SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද 2023 මාර්තු මාසේ 31 වෙනිදා. ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමක් සනිටුහන් කරපු දවසක්. හරියටම වසරකට උඩින්. 2022 මාර්තු 31 වෙනිදා...

එවකට අපේ රට පාලනය කළේ ඉතා දැඩි, ඉතා දක්ෂ, ඉතා යහපත්, එහෙත් මානවවාදී විනයගරුක පාලකයෙක් වෙයි කියලා අපි දැඩිව විශ්වාස කරපු ගෝඨාභය රාජපක්ෂ කියල ජනාධිපති වරයෙක්.

 

gota2

හමුදා පාලනයේ මිස ඔහුට රාජ්‍ය පාලනයේ අත්දැකීම් නැතත් අත්දැකීම් සහිත බහුවිධ දේශපාලන වපසරීන්ගෙන් හා දැනුම් පද්ධතිවලින් පිරුණු දේශපාලනඥයෝ බහුතරයක් එදා ඔහු වටේට හිටියා.

ඇයි ඒ මදිවට වියත්මග. ඩුබායි නගරය පවා හදන්න ක්‍රමෝපායන හා ආර්ථික මූලොපායන සපයපු මොලගෙඩි නහුතයක් වියත්මගේ... ඉතින් කජ්ජක්ද රට හදන එක. මොන බික්කක්ද?

 

මහතීර් මොහොමඩුයි ලී ක්වාන් යූ යි දෙන්නම එකතුවෙලා අසමසම වියත්මගත් එක්ක සෙට්වෙලා වැඩි කලක් යන්නට මත්තෙන් මේ රට දියුණු දියුණුවේ අමුතුම මොඩලයක් කරාවි කියලයි මේ රටේ මා ද ඇතුළුව ගොඩක් අය විශ්වාස කළේ...

 

ඉතින් හත්තිලව්වේ ඒ අස්සෙ ගොඩක් ප්‍රශ්න වුණා තමයි. පාස්කු බෝම්බය නරකටම හිටියා. ඊට පස්සේ කොරෝනා... ඊට පස්සේ ආර්ථික අර්බුදේ...

මෙන්න මේ ගෝලීය වසංගතයි ආර්ථික අර්බුදයි රටේ වත්කමුයි රටට තියෙන හැකියාවයි නිවැරදිව කළමනාකරණය කරගෙන පරිස්සමින් රට ගෙනියන්න ඕන වෙලාවේ තමයි වියත් මගේ ඉන්න ගොබ්බ උගත්තු ටික ජනාධිපති ගෝටාභයට ලණු දෙන්න පටන් ගත්තේ.

download

 

කාබනික පොහොර ව්‍යාපෘතියක් අනවශ්‍ය වෙලාවක ගෙනල්ල ඉස්සෙල්ලම කෙළියෙ කෘෂිකර්මයට. ඇත්තම කියනවා නම් වියත්මගේ එව්වො මොන විනාශය ද මේ රටට නොකළේ.

කවුද "හේවා" කියලා කෙනෙක් හිටියා. රාජ්‍ය ආයතන සියල්ලට ම අධ්‍යක්ෂවරු හා සභාපතිවරුන් පත් කළේ එයාගෙ ප්‍රධානත්වයෙන් දාපු කමිටුවක්. ඒ උනාට සුදුසුකම් සහිත එක වැඩ්ඩෙක් වත් එකම ආයතනයකට වත් පත් කරන්න මේ වියත් මගේ ලොක්කා වැඩ කළේ නෑ.

තරුණ සේවා එක කාබාසිනියා ම කරපු අමු සෙවලයෙක්ව ඇදල අරන් දැම්මා ගෑස් කොම්පැනියට. රට පුරාම ගෑස් පුපුරනන්න ගත්තා. වැඩි කොමිස් කන්න රටින් ගෙන්නපු බාල ගෑස් ජනතාව ප්‍රතික්ෂේප කළා. ජනතාව ප්‍රමිතිගත ගෑස් ඉල්ලලා පාරට බැස්සා. අන්තිමේ රටේ ගෑස් පෝලිම් හැදුනා.

සතොසට ලොක්කා කරල දාපු එකා සතොස හොරා කෑවා. සුදුළූණු වංචාව සීනි වංචාව පොල් තෙල් වංචාව මේ ඔක්කොටම මුල වුනේ වියත් මගේ ගොබ්බ උගත්තු නෙවෙයිද ...

මූල්‍ය කළමනාකරණය පැත්තෙන් වගකිවයුතු එවුන් එක පැත්තකින් පිස්සු කෙලින්න ගත්තා. රටේ ලොකු මූල්‍ය අර්බුදයක් ඇති වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට පත්කරපු වියත් මගේ ඇමතියා වෙනම හම්බ කරන්න ගත්තා.

 

අනේ අසරණ ගෝඨාභය මේ කිසිවක් නොදැන "අපි තමයි හොඳටම කළේ" කිය කිය හිනා වෙවී බලා හිටියා.

වි ය ත් මග

 

වියත්මගේ වියත් ලොක්කන්ගේ ආර්ථික ක්‍රමෝපායන හා වැරදි උපදෙස් නිසා රට බංකොලොත් වෙන්න වැඩි කලක් ගත වුණේ නෑ. ඒ වගේම රටට මේ ටික වෙනකන් හුඟක් අය පිට ඉඳලා බලන් හිටියා. වැඩි දෙනෙක් මේ රට අස්ථාවර කරන්න. සමහරු ආර්ථික දේශපාලනමය සංස්කෘතික වශයෙන් මේ රට අත්පත් කරගන්න. ඔවුන් ඒ සඳහා ජනතාවට පාරට බහින්න විවිධ උත්තේජන සැපයූ බව අපි අද නොදන්නවා නෙවෙයි....

උතුරේ යුද්දේ මොනතරම් මොන තරම් එඩිතර සෙන්පතියෙක් වුණත් එදා මාර්තු 31 වෙනිදා රාත්‍රියේ නම් ගෝඨාභය රාජපක්ෂ මැතිදු මුවින් අර සුපුරුදු හැක් හැක් හිනාව අතුරුදන් වුණා සැකයක් නෑ.

 

උයන්න ගෑස් ටික නැතුව, වාහන වලට තෙල් ටික නැතුව, පත්තු කරන්න ලයිට් නැතුව, බොන්න බෙහෙත් නැතුව කන්න බොන්න දේවල් පවා ගණන් යමින් අන්ත අසරණ වෙලා හිටපු කොළඹ මැද පංතියේ පන්තියේ ජනතාව මිරිහාන පැත්තෙන් සංවිධානය වෙලා මාර්තු 31 දා හැන්දෑවේ මිරිහාන ෂෙඩ් එක ලඟට ගොනුවුනේ නිහඬ විරෝධතාවක් පාන්න.

 

gota 3

ඒ වෙලාවේ ජාත්‍යන්තර බලවේග ක්‍රියාත්මක වුණා. ඒ බලවේගය අවස්ථාවාදී දේශපාලන කල්ලි තම අතවැසියන් කරගන්තා. බයික් වල නැගිලා දහස් ගණනින් අවස්ථාවාදීන් මිරිහාන ට ඇවිත් එතෙක් වේලා නිර්පාක්ෂික අහිංසක නාගරිකයන් අතේ තිබූ සාමකාමී අරගලය හයිජැක් කළා.

ඔවුන් අරගලය, ඒ වෙනවිටත් ගෝඨාභය ජීවත් වුණු මිරිහානේ ඔහුගේ බිරිඳගේ පුංචි නිවස අද්දරට ගෙන ගියා. මේ අවස්ථාවාදීන් අතර ත්‍රස්තවාදීන් පවා හිටියා. ඔවුන්ගේ උත්සාහය බොහොම භයානක ලේ වැගිරෙන ඛේදවාචකයක් බව සැකයක් නෑ.

ජනාධිපතිවරයාගේ ජීවිතාරක්ෂාව ට තර්ජනයක් වුණොත් ඊට විරුද්ධව පියවර ගන්න සමහරවිට ආරක්ෂක අංශ සූදානම් වන්නට ඇති. මේ කලබලකාරී පිරිස උපක්‍රමිකව විසුරුවා හරින්න සහ දැඩි පියවර ගන්න ආරක්ෂක අංශ කල්පනා කළා.

ඒ වෙලාවේ ලෝකයේ බලවත්ම තානාපතිවරිය එතැනට ආවා.

"නැහැ... නැහැ... ඔබට කාගෙන්වත් කරදරයක් වෙන්නෙ නැහැ. මම දෙවියන් ඉදිරියේ යාච්ඤා කරලා ඔබව බේරගන්නම්." එහෙම කියපු තානාපතිවරිය මේ ජරමර ඔක්කොම අස්සෙ මිරිහානේ පුංචි නිවසේ ආලින්දයේ බිම දනගහගෙන දෙවියන්ට යාඥා කළා.

ඒවනවිටත් එලියේ ත්‍රස්තවාදීන් මහ මහ ජරමර කරනවා. බස් ගිනි තියනවා. තාප්ප කඩනවා. ගෙවල්වලට ගහනවා. මේ වෙලාවේ ආරක්ෂක අංශ ඒක මඩින්න සූදානම් වෙනවා.

 

gota 1

 

"අරගල කරුවන්ට හිරිහැර කරන්න එපා. එහෙම වුනොත් අයි එම් එෆ් එකේ වැඩපිළිවෙළ අවුල් වෙයි..." බලවත් තානාපතිනිය ජනාධිපති ගේ කනට කරලා එහෙම කියනවා. ජනාධිපති වෙනස් වෙනවා. ඔහුගේ හිත චංචල වෙනවා. ජනාධිපති ඒ වෙලාවේ පසු බහින්න තීරණය කරනවා.

රාජ්‍ය දේපල හා මුදල් පරිහරණය නොකර ජනාධිපති උන දා ඉඳල තමන්ගෙ ගෙදරට වෙලා රට පාලනය කරපු ගෝඨාභය රාජපක්ෂ කියන යහපත් මනුස්සයාට කොළඹ කොටුවෙ තියෙන ආරක්ෂිත රජගෙදරට ආරක්ෂාව පිණිස එදා රාත්‍රියේ යන්න සිද්ධ වෙන්නේ අන්න එහෙමයි...

මේ කතාව ලියන්න ගියොත් ඉවරයක් නෑ. බඩවැල වගේ ලියන්න ලිහා ගන්න තව ගොඩාක් දේවල් තියෙනවා. වෙලාවක හිතුනොත් ලියනවා. හැබැයි ඉතින් මේවා ලියනවා කියලා කියන්නේ තරහකාරයෝ ගොඩක් අය හදාගන්න එකට.

ඒත් ඉතින් සමහර දේවල් සමහර තැන්වලදී නොකියා නොලියා බෑ...

අවශ්‍ය උනොත් ලියමු...

gota 6

 

මේ ටිකක් ලියන්නම ඕන...

එදා ගෝඨාභයගේ ළඟටවත් කිට්ටු වෙන්න කාටවත් දෙන්නෙ නැතුව ගෝඨාභයව වටකරගෙන අයිති කරගෙන හිටපු වියත්මගේ ගොබිලෝ ටිකක් අද කෝ...

අර හුස්මක්වත් ගන්නේ නැතුව එක තාලෙට එක දිගට ගෝඨාභය වෙනුවෙන් කතා පවත්වපු සීතා නෝනා. එයා නම් පොහොට්ටුවේ ඉන්නේ. හැබැයි සද්ද නෑ.

එතකොට අර ගොඩහේවාලා ජයසුමනලා එහෙම... ඒගොල්ලන්ට ගෝඨාභයගේ කාලේ මුකුත්ම කරගන්න බැරි උනාලු. පව් දැන් ඒ ගොල්ල හෙලිකොප්ටරයේ ඇතුලේ මුල්ලක ගුලිවෙලා. එතකොට අර සතොස කාපු, සීනි සුදුලූනු වංචා කරපු, තෙල් පෝලිං හදපු gas පෝලිං හදපු, බේත්හේත් වලින් ගසා කාපු, බාල පොහොර ගිලපු උන් ටික කෝ...

ඒ එකෙක්වත් අද මීක් නෑ. හැබැයි ඡන්දෙ ඉල්ලන්න කවදක හරි ජනතාව ඉස්සරහට යන්න නම් හිතන්න එපා. ඒ මොකද එදාට අපි තනි තනියෙන් උඹලා කරපු, උඹලා ගහපු ගේම් ටික ජනතාව ඉදිරියට දානවා උඹලගෙ රෙදි ගැලවෙන්න.

තරහවෙන එවුන්

තරහවෙයල්ලා.

මං ලිව්වෙ මට දැනෙන දේ.

 

@ Bulitha Pradeep Kumara fb page