SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ වන විට වාමාංශිකයින් සියල්ලම පාහේ නතාෂා කොමඩියට හසුව ඇත.

නතාෂා අත්අඩංගුවට ගැනීමට පෙර නිශ්ශබ්ධව සිටි වාමාංශිකයින් ද කුලප්පු වී දෙමල ජාතිකවාදයෙන් උදාහරණ ගෙන නතාෂාගේ ප්‍රකාශයන් වෙනුවෙන් පෙනී සිටී.

නතාෂා අත්අඩංගුවට ගත්ත ද, ඇයට නඩු පැවරුව ද ඇය නීතියෙන් නිදොස් කොට නිදහස් වනු ඇත. ඒ ආණ්ඩුවේ සහාය ඇයට ලැබෙන නිසා පමණක් නොව නීතිය ඉදිරියේ අගේ ප්‍රකාශයන් අර්ථකථනය කල නොහැකි බැවිනි. අඩු තරමින් අධිකරණයක් ඉදිරියේ නඩුව භාරගැනීමට හෝ නිමිත්තක් එම ප්‍රකාශ තුල නොමැති වුවද අධිකරණ ක්‍රියාදාමයක් සිදු කෙරෙනවා නම් එසේ කෙරෙනුයේ ආණ්ඩුවේ අනුග්‍රහය යටතේය.

 

නතාෂා රටින් පිටවීමට පිටත්ව යාම, අත්අඩංගුවට ගැනීම, යන සම්පූර්ණ ක්‍රියාදාමයේ අධ්‍යක්ෂවරුන් වන්නේ "මොඩාභිමානයේ" අධ්‍යක්ෂකයින්මය.

සංස්කෘතික දේශපාලනය සැමවිටම සේවය කරනුයේ "ධනවාදී කතිකාව" තහවරු කිරීම සඳහාය. සංස්කෘතික දේශපාලනය සපුරා ප්‍රතික්ෂේප කල යුත්තේ එබැවිනි.

 

මාක්ස්ගේම අර්ථයෙන් ප්‍රකාශ කරන්නේ නම්, "මොඩාභිමානයේ" විසින් සිදුකරමින් සිටිනුයේ දැනට ව්‍යුහගතව පවතින 'නිෂ්පාදන සබඳතා' නූතනවාදී තර්ක බුද්ධියේ මාවත අනුගමනය කරමින් විසංයෝජනය කිරීමයි. ඔවුන් ඒවා දකිනුයේ 'සමාජ ප්‍රගමනයට' බාදා පමුණුවන ගතානුගතික වැඩවසම් සංස්කෘතික නෂ්ටාවශේෂ ලෙසය.

 

ඒ අර්ථයෙන් වාමාංශිකයින් සියලු දෙනා හට එතෙක් පැවති සාම්ප්‍රදායික ජීවන-ලෝකය ආක්‍රමණයට එරෙහිව නැගුන 1818 ඉංග්‍රීසීන්ට එරෙහි කැරැල්ලට ද අද දවසේ විරුද්ධ විය හැකිය. නමුත් සම්ප්‍රදායිකත්වය විසින් කෙතරම් බාදා පැමිණිය ද ධනවාදයේ ඉදිරි නිෂ්පාදන සබඳතා වලට අනුව මිනිස් සබඳතා ව්‍යුහගත වීම සිදුවන්නේ මේ අයගේ කොමඩි නිසා නොවේ. අද වන විට, දේවල් තවත් බොහෝ දුර ගොස් ඇත. එනම් ඥානාත්මකවාදය (cognitivism) තුළ, මිනිසාගේ චින්තනයම පරිගණකයක ක්‍රියාකාරීත්වය අනුව හැඩගැසී ඇත. එවිට වැටහීම (අර්ථයේ අත්දැකීම, ලෝකයක විවෘතභාවය පිළිබඳ අත්දැකීම්) සහ යාන්ත්‍රයක "නිහඬ" ක්‍රියාකාරීත්වය අතර දැඩි පරතරය විභව්‍ය ලෙසින් අතුරුදහන් වේ.

 

ප්‍රශ්නය වී ඇත්තේ සුද්දෝදනගේ පුතා ගැන කතා කිරීමය. එනම් ඉපදීම සිදු වූ මොහොතේම සත් පියුම් මත ඇවිදිමින්

අග්ගෝ හමස්මි ලෝකස්ස

ජෙට්ටෝ හමස්මි ලෝකස්ස

සෙට්ඨෝ හමස්මි ලෝකස්ස

අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවො

යනුවෙන් පැවසුවේය යන්න වෙත උසුළු විසුළු කරමින්, එය හාස්‍යට ලක් කොට විද්‍යාත්මක කතිකාව ඒ වෙනුවට සංස්ථාපනය කිරීමයි.

අතිමහත් බහුතරයක් විද්‍යාඥයින් ක්‍රිස්තියානීන් හෝ එම සම්ප්‍රදායේ දෙවියන් විශ්වාස කරනා ආගමකට හෝ නිකායකට අයත් වූ හෝ වන අතර ඔවුන් දෙවියන්ගේ පැවැත්ම ප්‍රතික්ෂේප නොකළේය. එසේම ලංකාවේ විද්‍යාව ඉහලින්ම හදාරා පශ්චාත් උපාධි ඇති අති මහත් බහුතරයක් දෙනා සහ ඊට පහල විද්‍යාවාදීන් ද අති මහත් බහුතර බුද්ධාගම හෝ බෞද්ධ දර්ශනය පිළිගනී. ඒ බොහෝ දෙනෙකුට අනුව බුදුන් එදා කී දේ අද විද්‍යාවෙන් තහවුරුකොට ඇත.

 

සාමාන්‍ය මිනිසුන්ට ඇතුල් විය නොහැකි, ඇකඩමික අධ්‍යාපනයේ ඉහළතම දක්ෂයින් හට පමණක් ඇතුල් විය හැකි, ඉහළතම විද්‍යා ආයතන තුලින් තහවුරු කරන, විශේෂඥයින් වෙතින් මූලාරම්භ වන විද්‍යාත්මක දැනුම එදා ඒ කිසිවක් නොමැති තත්වයක් යටතේ නුග වර්ගයට අයත් ගසක් යට සිට බුදුන් විසින් අවබෝධ කොට ගත්තේ කෙසේදැයි එවැනි ලාංකීය "විද්‍යාඥයෙකු" වෙතින් විමසුවහොත් ඔහු යම් කිසි වියවුල් සහගත පැහැදිලි කිරීමක් තුල සිදු කරන නිශ්චිතව තේරුම් ගත හැකි ප්‍රකාශය වන්නේ බුදුන් යනු අසාමාන්‍ය පුද්ගලයෙකුය යන්නයි. ඔවුනට අනුව එසේ අවබෝධ කොට ගැනීමේ හැකියාව ඇත්තේ එම අසාමාන්‍යභාවය තුලය (එනම් මිනිසුන් අතර අසාමාන්‍ය මිනිසෙකු වූ බැවින් සහ ඔහු සරණ යා යුත්තේ ද එබැවිනි). තේරවාදී බෞද්ධ සංස්කෘතිය තුල ද පැවසෙන්නේ බුදුන් "අසම සම" බවය. ඒ අනුව සත් පියුම් සක්මන තුලින් හැඟවෙන්නේ ද එම අසාමාන්‍යභාවයයි. මෙම අසාමාන්‍යභාවයට අදාළ තවත් කරුණක් වන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණන්ය (නරසීහ ගාථා වලින් හඟවන්නේ ද ඒවාය).

 

 

ආගමික ශාස්තෘවරයාට ඇති මෙම සුවිශේෂී අසාමාන්‍යභාවය සෑම ආගමකටම පාහේ පොදු ලක්ෂණයකි. ඒ අනුව ඔහුගේ එම සංලක්ෂණය නොමැතිව ආගමික ශාස්තෘන් නොපවතී. ජගත් ආගම් සියල්ලහිම මෙම ලක්ෂණය ඇත. ආගමික කතිකාව ව්‍යුහගතව ඇත්තේ එය පදනම් කොටගෙනය. එවිට සම්ප්‍රදායන්ට සහ ආගමික කතිකාවන්ට එරෙහි, එසේ නොමැති නම්, පවතින දෘෂ්ටිවාදය ප්‍රශ්න කිරීම සඳහා ඉදිරිපත් වන ජනප්‍රිය කතිකාව වන්නේ විද්‍යාත්මක කතිකාවයි. නමුත් එය එවිට තවත් දෘෂ්ටිවාදයකි. එම දෘෂ්ටිවාදය සතුවද ආගමික ශාස්තෘන් වැනි අය ඇත. නූතන විද්‍යාවේ ආරම්භකයින් වූ ගැලීලියෝ, ඩෙකාට්ස් වැනි අයගේ සිට වර්තමාන විද්යාඥ ප්‍රජාවන් සැලකුව ද ඒ ඒ ප්‍රජාවන් තුල විද්යාඥයින් තනි තනිව සැලකුව ද ඒ අය පිලිගැනෙනුයේ අනෙකුත් සාමාන්‍ය මිනිසුනට නොමැති සහ ලඟාවිය නොහැකි සුවිශේෂී දක්ෂතා සහිත අතිශය වරප්‍රසාදි පුද්ගලයින් ලෙසය (එම දක්ෂතාවය සොයාගෙන, ඔප දමා, විකසිත කරනා ව්‍යුහාත්මක දූරවලිගත ආයතන පද්ධතිය අධ්‍යාපනය යනුවෙන් හඳුන්වයි). ඔවුනට විද්යාඥයින් බවට පත්ව ලෝකය පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ හැකියාව ඇත්තේ සහ එම තීන්දු තීරණ, එනම් ඔවුන් වෙතින් පැමිණෙන, කොටින්ම සමස්ත මිනිස් ජීවිතය සහ පොදුවේ මුළු ලෝකයම සකස් විය යුතු ආකාරය සමස්ත ලෝකවාසීන් හට පිළිගැනීමට සිදුව ඇත්තේ ඔවුන් සුවිශේෂී බැවිනි.

ඔවුන් හට සුවිශේෂී අනන්‍යතාවයක් (ඇඳුමක් ද ඇත) ඇති අතර, එම අනන්‍යතාවයට හිමි ගරුත්වය, පිළිගැනීම, වරප්‍රසාද, සම්භාවනාවට පත්‍ර වීම, සම්භාව්‍යත්වය ඇතුළු සියල්ල සමගින් ඉතා හොඳ ආර්ථික පන්තිමය තත්වයක් ද හිමි වේ. ඔවුන් වෙතින් පැමිණෙන තීන්දු තීරණ සහ ලෝකය සකස්විය යුතු ආකාරය සමස්ත සමාජයම පිළිගන්නේ ඔවුන් සුවිශේෂී දක්ෂයින් ලෙස පිළිගන්නා බැවිනි. එවිට ආගමික කතිකාව පිළිගැනීම සහ විද්‍යාත්මක කතිකාව පිළිගැනීම අතර වෙනස කුමක් ද? දැන් කෙනෙකුට පැවසිය හැක්කේ විද්‍යාව කෙතරම් ආශ්චර්යමත් ද යන්නයි (දෑස් නිලංකාර කරවන විද්‍යාවේ නිෂ්පාදන සහ වෛද්‍ය විද්‍යාවේ හාස්කම් වැනි දේ තුලින්).

 

සත්තකින්ම විද්‍යාවේ කීර්තියට හේතු වී ඇත්තේ මෙම තත්වයයි. නමුත් ආගම තුල ද එවැන්නක් නොමැති ද? විද්‍යාවේ නිෂ්පාදනයන්ට වඩා අනගිභවනීය විශ්වය ඇතුළු සකල විධ දේ, ගහකොළ ඇතුළු සියලු ජීවීන් ද ඒ සියල්ලට කේන්ද්‍රීයව මිනිසා ද නිපදවා ඇත්තේ දෙවියන් වහන්සේ බව පවසන විට සහ ජීසස් යනු එකී දෙවියන්ගේ ජීවමාන නියෝජනය බව පවසන විට එය කෙසේ ද? එපරිදිම බුදුන් දෙසු දහම විද්‍යාත්මක බවත් නූතන විද්‍යාවෙන් සොයා ගන්න්නා සියල්ල බුදුන් විසින් ඊට පෙර දෙසා ඇති බවත් ඒ සියල්ල විද්‍යාත්මක බවත් පවසන විද්‍යාව පිළිගන්නා බහුතරය එසේ ප්‍රකාශ කරන්නේ ඇයි?

 

ඒ කෙසේ වෙතත් අපගේ මූලික අවධාරණය වන්නේ ආගමික කතිකාවට සහ විද්‍යාත්මක කතිකාවට අදාල මහා පොදු සාධකය වන මිනිස් පුද්ගල සුවිශේෂිතාවය ගැනය. ඒ තුල විද්‍යාත්මක කතිකාවේ මායාකාරී සංජානනය යනු කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වයේ ශුද්ධ විස්තරය පිළිබඳව කතිකාවක් වන අතර, විරුද්ධාභාසය පවතින්නේ හිස් කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වයේ සහ රැඩිකල් ඉච්ඡානුගතවාදයේ (voluntarism) සමපාතය තුලය. එනම් කරුණු පිළිබඳව ගුණාත්මකභාවය හෝ තත්වය අර්ථ විරහිත ලෙස පවත්වා ගත හැක්කේ, "එසේම පවතින" දෙයක් ලෙසින්, එය අත්තනෝමතික දිව්‍ය කැමැත්තකින් රහසිගතව පවත්වා ගෙන යන්නේ නම් පමණි. නිශ්චිතවම ඩෙකාට්ස් නවීන විද්‍යාවේ ආරම්භක පුද්ගලයා වන්නේ එබැවිනි. ඒ ඔහු විසින් හරියටම අත්තනෝමතික දිව්‍ය කැමැත්ත මත රඳා පවතින 2 + 2 = 4 වැනි වඩාත් මූලික ගණිතමය කරුණු පවා සෑදූ බැවිනි. දෙක සහ දෙක හතරක් වන්නේ දෙවියන් වහන්සේ එයට එසේ නියම කල නිසා වන අතර එසේ වන්නේ එය පිටුපස සැඟවුණු නොපැහැදිලි 'තර්ක බුද්ධි' දාමයක් නොමැතිවය. ගණිතය තුලදී පවා මෙම කොන්දේසි විරහිත ඉච්ඡානුගතවාදය තේරුම්ගත හැක්කේ එහි "ස්වසිද්ධි" (axioms) මූලික වන ස්වභාවය තුලය.

 

එබැවින් සංස්කෘතික දේශපාලනයේ නියැලෙන්නන් උත්සාහ දරනුයේ "ධනවාදී කතිකාව" තහවුරු කරමින් වෙනත් ආගමක් (ධනවාදය ක්‍රියාත්මක වන්නේ ආගමක් ලෙසිනි) සංස්ථාපනය කෙරුම සඳහාය. මේ යුගයේ කැපී පෙනන වාමාංශිකයින් යනු විමුක්ති දේශපාලන විභවයන් හැර දමා සංස්කෘතික ක්ෂේස්ත්‍රය වැළඳගෙන ඇති, මුග්ධත්වය නඩත්තු කරන්නන් පිරිසකි. එවැනි ක්‍රියාවන් ඔවුනගේ අභිමානය වඩවා ගැනීම සඳහා මහගු අවස්තාවන් ලෙසින් සලකා ඒවා දුටු වහාම ඒවායේ එල්ලීම සඳහා විපරම් කරමින් සිටීම ඔවුනගේ ප්‍රධාන කටයුත්තකි.

 

"Any order, any discourse, that is akin to capitalism leaves out what we will simply call the things of love, my good friends."

-Jacques Lacan

 

අප ධනවාදයට එරෙහි නම් අපගේ මූලික කාර්ය විය යුත්තේ 'ධනවාදී කතිකාවෙන්' ඉවත්වීමයි. 'ධනවාදී කතිකාවෙන්' ඉවත් වූ පමණින් ධනවාදයෙන් ඉවත් විය නොහැකි වන අතර ධනවාදයෙන් ඉවත්වීම සඳහා යයි පවසමින් වස විස නැති ගොවිතැන් කිරීම, අල්පේච්ඡතාවයන් වැළඳ ගැනීම, සැම එකාටත් එකා සැමටත් කියමින් ආගමික ප්‍රතිපදාවන් නඩත්තු කිරීම හෝ counter culture වැනි විගඩම් කිරීමට උත්සාහ කිරීම ඊට අදාළ ක්‍රියාවන් නොවේ ('කතිකාව' සහ 'දෘෂ්ටිවාදය' අතර වෙනස හඳුනා නොගත් අය). ධනවාදයට එරෙහිව ශක්තිමත්ව පහර දීමට නම් සියල්ලට ප්‍රථම එම කතිකාවෙන් ඉවත් වූ පිරිසක් එකමුතු විය යුතුය.

 

වඩාත් සංයුක්ත අකාරයෙන් පවසන්නේ නම් "මෝඩාභිමානය" යනු UNPයේ ප්‍රචාරණ ඒකකයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන්නකි.

 

කතාව සැකවින් මෙසේය. දර්ශන හඳුන්ගොඩ වෙතින් SLVlog මිලදී ගෙන ඇත්තේ චාමර ගුරුගේ නැමැති වාමාංශික විකටයාය. කොළඹ සංස්කෘතික දේශපාලනයේ රස්තියාදු වෙමින් සිටින පාහර චරිතයක් වන ඔහු එවැන්නක් මිලදී ගැනීමට තරම් වත්කමක් ඇත්තෙකු නොවන බව තතු දන්නෝ පවසති. ඒ අනුව හැඟවෙන්නේ එය මිලදී ගැනීම සඳහා කිසිවෙකු හෝ කිසියම් කණ්ඩායමක් මුදල් දී ඇති බවය. මංජු නිස්සංක නැමැත්තා ඊට ඈඳෙන්නේ ඒ අනුවය. කෙසේ වෙතත් එය මිලදී ගැනීම සඳහා මූලික වී ඇත්තේ රනිල්ගේ මාධ්‍ය ඒකකයේ කේශාල් නැමැත්තෙකු සහ වෙබ් ගෝඩ්ෆාදර් ප්‍රදිනන්දිස්ය. කේශාල් නැමැත්තා කලින් මංගල සමරවීරගේ සෙවනේ ප්‍රදිනන්දිස් යටතේ සිටි අයෙකි. එසේම චින්තන ධර්මදාස ද මේ රෝලේ ඔවුන් සමග කැරකෙන්නෙකි.

 

කෙසේ වෙතත් හසලක තුෂාර නැමැත්තාගේ මල්ලෙන් බලලා එලියට පැන ඇත. මේ ඔහුගේ ප්‍රකාශයයි:

"කොළම්බු කොමඩි සෙන්ට්‍රල් (Colombo Comedy Central) ප්‍රහසන කලා කණ්ඩායම මගින් මෙහෙයවන වැඩසටහන්වල අන්තර්ගතය පිළිබද මංජු නිශ්ශංක වන මාගේ හෝ සිංගියුලරිටි ශ්‍රී ලංකා ආයතනයේ කිසිම සම්බන්ධතාවක් නොමැති බවත් සමාජ මාධ්‍යන්හි පලවන මඩ ප්‍රචාරණය එකහෙලා ප්‍රතික්ෂේප කරනු බවත් ප්‍රකාශ කරමු. අපගේ ආයතනය මගින් විශ්වවිද්‍යාල සංගම්, ශිෂ්‍යයින්, ස්වේච්ඡා සහ තරුණ සංවිධාන සංවිධාන විසින් යෝජනා කරන සමාජ ප්‍රගමනයට හේතු වන කලා හා සමාජ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සමහර අවස්තාවල දී යම් අනුග්‍රාහකත්වයක් ලබා දෙනු ලබන අතර ඒවාගේ අන්තර්ගතයන් සහ ක්‍රියාත්මක කරවීමේ පූර්ණ වගකීම අදාළ ආයතනයන් සහ පුද්ගලයන් සතු වේ. නමුත් අපගේ සද්භාවයේන් ලබා දෙන අනුග්‍රාහකත්වයක් සමාජ ප්‍රගමනයට හානි වන ලෙස භාවිත කර තිබේ නම් එයද අප කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරනු ලබන බව අවධාරනය කරමු."

 

තුෂාරගේ ප්‍රකාශයට අනුව ඔහු 'Singularity' ආයතනයේ (එම ආයතනය ගැන 2022/12/25 දින අපේ සටහන https://web.facebook.com/madawa.rp/posts/pfbid037qhT8jZ14DEQoDyCa6tT4xBbymPEcceftU46NRqurAoUQcifZFyVBtHaCSiAZP5Gl ) සාමාජිකයෙකු වන අතර එය සහ ඔහු "සමාජ ප්‍රගමනය" වෙනුවෙන් කැපවී ඇති අතර මෙවැනි දේ වලට ඔවුන් අනුග්‍රහය දක්වන නමුදු ඒවායේ අන්තර්ගතය සම්බන්ධයෙන් වගකීමක් ඔවුනට නොමැත. මේ ආකාරයටම Advocata ආයතනය විසින් ද කොමඩි වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇත. එකී ආයතනයන් දෙකම පෙනී සිටිනුයේ ලිබරල් ධනවාදය වෙනුවෙනි. එනම් රනිල් වික්‍රමසිංහගේ ව්‍යාපෘතිය සාර්ථක කොට ගැනීම වෙනුවෙනි.

 

මෙවැනි කොමඩි, ප්‍රචාරක වැඩ සටහන්, ඇතුළු විවිධාකාර උපක්‍රම ඔස්සේ රනිල් ව්‍යාපෘතිය සාක්ෂාත් කොට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් දියත්ව ඇත. පසුගිය දිනවල දෙමල ජාතිකවාදීන් වෙතින් ඇති වූ කුලප්පු කිරීම් සහ ඒවාට ප්‍රතිචාර දැක් වූ සිංහල ජාතිකවාදීන්ගේ ආගමනය, ජෙරොම් නමැති පාස්ටර් වරයා, සහ වර්තමාන සිද්ධිය වන නතාෂා යන ව්‍යාපෘතීන් සැලසුම් සහගතව දියත් කෙරෙන ව්‍යාපෘතීන්ය. ඒවායේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ලිබරල් ව්‍යාපෘතිය ශක්තිමත් කිරීම සහ සිංහල බෞද්ධ ජාතිකවාදය නැවතත් උත්කර්ෂයට නංවා පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ පාර්ශවය සඳහා වේදිකාවක් තනා දීමයි. එසේ නාමල් පාර්ශවයට වේදිකාව සෑදෙන විට බැසිල් පොහොට්ටුවේ කණ්ඩායමක් සමගින් රනිල්ට සහාය දෙනු ඇත (පොහොට්ටුවට ඇති එකම විකල්පය එම උපක්‍රමයයි). ඒ අනුව කපුටු බැසිල් නැති හොඳ මහින්දගේ ජාන සහිත පොහොට්ටුවක් නිර්මාණය කොට එය ප්‍රධාන විපක්ෂ බලවේගය බවට පත් කොට ජවිපෙ යටපත් කිරීම මෙහි ප්‍රධාන අරමුනයි.

 

රනිල්ගේ තවත් අරමුණක් වන්නේ මෙවැනි දේ දඩමීමා කොටගනිමින් සමාජ මාධ්‍ය නියාමනයක් ගොඩනැගීමයි (දැනටමත් ඒ සඳහා අවශ්‍ය පරිසරය සකස්වෙමින් ඇත). ඒ අනුව රනිල්ගේ ඉදිරි බලාපොරොත්තුව වී ඇත්තේ සජබේ විශාල පිරිසක් UNPට එක් කරගන්නා ගමන්ම පොහොට්ටුවෙන් ද විශාල පිරිසක් එක්කොට ගැනීමය. එවිට මහින්ද රාජපක්ෂගේ උපදේශකත්වයෙන් සහ ජානමය උරුමයෙන් සුපිශ්පිත වන නාමල සඳහා ජාතිකවාදී කඳවුරක් ගොඩනැගෙනු ඇත. බලාපොරොත්තු වන පරිදි සියල්ල සිදු වුවහොත් එම කඳවුර ව්‍යාජ විපක්ෂයක් ලෙසින් ක්‍රියා කරමින් ආණ්ඩුවට සහය දක්වනු ඇත. නමුත් එසේ වීමට ඇති ඉඩකඩ ඉතාම සීමිත වන්නේ ආර්ථික අර්බුධය උත්සන්න වීමට නියමිත බැවිනි (නමුත් රනිල්ගේ බලාපොරොත්තු සපුරමින් ජපානයෙන් ද ඩොලර් බිලියන දෙකක ආදර ලැබී ඇත).

 

සංස්කෘතික වම්මුන් බොහෝ දෙනෙකු නඩත්තු කරනුයේ 'X කණ්ඩායමේ' උරුමයයි. ඔවුන් සියලු දෙනාම පාහේ ඉහත දේශපාලන උප්පරවැට්ටියේ කොටස් කරුවන් වී ඇත (සැමදාම සිදු වූයේ එයයි). ඔවුන් කැපව ඇත්තේ "සමාජ ප්‍රගමනය" වෙනුවෙනි. "සමාජ ප්‍රගමනය" සිදුවන්නේ නම් ඔවුනට ලිබරල්වාදීන් සමග එකතු වීම ප්‍රශ්නයක් නොවේ. වම්මුන් මංගල සමරවීර තුරුලේ නැලවුනේ ද එබැවිනි (මේ වන විට මංගලගේ බැලයින් නතාෂට ඍජුවම සහාය දක්වමින් සිටී).

@ස්පාර්ටකස් ලිපි

නවතම ලිපි