SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය මාර්තු මස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයට අයත් ලිපි ශීර්ෂයක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස අයි.පතිනායක යන නමින්, අත්සනින් හා 2023/03/02 දාතමින්

ඉතාලියට, මාර්ඝගත ( Online ) ක්‍රමය ඔස්සේ වීසා ලබාගත හැකි බවත්, ඒ මහඟු අවස්තාව මගහැර නොගන්නා ලෙසත් සටහන් විස්තරාත්මක ලිපියක් සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණි.

 

WhatsApp Image 2023 03 28 at 19.38.39

 

 

තානාපති කාර්යාල, ලක් රජය හා රාජත්‍රාන්ත්‍රික සබඳතාවල රඟ …?

ඉහත ලිපිය සමාජගත වීමත් සමග අධි උද්ධමනයකට හා අධික ජීවන බරින් වෙහෙසකට පත්ව සිටින, එමෙන්ම තවදුරටත් ඉන්න රටක් ඉතුරු කරගන්නට පසුගිය සමයේ වෙහෙසුන බොහෝ දේශප්‍රේමීන් හැකි ඉක්මනින් ලද අවස්තාවෙන් රටින් පිටවීමට මහත් පරිශ්‍රමයක් දරමින් ඒ ගැන තොරතුරු සොයන්නට විය..

 

සැබවින්ම රටක වගකිවයුතු රාජ්‍ය ආයතනයක් ලෙස කිසිඳු විමසීමකින් තොරව, වගවීමකින් හා වගකීමකින් තොරව මෙවන් කරුණු සමාජගත කිරීම තුළින් රාජ්‍ය ආයතන රාජත්‍රාන්ත්‍රික සබඳතා කෙතරම් විශ්වාසයකින්, රාජත්‍රාන්ත්‍රික භාවයකින් හා වගකීමෙන් ඉටු කරනවාද යන්න මනාව පැහැදිලි වනු ඇත…

 

ඉතාලියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ  වගකීම කුමක් ද..?

 

ඉහත ලිපිය සමාජගත වීමත් සමගම සමාජ මාධ්‍ය තුළ ඇතම් පෝස්ටු විසින් කියාපෑ අන්දමට ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද එකී ලිපියේ අඩංඟු අන්තර්ගතය සනාථ කොට ඇති සෙයකි..

කෙසේ වෙතත් මාර්තු 27වන දිනයෙන් ඇරඹෙන ඉතාලියට සංක්‍රමනය වීමේ වීසා අයැදුම් කිරීම කිසිසේත්ම ශ්‍රී ලංකාවේ සිට සිදුකළ නොහැකිවන අතර ඒ සඳහා සේවා යෝජකයකු (Dattore di Lavoro) අවශ්‍යව ඇත..

එනම් ඉතාලියේ කෘෂිකර්ම ක්ෂෙත්‍රයේ, ස්වයං රැකියා හෝ වෙළඳ සැල් (Supper Mercati) පවත්වාගෙන යන පුද්ගලයන් හෝ ආයතන මෙන්ම නිවැරදිව ඉතාලි රජයට බදු ගෙවූ සේවා යෝජකයන් හරහා පමණක් එම Decreto Flussi නම් වීසා අයදුම් කිරීම කළ හැකිබව අවධාරණය කරමු.

කෙසේ නමුත් රාජ්‍ය ආයතන විසින් මෙසේ වගකීම් විරහිතව සිදුකරන ප්‍රකාශ නිසාවෙන් අසරණ මිනිසුන් අනේකවිද ජාවාරම් කරුවන්ට හසුවන අතර මේ මොහොත වනවිටත් බොහෝ පිරිස් නොයෙක් පුද්ගලයන් හරහා අත්තිකාරම් මුදල් විශාල වශයෙන් ලබාදී ඇති බවට වාර්තා වෙමින් පවතී. තත්වය එසේ වුවද එකී ලිපි ශීර්ෂයේ අනුහසින් ජනතාවගේ විදෙස්ගත වීමේ සිහින සිහිනයක්ම කරනා ජාවාරම් කරුවනට අගනා අවස්තාවක් හිමිව ඇත..

කෙසේ වෙතත් මේ මොහොත වනතුරුම වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙස එකී ලිපියේ සාවද්‍ය බව පිළිබඳ ප්‍රකාශ නොකිරීමම පනින රිළවුන්ට ඉනිමං බැඳීමක් වැනිය….

මහජන බදු මුදලින් යැපෙන මෙකී රාජ්‍ය සේවකයන් තවදුරටත් රටට ජනතාවට බරක් මිස සුගතියක් නොවන බව පැහැදිලිය.

ඉතාලියේ Decreto Flussi වීසා අයැදුම් කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා පිවිසීමට ඔබට මෙම යූ ටියුබ් චැනලය හරහා එක්විය හැක..

https://m.youtube.com/watch?v=SSM6GGnz2_o&feature=youtu.be

 

@ සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ.

ඉතාලිය

නවතම ලිපි