SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජපානයෙන් ඩොලර් බිලියන 2ක අදාර දී තිබේ. ණයක් නොවන එය රනිල් හට විශාල අස්වැසුමකි. බිල්ගේට්ස් ඩොලර් මිලියන 250ක් දීමට ද එකඟ වී ඇත.

ඉදිර්යේදී තවත් මෙවැනි අදාර ලැබුනහොත් රනිල් ස්ථාවර වීමේ දැඩි අවධානමක් පවතී. ඇමරිකාව විසින් මැදපෙරදිග කලාපය තුල යුධ ක්‍රියාමාර්ග අතපසු කරමින් යුරෝපා කලාපයේ රුසියාව ඉලක්ක කොට ගනිමින් සක්‍රිය වී ඇත්තේ ඔවුන්ගේ ආර්ථික අර්බුධය ජයගැනීමේ උපක්‍රමයක් ලෙසය. මේ වන විට රුසියාව වටකරමින් නේටෝ සංවිධානයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් සිදුවන අතර එන්න එන්නම යුධ උණුසුම තීර්ව වෙමින් පවතී.

 

madawa manika

 

ජපානයේ සහ චීනයේ ආයෝජකයින් එක්සත් ජනපද රාජ්‍ය ණය සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් දරයි. එය 2022 සැප්තැම්බර් වන විට, ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න ප්‍රමාණයකි. පසුගිය දශකය තුළ චීනයේ එක්සත් ජනපද ණය කොටස් අඩු වී ඇති අතර, ජපානය එක්සත් ජනපද භාණ්ඩාගාර සුරැකුම්පත් මිලදී ගැනීම තරමක් වැඩි කර ඇත.

 

2022 අවසානයේ ඇමරිකානු දළ ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 31.4කට ආසන්න වන විට එම මුදලෙන්, ඩොලර් ට්‍රිලියන 24.5ක් හෙවත් සියයට 78ක්, දේශීය හා විදේශීය ආයෝජකයින්ගෙන් ණයට ගත් මුදල්ය. ඉතිරි ඩොලර් ටි‍්‍රලියන 7.0 (සියයට 22), ෆෙඩරල් ආන්ඩුවේ එක් කොටසක් සහ තවත් කොටසක් අතර ගණුදෙණු සටහන් කරන අන්තර් රාජ්‍ය ණය විය. ජාතික ණය ඉහල ගොස් ඇති හෙයින්, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට රජයේ වියදම් සඳහා ගෙවීමට තවත් මුදල් ණයට ගැනීමට සිදු වී ඇත. ඇමරිකානු ව්‍යවස්ථාවට අනුව මෙම ණය ගැනීම පිළිබඳ නීතිමය සීමාව ණය සීමාව ලෙස හැඳින්වේ. භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් සීමාව යටතේ අවසර දී ඇති උපරිම මුදල වියදම් කරන විට, ණය ගැනීම සඳහා සීමාව අත්හිටුවීමට හෝ ඉහල දැමීමට කොන්ග්රසය ඡන්දය දිය යුතුය. කොන්ග්‍රසයට උපරිමය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණිය නොහැකි නම්, පැහැර හැරීම ඇතුළු දරුණු ප්‍රතිවිපාක වලට මුහුණ පෑමට සිදුවනු ඇත.

 

RANIL with ANURA

 

මෙවැනි තත්වයක් තුල ලංකාව සම්බන්ධයෙන් ඇමරිකානු අවධානය යොමු වී ඇත්තේ සහ ලංකාව කඩා වැටීමට ඉඩ නොදී රැකබලා ගන්නේ කුමන හෝ උපායමාර්ගික ක්‍රියාදාමයක පුරුකක් ලෙස ඔවුන් ලංකාව සලකන බැවිනි. එබැවින් ජපානය විසින් ලබා දෙන ඩොලර් බිලියන දෙකක ආදාරය ලබා දෙන්නේ ජපානයේ රිකන්ඩිෂන් වාහන මිලිදී ගන්න ප්‍රධානතම රට ලංකාව නිසා ඒවා නැවත අලෙවිය සඳහා උපක්‍රමයක් ලෙස පමණක් නොවේ.

 

ඇමරිකානු කඳවුර පිළිගත්, ඔවුනට විශ්වාසවන්ත ගැලපෙනම පුද්ගලයා වන්නේ රනිල්ය. එබැවින් රනිල් දිගටම බලයේ රඳවා ගැනීමට ඔවුන් මානබලනු ඇත.

 

මේ වනවිට රටේ උගත් මිනිසුන් අතර රනිල් ජනප්‍රිය වෙමින් පවතී. ඊට හේතු වී ඇත්තේ ජ.වි.පෙ. විසින් ගෙනගිය ප්‍රචාරයයි. රාජපක්ෂලා හොරා කෑ බැවින් රට බංකොලොත් වූ බව තහවරු කරනු ලැබූයේ ජ.වි.පෙ. සහ පෙ.ස.ප. විසිනි. එම කතිකාව තහවරු කිරීමේ ප්‍රතිවිපාක බුක්ති විඳීමට දැන් ජ.වි.පෙ. සූදානම් විය යුතුය. ඒ අනුව රටේ මිනිසුන් විසින් රනිල් ඉවසන, ගරුකරන තත්වයක් උදා වීම සිදුවෙමින් පවතිනුයේ ඔවුනට අනුව, රාජපක්ෂලා විසින් හොරා කා විනාශ කොට වැටී තිබූ රට (ජවිපෙ විසින් ගොඩනගන ලද කතිකාව) සීග්‍රයෙන් ගොඩගනිමින් සිටිනා ලොව පිළිගත් නායකයා ලෙස රනිල් අභිෂේක ලබමින් සිටින තත්වය තුලය. ඒ අනුව රනිල් විසින් අමාරුවෙන් එම කාර්ය කරගෙන යමින්, බඩු මිල දිනෙන් දින අඩු කරමින්, ඩොලරය ද මට්ටු කරමින්, ජාත්‍යන්තරය ජයගනිමින්, රට නැවත සෞභාග්‍ය කරා රැගෙන යන්නේ රාජපක්ෂලා ද තම ග්‍රහණයට ගනිමිනි. දැන් ජ.වි.පෙ.ට රනිල්ට පහරදීම සඳහා නැවතත් මහ බැංකු හොරකම ඇදගත හැකි වුවද ඉන් ඵලක් නොවනු ඇත්තේ එය රනිල් විසින් කල හොරකමක් ලෙස දැන් මිනිසුන් පිළිගන්නා තත්වයක් නොමැති බැවිනි (එම සිද්ධියෙන් බැටකමින් සිටිනුයේ සිරිසේනයි. රනිල් විසින් දැන් ඔහු නිවාස අඩස්සියේ තබාගෙන සිටිනවා වැනිය).

 

එම තත්වය තුල මැතිවරණ නොපවත්වා රනිල් බලය රැකගැනීමට උත්සාහ දරණ බවක් පෙන්නුම්කරනුයේ දැනට සිදුවන බිය ගැන්වීමේ ක්‍රියාමාර්ග තුලිනි. එක්කෝ ඔහු මැතිවරණයකට නොගොස් ජනමත විචාරණයකට යනු ඇත්තේ පොහොට්ටුව, සජබ ඇතුළු ඔහුට එකතුකොට ගත හැකි සියලු දෙනා එක්කොටගෙනය (පක්ෂ නායකයින් වෙත සිදු කරන ඇමරිකානු කඳවුරේ බලපෑම මත). එසේ සිදුකරනු ඇත්තේ ඒ ඇතුලින් ජ.වි.පෙ. ග්‍රහණයට හසු නොවී පවතින පාර්ලිමේන්තු සංයුතියම දිගටම රැකගත හැකි වන බැවිනි.

 

champika ranil 1

 

මධ්‍යම පන්තිය තුල රනිල් ජනප්‍රිය වෙමින් පවතින අතර එය ඩැහැ ගැනීමට උත්සාහ දරනුයේ ඉංජිනේරු චම්පිකය. සිදුවෙමින් පවතින්නේ ලිබරල් දෘෂ්ටිවාදය හොඳින්ම තහවුරු වීමයි. ජවිපෙ සහ පෙසප විසින් උදාකොට ඇති දේශපාලන ජයග්‍රහණය එයයි.

@ ස්පාටකස් ලිපි

නවතම ලිපි