SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

“ජෙරොම්ගේ ලව් දෙයියා” ලිපිය බොහෝ දෙනා කියවා තිබුණා. එයට ප්‍රතිචාරයක් හැටියට කිසිවෙකු මා හට ඒවා තිබුණා දිලිත් ජයවීර විසින් මීට වසර හතරකට පෙර සිදු කළ කතාවක්.

පොතක් එළිදැක්වීමේ උත්සවයක ඔහු සිද්ධාර්ථ ගෞතම සහ බුදුන්වහන්සේ පිළිබඳව සිදු කරන මෝඩ අර්ථ කථනයක්. ඒ කතාවේ ඔහු වැඩිපුර ගහන්නේ ඔහුගේ පම්පෝරිය. තමා ගැන හෙනම ලොකු සීන් එකෙන් හිතාගෙන ඉන්න පොරක් තමයි දිලිත්. ඒ සෙවල ටික ඇරියම ඔහුගේ කතාවේ මූලික ප්‍රස්තුතය වෙන්නේ (ඔහුගේ වචනවලින්) සිද්ධාර්ථ “ආතල්” එක හෙව්වා සහ බුදුන්වහන්සේ “ආතල්” එකේ හිටියා යන අදහස.

මෙතන “ආතල්” යන්නෙන් දිලිත් අදහස් කරන්නේ “ප්‍රීතිය” “සතුට” “happiness” ආදියට බව දිලිත් කියනවා. ඔහුගේ තර්කය තමයි එහෙම ආතල් එකේ ඉන්න උගන්වන “ආතල් concepts” තියෙන්නේ බුදුදහමේ බව. (දිලිත්ගේ වචන වලින්ම මේ අර්ථ සලකුණු කළේ පසුව ඒවා වෙනස් කරන්න බැරි වෙන්න. මොකද දිලිත් නිතර කරන තර්කන ආභාසයක් තමයි ඔහුට ඕන ඕන වෙලාවට වචනවල අර්ථය වෙනස් කිරීම.) දැන් මේ ප්‍රකාශය තාර්කිකද?

 

Dilith 2

 

පළමුවෙන්ම කිව යුත්තේ ත්‍රිපිටක ධර්මයේ නම් තියෙන්නේ එහෙම පීති පමොජ්ජා සෙවීමක් හෝ ආතල් එකේ සිටීමක් හෝ නොවෙයි. බුදුන්වහන්සේ සතුට ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම දුකත් ප්‍රතික්ෂේප කරනවා. නොදුක් නොසුව හෙවත් උපේක්ෂාවත් ප්‍රතික්ෂේප කරනවා. චේතෝ විමුක්තියට යන ගමනේ පළමු පියවරයන් වන්නේ එම චිත්ත ප්‍රතික්ෂේපයන්. නලින් ද සිල්වා කියන නිසා කට පාඩමින් කියන චතුස්කොටිකය ගැන සරල හෝ අවබෝධයක් තිබුණා නම් දිලිත් ජයවීර ඔවැනි අවිද්‍යාත්මක අතාර්කික පදනම් විරහිත ප්‍රකාශයක් කරන්නේ නැහැ.

 

nalin

 

දිලිත් ඒ කතාවේ කියන හැටියට ඔහු හැමවෙලාවෙම තෝරා ගන්නේ ලේසි ක්‍රමය. ඔහුගේ පියාගේ උවමනාවට ලෝ ෆැකල්ටි එකට යන්න ඕන නිසා තියෙන ලේසිම විෂය උසස්පෙළ සඳහා තෝරාගත් බව ඔහු කියනවා. ඔහු කියන හැටියට ඔහු තෝරාගත් එවැනි ලේසිම විෂයක් තමයි “බෞද්ධ ශිෂ්ටාචාරය”. බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයක් එහෙම “ලේසියට” නොගත්තා නම් දිලිත් විසින් ඇතැම්විට ඔය ඉහත කියන ආකාරයේ මොඝ ප්‍රකාශයක් නොකරන්න තිබුණා. ඒ වගේම ඔහු කියනවා ලෝ ෆැකල්ටියේ කිසිම දේශනයකට ඔහු ඉඳලා නැහැ කියාත්. එකකට දෙකකට හරි හිටියා නම් ඇතැම් විට ඔවැනි කරුණුමය වශයෙන් අසත්‍ය සහ අතාර්කික ප්‍රකාශයක් දිලිත් විසින් නොකරන්න තිබුණා.

 

එතකොට බුදුදහමේ දිලිත් කියන ආකාරයේ ආතල් එකේ ඉන්න උගන්වන “ආතල් concepts” තියෙනවද? බුදුන්වහන්සේ සස්සත දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම උච්චේද දෘෂ්ටියත් ප්‍රතික්ෂේප කරනවා. මරණින් මතු සත්ත්වයා ඇත යන්නත් ප්‍රතික්ෂේප කරනවා; මරණින් මතු සත්ත්වයා නැත යන්නත් ප්‍රතික්ෂේප කරනවා. ඒකම තමයි අත්තකිලමතානුයෝගය වගේම කාමසුඛල්ලිකානුයෝගය දෙකම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. ඒකම තමයි භාව තණ්හා වගේම විභව තණ්හා දෙකම ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. මොකද ඒවා පදනම් විරහිත පුහු විශ්වාස පමණක් නිසා.

 

Dilith2

 

නමුත් ආතල් එකේ ඉන්න උගන්වන “ආතල් concepts” තමයි ඒවා. ඕනෑම ආතල් එකක් ඔය දෘෂ්ටිමය conceptual අන්ත දෙකෙන් එකකට හෝ දෙකටම හෝ වැටෙනවා. ජෙරොම් සහ ඔහුගේ දහස් ගණනක් අන්ධ භක්තිකයන් සස්සත දෘෂ්ටියේ ඉඳගෙන ආතල් ගන්නවා. මරණින් මතු සත්ත්වයා සදාකාලික ස්වර්ගයට යනවාය කියන විශ්වාසය නිසා ඔවුන් ආතල් එකේ ඉන්නවා. YOLO කියාගෙන ඉන්න නිරාලා ඒ පුහු විශ්වාසය නිසා ආතල් එකේ ඉන්නවා. නමුත් බුදුදහමේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ඔය දෙකේ හරි “මැද්දේ” ඉන්නවා කියන එක නොවෙයි. ඒක දිලිත් කියන ආකාරයේ “සූස්තියක්” ඇදලා ආතල් එකක් ගන්නවා වගේ දෙයක් නොවෙයි.

ජෙරොම් නම් අඩුම ගානේ වෙනත් ආගමික පවුලකට උපන් නිසා සහ වෙනත් ආගමික පරිසරයක හැදුන නිසා බුදුන්වහන්සේ සහ බුදුදහම පිළිබඳව නොදැන හෝ බාගෙට දැන සිටීම උපේක්ෂාවෙන් ගන්න පුළුවන්. ඒ වගේම බෞද්ධ ශිෂ්ටාචාරය විෂයයක් ලෙස උගත් එකා මේ ආකාරයට තමන්ගේ නොදැනුවත්කම මමායනයේ උපරිම ලෙවල් එකෙන් දේශනා කිරීමත් උපේක්ෂාවෙන් ගන්න ඕනා. වරෙන් ජෙරම් ලංකාවට. ධර්මය අපට මග වේවා!

එරන්ද ගිනිගේ

2023 මැයි 24

නවතම ලිපි