SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තුෂ් වික්‍රමනායක කියන්නෙ මෙරට දේශපාලන පවුලක හිතුවක්කාරී කෙලින් වැඩකරන්නට උත්සාහ කරන  දියණියක්. වෘත්තියෙන් වෛද්‍යවරියක්. 

ඇය Freedom TV එක්ක කරපු සංවාදයට ඇහුන්කන් දුන්නා. මම කැමති ස්ත්‍රියක්. ඇය උත්සාහ දරනවා ඇයගේ සීමා මායිම් ඇතුලෙ පවුල සංවර්ධනය කිරීමම ඉලක්ක නොකර යමක් කරන්න. ඒකෙ අවුල් වියවුල් තියෙනවා. කරන්නෙ මොකක්ද? ඒකෙන් සිද්ධවෙන්නෙ මොකක්ද? කොයිතරම් සිස්ටම් එක ආරක්ෂා කරන්න ඒව බලපානවද? වගේ කාරණා නිරවුල් කරගත යුතුව තිබෙනවා.

කොහොම උනත් අප අකමැති මාතෘකාවක් චින්තා මේ වීඩියෝවට දාල තිබුන. මේ රටේ ළමයි පව්! කියල. (ඒක හයිලයිට් කෙරෙන්නෙ චින්තනගෙ අවුල හින්ඳ)

මේ සාකච්ඡාව ඇතුලෙ අරගලය ගැන, තම පවුලේ දේශපාලන ඉතිහාසය  ගැන වගේම අරගලය ඇතුලෙ ඇය ක්‍රියාත්මක වුනු ආකාරය ඇතුළු බොහෝ කාරණා සාකච්ඡා කරනවා.

 

සම්පූර්ණ වීඩියෝව පහතින්... 

නවතම ලිපි