SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධියේ කුණුහරුප කියමින් භික්ෂු ගෞරවය නැතිකරගත් රාජාංගනයේ හාමුදුරුවන්ව ICCPR පනත යටතේ අත් අඩංගුවට ගෙන ඇත.

මෙයින් වැඩිම කුණුහරුපයක් බවට පත්ව ඇත්තේ රටේ නීතියයි.

 

දැනට දරුණු ලෙස අවභාවිතා නීතියක් වන ICCPR පනත පැනවීමේ එක් අරමුණක් වූයේ ජන සමාජය තුළ ආගමික වාර්ගික ගැටුම් වළක්වාලීමය. අර හාමුදුරුවන් ජාතික වාර්ගික ආගමික ගැටුම් ඇති කරන ප්‍රකාශ කළේ නැත. උන්වහන්සේ කළේ කිසිදු ලැජ්ජාවක් හිරිකිතයක් නැතිව එක දිගට කුණු හරුප දෙසා බෑමය.

 

ප්‍රසිද්ධියේ කුණුහරුප කීම ඇසීමෙන්, දැකීමෙන් ආතල් ගන්නා පිරිසක් දැන් බෝවී සිටින නිසා අර හාමුදුරුවන්ටද ප්‍රේක්ෂකයෝ සිිටිති. ඒ හාමුදුරුවන්ගේ දූෂිත බස්වහර ශිෂ්ට සමාජය අනුමත කරන්නේ නැත. නමුත් කුනුහරුප කීමට එරෙහි නිෂ්චිත නීතියක් මා දන්නා තරමින් අපරටේ නැත.කුණුහරුප භාවිතය සමාජය පිළිකුල් කරන්නේ සමාජ සම්මත සාර ධර්ම නිසා මිස නීතියෙන් වරදවල් නිසා නොවේ.හැම ප්‍රශ්නයක්ම නීතියෙන් විසඳිය හැකි නොවේ. නීති මෙන්ම රීතිද සමාජයට අවශ්‍ය වන්නේ එබැවිනි. නීති කැඩූ විට රජයෙන් දඬුවම් ලැබේ. රීති කැඩු විට සමාජයෙන් දඬුවම් ලැබේ. රාජාංගනයේ හාමුදුරුවන්ගේ ප්‍රශ්නය විසඳාගත යුතුව තිබුනේ භික්ෂු සමාජයයි. එසේ නොකර එය දැන් නීතියට භාර දී ඇත. නිිතිය කාටත් සාධාරණ විය යුතුය. ප්‍රසිද්ධියේ කුණු හරුප කියන තවත් හාමුදුරුවරු වෙසෙති. උන්වහන්සේලාත් දැන් පැමිණිලි කළහොත් අත්අඩංගුවට ගන්නේද ? ගිහියන් නම් බොහෝය. ඒ අයත් ගන්නවාද ? එසේ නොකරන්නේ නම් කුණුහරුපයක් බවට පත්වන්නේ නීතිය නොවේද?

 

කුණු හරුප කීම සහ ඇසිම පිළිකුල්කරන අය බොහෝය.මා එවැන්නෙකි. තවත් අය තමන් කොකීවද ඇසීම ප්‍රිය කරති.

 

තව පිරිසක් කීමත් ඇසීමත් දෙකම ප්‍රියකරති. මා ඉතා මෑතකදී විශාල වශයෙන් අමු කුණුහරුපයෙන් බැණුම් ඇසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබීමේ සිද්ධිය හෙළා දකිමින් මා සමාජ මාධ්‍ය සටහනක් පළ කළ අවස්ථාවේදීය. මට එරෙහිව එල්ල කළ කුණුහරුප ප්‍රතිචාර මගේ මුහුණු පොත් වෝලයෙන් මකා දැමුවෙමි.ඒවායේ ස්ක්‍රීන් ෂොට් ගත්තේද නැත. මගේ වෝලය කුණුහරුප වලින් දුෂිතනොවී තිබීම මට හොඳටම ප්‍රමාණවත්ය.

දැන් අනෙක් අයට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මවටද කුණුහරුපයෙන් බණිනා රාජාගනයේ හිමි අත් අඩංගුවට ගෙන ඇත. නමුත් ඒ නීතිය නමමින්ය. ඒ හාමුදුරුවන් කෙතරම් ජනසමාජයේ පිළිකුලට ලක් වූ චරිතයක් වුවද නීතිය පිළිකුලට ලක් නොවි තිබිම ඊට වඩා වැදගත්ය. ICCPR පනත මෙසේ අවභාවිතා කිරීමෙන් සිදුවන්නේ නීිතිය පිළිකුලට ලක්වී නීතිය කුණුහරුපයක් බවට පත් වීමය.

ප.ලි. රාජාංගනයේ හාමුදුරුවන් කියන කුණුහරුප අසා ආතල් ගත් අය දැන් ඒ හාමුදුරුවන් වෙනුවෙන් පෙනී සිට්න බවක් පෙනෙන්නට නැත. ඒ කරුමයට කර ගසන්නට සිදු වී ඇත්තේද වෙනත් අයටය.

 

@Karu Paranavithana

නවතම ලිපි