SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අධ්‍යතන සමාජය යනු වර්තමානය පාවා දී අනාගතය වෙනුවෙන් ජීවත් වන මිනිසුන් සිටින සමාජයකි. එහි ජීවත්වන මිනිසුන් පසුවන්නේ ප්‍රමෝදයෙනි (jouissance).

ප්‍රමෝදය යනු අනාගතයේ අත්පත්කොට ගත හැකි උතුරා යන මහත් සංතෘෂ්ටියක් වෙනුවෙන් තම මේ මොහොතේ ආශාව (ආශාව යනු සැම විටම අනෙකාගේ ආශාවය) පාවා දෙන, කල්දමන මිනිසුන් සිටින සමාජයකි. දරුවෙකු බහ තෝරන වයසේ පටන් එම දරුවාට ජීවිතය පිළිබඳව ලබා දෙන අවබෝධය තුල අන්තර්ගත වන්නේ අනාගතයේ සාක්ශාත්කොට ගත හැකි පරිපූර්ණ සංතෘෂ්ටිය පිලිබඳවය.

උදාහරණයකින් පවසන්නේ නම් දරුවාගේ සෙල්ලම් කිරීම පිළිබඳව ආශාව පවා දෙමින්, රෝගී තත්වයන්ට පත්වෙමින්, අසහනකාරී ලෙස ඉගෙනීම සඳහා වෙහෙසිය යුත්තේ ඒ තුලින් අනාගතයේදී සාක්ශාත්කොට ගත හැකි පරිපූර්ණ සංතෘෂ්ටිය උදෙසාය.

 

ලංකාවේ වසන අති මහත් බහුතර මිනිසුන්ට අනුව මෙය ලංකාවේ පවතින විෂම චක්‍රයක් මිස "දියුණු" රටවල එවැනි තත්වයක් නොමැත. මේ තත්වය ලංකාවට පැමිණෙන්නේ 14 වන ශත වර්ෂයෙන් පසුව බව පිළිගන්නා අය සොයා ගැනීම දුර්ලභය. ඒ කෙසේ වෙතත් වර්තමානයේ ලෝකයේ "දියුණුම" රට ලෙස සැලකෙන, අධිකතර සහ අද්විතීය පාරිභෝජන තත්වයක් උසුලන ඇමරිකාව සැලකුවහොත් එහි ජීවත් වන මිනිසුන් ලංකාවේ මිනිසුන්ට බොහෝ සෙයින් එහා ගිය දැඩි විපරීත අපේක්ෂාවන් දරා ගැනීම අනාගත පරිපූර්ණ හෝ අධිකතර සංතෘෂ්ටියක් වෙනුවෙන් ජීවත්වීමේ හොඳම උදාහරණයයි. එපමණක් නොව අනාගත පරිපූර්ණ සංතෘෂ්ටිය සොරා ගත හැකි පිටසක්වල ආක්‍රමණයන් හෝ ස්වභාවික උවදුරු වලට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් ද ඔවුන් වෙහෙසෙති. කෙතරම් වෙහෙසුන ද තවමත් පිටසක්වල ආක්‍රමණ සහ ඒවායීන් බේරීම දැක ගත හැක්කේ ඔවුන්ගේ සිනමා කෘතීන් තුල පමණි. නමුත් ස්වභාවික විපත් වලින් බේරීම වෙනුවෙන් කෙතරම් වෙහෙසුන ද කිසිදු ස්වභාවික විපතකින් බේරීමට මෙතුවක් කලකට විද්‍යාත්මක හපනුන්ට හැකි වී නොමැති අතර සිදු වී ඇත්තේ ස්වභාවික විපත් වෙනුවට ඒවා මහා නැස්පැත්තීන් බවට පත්ව තිබීමය. එන්න එන්නම තත්වය දරුණු වෙමින් මහත් ව්‍යසනකාරී තත්වයන් ඇතිවෙමින් තිබුන ද අනාගත පරිපූර්ණත්වයට හානි වන ස්වභාවික විපත් වලින් බේරීම සඳහා වෙහෙසීම ඔවුන් අත්නොහරී.

ඉහත විස්තර කල අර්ථයෙන් බලන කල ලංකාව වැනි රටවල මිනිසුන් තම දූ දරුවන් නාසා විද්‍යාඥයා, වෛද්‍යවරයා, ඉංජිනේරුවා වැනි තත්වයන්ට පත්කොට ගැනීමේ ආශාව තුල ධාවනය වන විට සිලිකන් වැලි ව්‍යාපාරිකයින් ඔවුන්ගේ සමහර ව්‍යාපාර පාඩු ලබමින් පවා පවත්වාගෙන යනු ලබන්නේ ලෝකය මත ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමේ ආශාව වෙනුවෙනි. ඒ සඳහා හොඳම උදාහරණය ඊලන් මස්ක්ය. ඇමරිකානු දේශපාලන පක්ෂ දෙක (සැබවින්ම පවතිනුයේ එක් පක්ෂයක් පමණි. ඒ රිපබ්ලිකන් පක්ෂයයි) විසින් සිදු කරනුයේ මෙම ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තත්වය ප්‍රවර්ධනය, ආරක්ෂාව (ජාත්‍යන්තර යුධමය ක්‍රියාමාර්ග තුලින් පවා) සැපයීම, යටිතල පහසුකම්, නීතිමය ප්‍රතිපාදන, වැනි කටයුතු නිසි ආකාරව පවත්වාගෙන යාමයි. මෙම පක්ෂ දෙක තුල ආණ්ඩු බලය මාරු වීම සිදු වන්නේ පුරුද්දට මිස වෙනයම් දේශපාලන හේතුවක් නිසා නොවේ. රොනල්ඩ් රේගන් සහ මාග්‍රට් ටැචර් යන දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි තෙරක් නොමැති, පාලනය නොකළ යුතු, ආශාව තුල ක්‍රියාත්මක ව්‍යාපාරික නිදහසට කියනා නම වන්නේ නව ලිබරල්වාදයයි.

ඉහත විස්තර කල අනාගතවාදය රනිල් වික්‍රමසිංහගේ සියලු ප්‍රකාශ වල අඩංගුව පවතී.

මාතර සිටි UNPයේ පූර්වජ ප්‍රභූන් විසින් ඉඩම් ලබා දී ගොඩ නැගූ ඕල්කට් බෞද්ධ පාසලක් වන රාහුල විද්‍යාලයේ සියවස් සැමරුමට (“රහල් සියවස් ප්‍රතාප”) සහභාගී වූ රනිල් විසින් මෙසේ පවසා තිබුනි (මෙවැනි පාසල් වල සිසුන් වැඩිහිටියන් වූ පසුව උග්‍ර පාසල්වාදයක් නඩත්තු කරන්නන්ය. එවැනි පාසල්වාදීන් සියලු දෙනා අවිඥානිකව UNP කරුවන්ය).

 

"2070 වන විට මීට වඩා විශාල වෙනසක් සමාජය තුළ සිදු වෙනවා. එම තත්ත්වය අධ්‍යාපනයට බලපානවා. අපි දැන් දකින්නේ තාක්ෂණයෙන් කොටසක් පමණයි. කෘතිම බුද්ධිය වගේම දැන් අලුතින් ඇවිත් තිබෙන ChatGPT තිබෙනවා. කෙසේද එය ඉගෙනුමට බලපාන්නේ. අපට අවශ්‍ය පාසල් කේන්ද්‍රය අධ්‍යාපන ක්‍රමයක් ද, එසේ නොමැති නම් ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමයක් ද, මේ පිළිබඳ අපි තීරණය කළයුතුව තිබෙනවා".

2070 2

අදාළ සබැඳියාව: https://lankacnews.com/chatgpt-%e0%b6%9c%e0%b7%90%e0%b6.../

 

රනිල් විසින් ඉහත ප්‍රකාශය සිදු කරනුයේ මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව බව පැහැදිලිය (රනිල් යනු උග්‍ර YouTube පරිහරණ කරුවෙකි). 

 

 

රනිල් සැමවිටම ක්‍රියා කරනුයේ අනාගතය ගැන සිතමිනි. ඔහු ආර්ථිකමය වශයෙන් සිටිනුයේ 2035 වසරේ වන විට සංවර්ධනමය වශයෙන් සිටිනුයේ 2050 වසරේය. සංතෘෂ්ටිමත්, පරිපූර්ණ අනාගතයක් වෙනුවෙන් වර්තමානය කැප කළ යුතු බවේ බටහිර නූතනත්ව උරුමයේ නියමාකාර ලාංකීය නියෝජිතයා ඔහුය. එවිට UNP කාරයින්ට ද වඩා රනිල් පාර්ශවයේ මාරාන්තික උත්කර්ශකයින් වන්නේ ට්‍රොස්කිවාදී වාමන්ශිකයින්ය. ඔවුන් උග්‍ර "සිංහල බෞද්ධ විරෝධීන්ය". සියලු ආගම් ප්‍රතික්ෂේප කරමින් රාජ්‍යය ලෞකික විය යුතු බව තරයේ කියා සිටී. නමුත් ඔවුනට නොපෙනුයේ ඔවුන් බලාපොරොත්තු වන ලෞකික රාජ්‍යය යනු සියලු ආගම් අභිබවා යන (කිසිඳු ජගත් ආගමක් තුල අනාගතවාදයක් නොමැති අතර ආගම් පදනම් වන්නේ මේ මොහොතේ ජීවිතය වෙනුවෙනි) ආගමික සංස්ථාපනයක් බවය. ලාංකීය ලෞකික රාජ්‍යය පිහිටුවිය හැකි පුරෝගාමියා සේ ඔවුන් දකිනා රනිල් යනු එකී අර්ථයෙන් සියලු ආගම් අභිබවා යන ආගමක් අදහන්නෙකි (එම ආගමට කියන නම ධනවාදයයි). වෙනත් වචන වලින් පවසන්නේ නම් ලෞකික රාජ්‍යය යනු දෘෂ්ටිවාදයේ උපරිම ක්‍රියාකාරීත්වයක් බව ප්‍රජාතන්ත්‍රවාදී ලෞකික රාජ්‍යය සංස්ථාපනය කල යුතු බව පවසන්නන්ට නොවැටහේ.

 

අද ඉපදෙන දරුවා ජීවත්වන්නේ අනාගතය වෙනුවෙන් වන විට, ඔහු අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව, ඉන් පසුව ඔහුගේ දරුවන් අනාගතය වෙනුවෙන් සූදානම් කිරීම ඇරඹිය යුතුය. ලංකාව ගතහොත් මෙම ප්‍රමෝදමය චක්‍රයට ක්‍රමක්‍රමයෙන් මිනිසුන් ඇතුල් වීම ආරම්භ වන්නේ බටහිර ජාතීන්ගේ ආක්‍රමයෙන් පසුවය. එය උග්‍ර  ලෙසම සංස්ථාපනය වීම ඇරඹෙන්නේ විසි වන සිය වසේදීය. 1977න් පසු යුගය යනු ජීවිතයේ සියල්ල ඊට නතු වෙමින් පවතින යුගයේ ආරම්භයයි. සංවර්ධනය නමැති සංකල්පය වඩාත් තීව්ර ලෙස පෙරට එන්නේ 1977 වර්ෂයෙන් පසුවය.

 

2070 3

 

සංවර්ධන යථාර්ථයෙන් සහ එහි මැදිහත්වීම්වල විනාශකාරී ප්‍රතිවිපාකවලින් බොහෝ අය ඈත් වී සිටින අතර සංවර්ධනය හා එහි පොරොන්දු වෙත නිරන්තරෙන් ආශක්ත වීම යුගයේ ස්වභාවයයි. ඒ අනුව සංවර්ධනය පිළිබඳ සංකල්පය ප්‍රතික්ෂේප කිරීම හෝ පිළිගැනීම වෙනුවට කල යුතුව ඇත්තේ මිනිසුන් ඒ සමග බැඳෙන්නේ කෙසේද යන්න විමසා බැලීමයි. වෙනත් වචන වලින් කිවහොත්, සංවර්ධනය සඳහා මිනිසුන්ගේ ආශාවන් සහ සංවර්ධනයේ පොරොන්දු බැරෑරුම් ලෙස ගත යුතුව ඇත. නිමක් නැති ආශාවන් ඇති කරන, ආශා කරවන යන්ත්‍රයක් ලෙස වන සංවර්ධනය පිළිබඳ ලැකානියානු විශ්ලේෂණය සංවර්ධනය පිළිබඳව සංකල්පය වෙත මැදිහත්විය යුතු සැබෑ ප්‍රවේශයයි.

"ඔබේ ආශාව පාවා නොදෙන්න" ("do not compromise your desire) යන ලකානියානු ප්‍රකාශය තුලින් හැඟවෙනුයේ සුඛපරමවාදය වෙත පිවිසිය යුතුය යන්න නොවේ. එය පැහැදිලිවම ඉහත විස්තරකරන ලද අනාගතවාදයට එරෙහි ප්‍රවේශයයි. එනම්, මිනිසුන් නියැලී සිටින ප්‍රමෝදජනක අනාගතවාදී යාන්ත්‍රනය කඩාකප්පල් කල හැකි, විනාශ කල හැකි ආචාරධාර්මික ආමන්ත්‍රනීය ප්‍රවේශයයි.

 

2070 4

 

නිශ්චිතවම ප්‍රකාශ කළ යුතු පළමු දෙය නම් ලැකානියානු ආචාර ධර්ම යනු සුඛපරමවාදයේ ආචාර ධර්ම නොවන බවයි. එනම්, "ඔබේ ආශාව සම්මුතියට පත් නොකරන්න" ("do not compromise your desire") යන්නෙන් අදහස් කරනුයේ ෆ්‍රොයිඩ් විසින් "සංතෘෂ්ටි මූලධර්මය" ( "the pleasure principle") ලෙස හැඳින්වූ සතුට සාක්ෂාත් කර ගැනීම අරමුණු කරගත් අධ්‍යාත්මික උපකරණවල ක්‍රියාකාරීත්වයේ අසීමිත රීතිය නොවේ. ලැකාන් සඳහා, සුඛපරමවාදය යනුම ඇත්ත වශයෙන්ම "යථාර්ථනිරූපිතවාදී සම්මුතීන්" වෙනුවෙන් ආශාව කල් දැමීමේ ආදර්ශයයි. එනම්, එය පමණක් නොව, උපරිම සංතෘෂ්ටිය ලබා ගැනීම සඳහා පමණක් නොව, තමන් හට කෙටි කාලීන සතුට වැඩි වැඩියෙන් කැප කරමින්, කෙටිකාලීන සතුට ලබා ගත යුතු ප්‍රමාණය ගණනය කර ආර්ථිකකරණය කළ යුතුව ඇත්තේ වඩා තීව්ර, අධිකතර දීර්ග කාලීන සන්තෘෂ්ටීන් වෙනුවෙනි. ඊටත් වඩා වැදගත් දෙය නම් ඒ සඳහා ප්‍රමෝද ජනක රිදවීම් තුල ජීවත්වීමයි. එබැවින්, පළමුව සඳහන් කල යුත්තේ, "සංතෘෂ්ටි මූලධර්මය" (pleasure principle) සහ එහි ප්‍රතිමූර්තිය වන "යථාර්ථ මූලධර්මය" ("reality principle") අතර කිසිදු බිඳීමක් නොමැත යන්නයි. "යථාර්ථ මූලධර්මය" (අපගේ සතුට සඳහා සෘජු ප්‍රවේශයට බාධා කරන සීමාවන් සැලකිල්ලට ගැනීමට අපට බල කිරීම) "සංතෘෂ්ටි මූලධර්මයේ" ආවේනික දිගු වීමක් වේ.

"මහා අනෙකාගේ" (big Other) පැවැත්ම ප්‍රතික්ෂේප කරන අනෙක් ගුරුකුලය වන බුද්ධාගම පවා "සංතෘෂ්ටි මූලධර්මයේ" පෙළඹවීම් වලින් නිදහස් නොවේ. බෞද්ධ භික්ෂූන් දේශනා කරනුයේ ජීවිතයේ අරමුණ සතුටින් සිටීම බවයි. නමුත් මනෝ විශ්ලේෂණය සඳහා එය සත්‍ය නොවේ. "මිනිසුන් සතුටට කැමති නැති බවත්, ඉංග්‍රීසි ජාතිකයින් පමණක් සතුටට කැමති" බවත් නිරීක්ෂණය කරන ලද්දේ නීට්ෂේ විසිනි. වර්තමාන ගෝලීයකරණය වූ සුඛපරමවාදය යනු ගෝලීය ධනවාදයේ තත්වයන් තුළ, මෙසේ හුදෙක් එම කාරණයේ උඩු යටිකුරු වීමයි. අපි සියලු දෙනා දෘෂ්ටිවාදාත්මකව "ඉංග්‍රීසි ජාතිකයන්" (හෝ, ඒ වෙනුවට, ඇන්ග්ලෝ-සැක්සන් ඇමරිකානුවන්...) බවට පත්ව ඇත. එසේනම් සංතෘෂ්ටි මූලධර්ම රීතියේ වරද කුමක්දැයි කෙනෙකුට විමසිය හැකිය.

ආචාර ධර්ම ක්‍රියා කරනුයේ ආත්මයේ (subject) සමස්තතික සමතුලිතතාවයට බාධා කරන විදේශීය ආක්‍රමණිකයෙකු ලෙසය (ආචාර ධර්ම පනවනු ලබන්නේ සාමාන්‍ය සමාජයට ඉහලින් සිටින අධිකාරීත්ව දූරාවලියක් විසිනි) එහි දරාගත නොහැකි පීඩනය සංතෘෂ්ටීන් ලුහුබැඳීම නොසලකා හරිමින් "සංතෘෂ්ටි මූලධර්මයෙන් ඔබ්බට" ක්‍රියා කිරීමට ආත්මයට බල කරයි. එබැවින් ප්‍රමෝදය යනු ඔහුගේ හෝ ඇයගේ අභ්‍යන්තර විභවය සාක්ෂාත් කර ගැනීමක් ලෙස ආත්මයට ස්වභාවිකව ලැබෙන දෙයක් නොවන මුත් ක්ෂිතිමය සුපර්ඊගොයික (superegoic) නිරෝධ ආඥාවක අන්තර්ගතය වේ. අධ්‍යතන අනාගතවාදී සමාජය තුල මිනිසුන්ගේ ජීවිතය එසේය. ඊට හොඳම තත්වය උදා කොට දීම සඳහා පොරොන්දු වන්නේ රනිල් වික්‍රමසිංහයි. දේශපාලනයේ සිටිනා අනකුත් සියලු පක්ෂ සහ පුද්ගලයින් ඔහුගෙන් වෙනස් නොවේ. ඒ අනුව ඇමරිකාවේ මෙන්ම ලංකාවේද ඇත්තේ එක් දේශපාලන පක්ෂයකි. ඒ UNPයයි.

මේ පිළිබඳව වැඩි දුර අවබෝධය සඳහා පහත සබැඳියාවේ ඇති සංවාදය ශ්‍රවණය කරන්න: http://www.spartacus.lk/04-12/2023/

 

@spartacus lipi

නවතම ලිපි