SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලෝකයේ පවතින විවිධ සටන් කළා සංවිධිත සටන් ක්‍රම බවට පත්වීමට ඉතිහාසය තුලබොහෝ දුර ගමනක් ඇවිත් තිබෙනවා,

සටන් කලාව මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයේ සිට අද දක්වා පරිණාමය වෙමින් පවතිනවා, සටන් ක්‍රම,අවශ්‍යතාවය මත,ගෝලීය සාධක මත ,පාරිසරික සාධක මත,පසුකලෙක සංස්කෘතික සාධක මත දියුණු වූවක්.

 

සටන් 2

වසර දහස් ගණනකට කලින් ජිවත් වූ මානවයා සිය ජීවිතය වෙනුවෙන් සටන් කිරීමට යොදා ගත් ශිල්ප ක්‍රමයක් දැනුමක් ලෙස ඉදිරි පරම්පරාවන්ට දායක කල හේතුවෙන් එය ක්‍රමිකව අද දක්වා දියුණු වී තිබෙනවා, සෑම සටන් ක්‍රමයක්ම ඊට අනන්‍ය වූත් ස්වීය වූත් ලක්ෂණ දරන්නේ එම නිසා.සටන් කලාව කෙතරම් පැරණිද යන්න පිළිබඳව පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාක්ෂි අපට හමුවෙනවා, වසර 4000 ක් පමණ පැරණි ඊජිප්තු රුපාක්ෂර වල පවා සටන් කලාව පිළිබඳව සාක්ෂි දක්නට ලැබෙනවා.

අතීතය එසේ වන විට නවීන ලෝකය තුල සටන් කලාව ක්‍රීඩාවන් බවට ,ඩොලර් බිලියන ගණනක ශේත්‍රයන් බවට රූපාන්තරණය වී තිබෙනවා. මේ අතරින් මිශ්‍ර සටන් කලාව නොහොත් Mix Material  Arts වලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්.

 

Mix Material Arts   යනු කුමක්ද?

MMA

 

ලෝකයේ විවිධ සටන් කළා විශාල ප්‍රමාණයක් පවතිනවා ,ඒ සටන් කළා අපට ආයුධ සහිත සටන් කළා සහ ආයුධ රහිත සටන් කළා කියා හඳුනාගැනීමේ පහසුව සඳහා බෙදා වෙන් කරන්න පුළුවන් ,ඒ අතර ආයුධ රහිත සටන් කළා (Striking ) පහරදීම ,( Grappling ) පොර බැදීම, කියා බෙදා වෙන් කරන්න පුළුවන්. MMA  යනුවෙන් හැඳින්වෙන්නේ පහරදීම සහ පොරබැදීම කියන කුලකයකට අයත් සටන් කළා  අංශ දෙකම ප්‍රගුණ කල සටන් කරුවන් මේ සටන් ක්‍රම දෙකෙහි පවතින සාරය උපයෝගී කර ගනිමින් පුහුණු වන සටන් ක්‍රමයකටයි ,මෙය සටන් කලාවක් ලෙස හඳුවන්වනවාට වඩා සටන් ක්‍රමයක් ලෙස හැඳින්වීම නිවැරදියි.

 

MMA - Mix Material Arts

 

සටන් 5

 

ලෝකයේ විවිධ MMA  සටන් තරගාවලි පැවැත්වෙන අතර මේ වනවිට MMA බටහිර රටවල් ඇතුළු ලෝකය පුරා අනෙකුත් ක්‍රීඩා පරදවමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ලඟා වී තිබෙනවා, MMA  සටන් කරුවන් ලෝකයේ ධනවත්ම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහල අංක හොබවනවා, යුරෝපයේ පමණක් නොවේ මැද පෙරදිග ,ආසියාවේ ,අසල්වැසි ඉන්දියාවේ පවා MMA  තරගාවලි පැවැත්වෙන අතර එය අති විශාල මුදලක් ගැවසෙන ක්ෂේත්‍රයක් බවට පත් වී තිබෙනවා, MMA ඉතා ඉක්මනින්ම ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්වනු ඇති බවට පුරෝකථන පලවෙනවා.

 

UFC

සටන් 6

 

මේ වන විට ලෝකයේ අතිශයම ජනප්‍රිය MMA  තරගාවලිය සංවිධානය කරන්නේ Ultimate Fighting Championship නම් ඇමෙරිකානු සමාගමයි ,මේ සමාගම ආරම්භ කරන්නේ 1993 වසරේ , මේ වනවිට මෙම සමාගම අතිශය ධනවත් සහ MMA  තරගාවලි සංවිධානය කිරීමේ ලෝකයේම දැවැන්තයා බවට පත් වී තිබෙනවා, UFC  කෙතරම් ජනප්‍රියද කිවහොත් අපේ රටේ බොහෝ දෙනෙකු UFC යනු තවත් එක් සටන් කලාවක් යයි සිතනවා. ලෝකයේ දැවැන්ත සමාගම් ,සංහතික මාද්‍ය UFC  සමාගම සමග අත් වැල් බැඳගෙන තිබෙනවා.

 

CFC - Ceylon Fighting Championship

 

සටන් 7

 

සිලෝන් ෆයිටින් චැම්පියන්ෂිප් නැතහොත් CFC යනු ලංකාවේ MMA තරගාවලි නිසි තාක්ෂණය ,අත්දැකීම් ,සහ ජාත්‍යන්තර නීති රීති වලට අනුකූලව පවත්වන ආයතනයයි ,එහි සභාපතිවරයා වන්නේ මධුර රත්නායකයි, මේ වන විට CFC මගින් MMA  තරගාවලි 07ක් සංවිධානය කර තිබෙනවා, CFC සමග MMA ක්‍රීඩා සමාජ ගණනනාවක් සම්බන්ද වී වැඩ කටයුතු සිදු කරනවා, Ceylon Fight Club , Lion warriors ,Natural Grappling Acedemy , Ultimax Combat Club ,Shed ,Glory ,Brother Hood ,IFC, Yakoob MMA ,Black Panther , යන ක්‍රීඩා සමාජ ඇතුළු තවත් ක්‍රීඩා සමාජ ගණනාවක් ඒ අතර තිබෙනවා, එමෙන්ම තවත් ක්‍රීඩා සංගම් ගණනාවක් CFC සමග සම්බන්ද වීමට ඉල්ලීම් සිදු කර තිබෙනවා, තවද විදේශ ක්‍රීඩකයන් බොහෝ ප්‍රමාණයක් CFC තරගාවලියේදී සටන් වැදීමට ඉල්ලීම් සිදු කර තිබෙනවා. CFC සමග සම්බදව කටයුතු කරන ක්‍රීඩා සංගම් වල ඉතා ඉහල තාක්ෂණයෙන් ,වගකීමෙන් ,සටන් කරුවන්ගේ කායික මානසික සෞඛය ගැන ඉහල අවධානමක් දෙමින් පුහුණු කරන, පුහුණුකරුවන් සිටිනවා, මේ සංගම් හා සම්බන්ද වී ,ඉහත සඳහන් කල ,කික්බොක්සින්,බොක්සින් ,බ්‍රසීලියානු ජු ජිට්සු , රෙස්ලින් වැනි සටන් කළා ගැන ඉහල නිපුනත්වයක් ලඟා කර ගන්නට ඕනෑම අයෙකුට හැකියාව ලැබෙනවා.

 

ලංකාවේ MIX Material Art

 WhatsApp Image 2023 04 28 at 13.35.09

 

ලංකාවේ ඉතා වේගයෙන් මේ වනවිට MMA  ජනප්‍රිය වෙමින් පවතිනවා ,මේ ක්‍රීඩාව ලංකාවට ජාත්‍යන්තරය ජය ගැනීමට ,විදේශ විනිමය උපයා ගැනීමට ,සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට උපයෝගී කර ගත හැකි ඉතා හොද මෙවලමක් ,ප්‍රධාන පෙලේ මාධ්‍යය වල අවධානය මේ ශේත්රය කෙරෙහි දැන් දැන් යොමු වීම අනාගතයේ සුබ දසුනක් , අසල්වැසි ඉන්දියාව මේ වන විටත් MMA ක්‍රීඩාව පැත්තෙන් බොහෝ දුර ගොස් තිබෙනවා, අපේ රට තුලත් ඉතා සුබදායි ලෙස මෙම ක්‍රීඩාවට යොමු වන පිරිස වැඩි වෙමින් තිබෙන අතර MMA රට තුල වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතිනවා.

 

WhatsApp Image 2023 04 28 at 13.37.35

 

WhatsApp Image 2023 04 28 at 13.37.36

 

 

MMA - ප්‍රවේසමෙන්

 

සටන් 3

 

මේ ක්‍රීඩාව වේගයෙන් ජනප්‍රිය වන නිසා එම ජනප්‍රියත්වය උපයෝගී කරගෙන බොර දියේ මාළු බෑමට උත්සාහ කරන අයද ඇති බව ආරංචි වේ , MMA  සඳහා ජාත්‍යන්තර සංගමයක් හෝ මව් සංගමයක් නැත ,එවන් සංගමයක නියෝජිතයකු ලෙස යමෙක් පෙනී සිටින්නේනම් එවැනි සංගමයක් නොමැති බව ඔබ දැන ගත යුතුය, තරගාවලි සඳහා විදේශ ගත විය හැකි බව ,තරග සඳහා මුදල් ලබා දෙන බව පවසා විවිධ ජාවාරම් වල යෙදෙන්නට උත්සාහ කරන අයගෙන් ඔබ ප්‍රවේසම් විය යුතුය , සමහර අයෙක් ජාත්‍යන්තරයේ ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයෙකුගේ නම භාවිත කර පැමිණෙනවා විය හැක ,මේ බොහෝ දෙනෙකු ලංකාවේ MMA  සඳහා ඇති එකම සංවිධිත ආයතන වන CFC නම භාවිත කරන්නේ නම් CFC එවන් කිසිදු පාර්ශවයක් සමග ගනුදෙනු නොකරන බවට ඔබව දැනුම්වත් කිරීමට කැමැත්තෙමු.

 

සටහන - @ හසිත එරංග වලගමගෙදර

නවතම ලිපි