SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වසර 2005දී,

ඇමරිකා එක්සත් ජනපදයේ 'ගුවන්තනාමෝ බේ' බන්ධනාගාරයේ ආරක්ෂකයෙකු,

ශුද්ධ වූ කුරානයේ පිටපතක් ගෙන, එය වැසිකිළියට දැමූ බව පැවසෙන සිද්ධියකින් පසු, මුස්ලිම් රටවල ජනයා අතර දැඩි නොසන්සුන්තාවයක් ඇතිවිය..

**********

මේ සිදුවීමෙන්

ටික දිනකට පසු,

බෞද්ධ භික්ෂුවක වන

'ඕස්ට්‍රේලියාවේ බෝධියාන ආශ්‍රමයේ'

අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් වෙත

ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.

මාධ්‍යවේදියා සහ

අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් අතර සංවාදය මෙසේයි..

මාධ්‍යවේදියා -

"අජාන් බ්‍රහ්ම,

කවුරුහරි

බෞද්ධ ශුද්ධ පොතක් (ත්‍රිපිටකයක්) ගෙන,

එය ඔබේ වැසිකිළියට දැමුවහොත්

ඔබ කරන්නේ කුමක්ද?"

අජාන් බ්‍රහ්මවංශෝ හිමියන් -

"මහත්මයා,

කවුරුහරි

බෞද්ධ ශුද්ධ පොතක්

(ත්‍රිපිටකයක්) ගෙන

එය මගේ වැසිකිළියට දැමුවහොත්,

මම මුලින්ම කරන්නේ ජලනල කාර්මිකයෙකුට කතා කිරීමයි!"

මාධ්‍යවේදියා

සිනහා පහළවිය...

එම සංවේදී පිළිතුර

ඔහුව පුදුමයට පත්කළේය.

අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්,

තවදුරටත්

පිලිතුර විස්තර කිරීමට පටන්ගත්තේය..

බුද්ධ ප්‍රතිමා පුපුරුවා හැරීමට...

බෞද්ධ විහාරස්ථානවලට ගිනි තැබීමට...

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඝාතනය කිරීමට..

කවරෙකුට හැකිවුවත්,

බුදුදහම විනාශ කිරීමට

මම ඔවුන්ට

කිසිසේත් ඉඩ නොදෙමි.

'ශුද්ධ වූ ග්‍රන්ථයක්'

වැසිකිලි කොමඩ් එකකට දැමීමට

ඕනෑම කෙනෙකුට හැකිවුවත්,

සමාව.. සාමය සහ අනුකම්පාව යන ගුණාංග වැසිකිළි කොමඩ් එකකට දැමීමට,

මම කිසිවෙකුට

ඉඩ නොදෙමි.

ආගම යනු,

ත්‍රිපිටකය හෝ

පිළිමය හෝ

විහාරස්ථානය හෝ

භික්ෂූන් ද නොවේ.

මේවා,

කන්ටේනර් (බහාලුම්) පමණි.

ත්‍රිපිටකය,

අපට උගන්වන්නේ කුමක්ද?

පිළිමයෙන්,

නියෝජනය කරන්නේ කුමක්ද?

භික්ෂූන්,

තුළ තිබිය යුතු ගුණාංග මොනවාද?

මේවා, කන්ටෙන්ට් "අන්තර්ගතය" වේ.

බහාලුම් සහ අන්තර්ගතය අතර

වෙනස හඳුනගත් විට,

අන්තර්ගතය

ආරක්ෂා කිරීමට

අප වෙහෙසෙනු ඇත.

'ත්‍රිපිටක' වැඩිපුර මුද්‍රණය කරන්න අපිට පුලුවන්... පන්සල්/ප්‍රතිමා

වැඩිපුර හදන්න

අපිට පුලුවන්..

භික්ෂූන් වහන්සේලා

වැඩිපුර පුහුණු කරන්නත් අපිට පුළුවන්...

නමුත්,

අපි එකිනෙකා අතර තිබෙන ආදරය..

අපි එකිනෙකා අතර

තිබෙන ගෞරවය නැතිකරගෙන..

ඒ වෙනුවට,

ප්‍රචණ්ඩත්වය

ආදේශ කරගත්තොත්..

එතැනදී,

ආපහු ගන්න බැරි විදිහට

'ආගම' ඇත්තටම

වැසිකිලි කොමඩ් එකට වැටෙනවා!

මම ඊට ඉඩ තබන්නේ නැහැ..

සංවාදය නිමි.

*************

"අපි අනුගමනය කරන බුදුදහම,

කිසිවෙකුගේ

ප්‍රකාශයකින්/ප්‍රහාරයකින්/ප්‍රතිචාරයකින්

හානිවීමට හෝ අපහාසයට ලක්වීමට හෝ විනාශවීමට තරම් දුර්වල දහමක් නොවන බව තේරුම්ගන්න..

බුදුදහම රැකගැනීමට යැයි පවසමින්,

ඊට මුවාවී

නැවතත් වෛරය පැතිරීමට

උත්සාහකරන්නන්ගෙන්

ප්‍රවේශම්වන්න!"

-

පාර්ලිමේන්තු මන්ත්‍රී

වෛද්‍ය රාජිත සේනාරත්න

@ Rajitha Senaratne 

නවතම ලිපි