SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දකුණේ ජාතිවාදී දේශපාලකයන් එක්වී, මරාගෙන කෑමට සූදානම් වූ

'වෛද්‍ය සාෆි'ව,

නැවතත් කුරුණෑගල රෝහලට අනුයුක්ත කිරීමට,

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව තීරණය කරයි!

මීට වසර එකහමාරකට පෙර, ඔහුට හිමිවිය යුතු හිඟ වැටුප් ගෙවීමටද නියෝග කෙරිනි.

*****************

යම් සිදුවීමකදි,

අප සිටගත යුත්තේ..

පෙනීසිටිය යුත්තේ..

නිවැරදි පැත්තේ මිස,

ජනප්‍රිය හෝ ප්‍රබල පැත්තේ නොවන බව

මගේ ජීවිත කාලය තුල පසක් කළ,

එක් ප්‍රබල උදාහරණයක් ලෙස

'වෛද්‍ය සාෆිට එල්ලකළ; වඳ සැත්කම් චෝදනාව'

මම දකිමි..

රටේ බහුතර ජනතාවක් ජාතිවාදී ආගම්වාදීන්ව සිටි ඒ කාලවකවානුවේ,

'රාජපක්ෂ මාධ්‍ය' විසින්

ඉතා සූක්ෂම ලෙස

ජාතිවාදී සර්පයා පෝෂණය කළේය..

කාලකන්නි දේශපාලකයෝ

පැයෙන් පැයට

වොයිස් කට් දෙමින්..

කුරුණෑගල රෝහල තුල

රංගනයේ යෙදෙමින්..

දළඳා මාලිඟාව ඉදිරිපිට

උපවාස කරමින්..

සාෆි නම්,

එක් වෛද්‍යවරයෙකු ද්‍රෝහියෙකු කරමින්..

ඒ හරහා

සමස්ථ මුස්ලිම් සමාජයම

'සිංහලයන් වඳ කිරීමේ ක්‍රියාවලියක සිටින බවට'

සිංහල ජනමනස තුල

සැක සංකා මතුකිරීමට සමත්විය..

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා ලෙස,

වෛද්‍ය සාෆිව බිල්ලට දී,

ජනප්‍රිය වන්නට (උවමනාවටත් වඩා)

පරිසරය සැකසී තිබිණි..

නමුත්,

වෛද්‍යවරයෙකු ලෙස

මා ලද අධ්‍යාපනයට අනුව

'එක් වෛද්‍යවරයෙකුට;

සියල්ලන්ගේ ඇස්වසා

කිසිදින සිදුකළ නොහැකි වරදකට' අදාලව, එල්ලවන අභූත චෝදනාවකට,

තවත් වෛද්‍යවරයෙකුගේ ආත්මය ඝාතනය කිරීමේ පාපයට

සම්බන්ධවීමට

මට හැකියාවක් නැත..

ස්වාධීන පරීක්ෂණයක් සිදුකිරීම සඳහා,

සෞඛ්‍ය ඇමතිවරයා ලෙස මම 'ස්වාධීන කමිටුවක්' පත්කළෙමි..

ඉන්පසු සිදුවූයේ,

'ජාතිවාදී ආගම්වාදී'

මාධ්‍ය ආයතනවල කුලීකරුවන්

'මට පහරදීමට' පටන්ගැනීමයි..

දිගින් දිගටම

ඔවුන් මාගෙන් ඇසූ ප්‍රශ්නවල යටින් සැඟවී තිබුනේ,

"අපි වගේ ජාතිවාදි වෙලා,

සාෆියව බිල්ලට දීලා..

මුස්ලිම් එවුන්ට පාඩමක් උගන්නන්න; අපිත් එක්ක එකතුවෙන්න ඇයි උඹට බැරි" යන

පණිවිඩයයි.

පක්ෂ විපක්ෂ

සියලු දේශපාලකයන් අතරින්,

වෛද්‍ය සාෆි සිද්ධියේදී

ජාතිවාදී නොවී සිටියේ

දකුණේ දේශපාලකයන් කිහිපදෙනෙකු පමණි..

කාලයාගේ ඇවෑමෙන්

අද සත්‍යය හෙළිවී ඇත..

එදා ජාතිවාදීන්ව

ජයකෙහෙළි නැංවූ

වෘකයන්,

අද අනාථයන් බවට

පත්වී ඇත..

වෛද්‍ය සාෆිගේ නිර්දෝෂිභාවය

හෙළිවී ඇත..

එදා ඒ,

ජාතිවාදී මෙහෙයුමට

සම්බන්ධ නොවී,

(දහසක් අවලාද මැද)

ඊට එරෙහිවීමේ සතුට

මම අද භුක්ති විඳිමි..

ඒ සතුට භුක්තිවිඳිය හැකි

සුළුතර ජනතාව අතර

ඔබත් සිටියි නම්,

ඔබද මාගේ සහෝදරයෙකි!

****************************

හිටපු සෞඛ්‍ය අමාත්‍ය

වෛද්‍ය රාජිත සේනාරත්න

@ Rajitha Senaratne 

නවතම ලිපි