paranavithana

නවතම ලිපි