SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති ධුරයෙන් ජී එල් පීරිස් මහාචාර්ය තුමාව අයින් කරන්න ගිහින් පක්ෂ ලේකම් සාගර කාරියවසම් ලොකු පඹගාලක පැටලිලා කියලා මාධ්‍යවේදියෝ අතර කතාවක් යනවා.

මේ කතාව මාධ්‍යවේදීන් පිරිසකට ඊයේ පෙරේදා පුද්ගලික මට්ටමෙන් පැහැදිලි කරලා දීල තියෙන්නේ ඉස්සර නෙලුම් මාවතේ ඉහලපෙල ක්‍රියාකාරිකයෙකුව ඉඳලා  දැන් කලකිරීල  පක්සෙන් ඉවත්වෙලා ඉන්න හිටපු සභාපති තුමෙක්ලු.

 කට්ටිය සෙට්වෙලා තියන්නේ නාරාහේන්පිට ජානකී එකෙදී ..

ඒ හිටපු සභාපතිතුමා කියන විදියට කෙටියෙන් කිව්වොත් මේකලු කතාව.

 

2005 king maker මංගල

2005 ජනාධිපතිවරණයට මහින්ද රාජපක්ෂ ඉදිරිපත් උනේ පක්ෂ ගනනාවක් සමාජිකත්වය දරපු එක්සත් ජනතා නිදහස් සංධානයෙන්.  ඒ සන්ධානය හැදිලා තිබුනේ වූයේ ශ්‍රී ලංකා එක, JVP එක, , මහජන පක්ෂය, මුස්ලිම් ජාතික එක්සත් සන්ධානය, මහජන එක්සත් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, දේශ විමුක්ති ජනතා පක්ෂය , කොමියුනිස්ට් පක්ෂය , ලංකා සම සමාජ පක්ෂය වගේ පක්ෂ - සංවිධාන  ගනනාවක් එකට එකතු වෙලා.. ජාතික හෙළ උරුමයත් ඔතනදී සපෝට් කළා.

 

ඒ වෙලාවේ මහින්ද දිනුවේ චන්ද එක් ලක්ෂ අසූදාහක් වගේ බොහොම සුළු ගානකින්. ඒ ජයග්‍රහණයේ king maker වුනේ වෙනින් කව්රුවත් නෙමෙයි මංගල සමරවීර.

හැබැයි 2009 දී LTTE එක යුධමය වශයෙන් සමුල ඝාතනය කරලා, ලබපු ප්‍රසිද්ධියත් එක්ක 2010 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දිනුවේ  චන්ද දහ අට ලක්ෂයකටත් වඩා වැඩි ගානකින්.

 

2010 ජනාධිපතිවරණය වෙලාවේ එක්සත් ජනතා නිදහස් සංධානයට 2005 හිටියටත් වඩා පක්ෂ ගනනාවක් අළුතින් එකතු වෙලා හිටියා. විශේෂයෙන් මුස්ලිම් පක්ෂ.

ඉතින් ඔය හැම පක්ෂෙටම ඇමතිකමුත් දෙන්න එපායෑ. මේක 2010 න් පස්සේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ  දෙවෙනියා විදියට ඉස්මතු වුන බැසිල් රාජපක්ෂට ඇල්ලුවේ නෑ. 

ඒ විතරක් නෙමෙයි, එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම් ඇතුළු  තනතුරු වල හිටියේ , ඒ පක්සේ පාලනය කලේ බැසිල්ට පෙන්නන්න බැරි සෙට් එකක්.

ඔන්න ඒ නිසා බැසිල් කල්පනා කරාලු 2015 ආයේ මැතිවරණයකට යන කොට මේ සංධාන පැත්තක දාලා මහින්ද රාජපක්ෂ නායකයා වෙච්ච තමුන් ලේකම් වෙච්ච අලුත් පක්ෂයක් හදා ගන්න ඕනේ කියලා.

 

බැසිල් ශ්‍රී ලංකා ජාතික පෙරමුණ මිළට ගැනීම

ඒ අදහසින් තමයි ලු 2011 විතර  ඒ වන විටත් ලියාපදිංචි වෙලා තිබුණ දේශපාලන පක්ෂයක් හොරෙන්ම සල්ලිවලට අරගෙන , ශ්‍රී ලංකා ජාතික පෙරමුණ කියල ඒ පක්ෂයේ නම වෙනස් කරගෙන පැත්තකින් තියාගන්න බැසිල් කටයුතු කරලා තියන්නේ...

අළුතින් නම වෙනස් කල පක්සේ ලේකම් විදියට දැම්මේ ඒ කාලේ කවුරුවත් වැඩිය දැන ගෙන හිටියේ නැති බැසිල්ගේ පසු පෙල ගෝලයෙක්. ඒ තමයි සාගර කාරියවසම්. ඉතුරු නිලධාරීන් විදියට දැම්මේත් කවුරුවත් වැඩිය නොදන්න බැසිල්ගේ පියන්ලා ඩ්‍රයිවර්ලා පුද්ගලික ආරක්ෂකයෝ වගේ කට්ටියලු.

 

2015 අලුත් පක්ෂෙකින් අත උඩින් දිනන්න පුළුවන් කියලා බැසිල් හිතන් හිටියට ජනාධිපතිවරණයට මෛත්‍රීපාල ආවත් එක්ක වැඩේ ලේසි නැති බව පෙනුනලු. ඒ නිසා  2005 හා 2010  දි වගේම එක්සත් ජනතා නිදහස් සංධානයේ බුලත් කොලෙන් චන්දේ ඉල්ලන්න තීන්දු කල්ල ලු. . හැබැයි ඒ සැරේ  මහින්ද පරාදයි.

 

2015 මහින්ද පරද්දලා ජනාධිපති වෙච්ච මෛත්‍රී , ටික දවසකින්  ශ්‍රී ලංකා එකේ  නායකත්වය අතට ගන්නවා. ඒ හරහා එක්සත් ජනතා නිදහස් සංධානයේ සභාපති  කමත් ලැබෙන්නේ මෛත්‍රිපාල ට..

එක්සත් ජනතා නිදහස් සංධානය මෛත්‍රිපාල ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් දෙවෙනි තැන ගන්නවා. අගමැති වෙන්නේ UNP එකෙන් තරඟ කරලා තම පක්ෂය පලවෙනි තැනට ගෙන ගිය රනිල් වික්‍රමසිංහ.

මෛත්‍රිපාලයි රනිලුයි එකතු වෙලා යහපාලන ආන්ඩුව පිහිටුවනවා. බැසිල් ඇමෙරිකාවට පැනලා යනවා.

 

king maker බැසිල්, ජී ඇල් ගෙන් ඇනගනී!

ඇමරිකාවට පැනල ගිහින්  හැංගිලා හිටපු බැසිල්ට තමුන්ගේම කියලා පක්ෂයක් පිහිටුවන්න ආයේ අදහසක් එන්නේ විමල්ල උදයලා වාසුලා නුගේගොඩින් පටන් ගත්තු 'මහින්ද සුළඟ' රැලියට පස්සේ .. ඩල්ස්ලගෙ - දිනේෂ්ලගේ ඒකාබද්ධ විපක්ෂය, නාලක ගොඩහේවාලාගේ- අද්මිරාල් සරත් වීරසේකරලාගේ වියත්මග වගේ විවිධ කන්ඩායම් හරහා මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ කේන්ද්‍ර කරගෙන මහා බලවේගයක් හැදෙනවා කියලා තේරුම් ගියාම ලු..

 

ඔන්න බැසිල් රාජප්ක්ෂ ආයෙත් පක්ෂේ නම හා ලකුණ වෙනස්කරගෙන වැඩ පටන් ගන්නවා. මේ පාර ඒක ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ. ලකුණ පොහොට්ටුව.  අනික අය මහන්සිවෙලා හඳපු බලවේග ඔක්කෝම අවසානයේ චන්දේ ඉල්ලන්නේ පොහොට්ටුවෙන්. 2019 හා 2020 මැතිවරණ වලින් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ විශිෂ්ට ජයග්‍රහණ ලබනවා.

 

මේ විදියට අනුන්ගේ කරපිටින් විශාල පක්ෂයක් ගොඩ නැගුනට බැසිල් රාජපක්ෂ තමුන්ගේ සම්පූර්ණ පාලනය යටතේ තියෙන පක්ෂයේ වෙනස් කරන්නේ එකම තනතුරක් විතරයි..  මහාචාර්ය ජී එල් පීරිස්ට ලබා දුන්න ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ සභාපතිකම. පක්ෂයේ ඉතුරු සියළු නිලධාරින් අර මුලින්ම පත්කරපු බැසිල් රාජපක්ශගේ ආවතේව කාරයෝමයි.

 

2019 බැසිල්ගේ ඒකාධිපති පක්ෂය

2019 ජනාධිපති කෙනෙක් හා 2020 පාර්ලිමේන්තු මංත්‍රී වරු 143 දෙනෙක් පත්කරගන්නට පොහොට්ටුවට පුලුවන් උනාට බැසිල් රාජපක්ෂ කවදාවත් සම්පූර්නයෙන්ම තමුන්ගේ පාලනය යටතේ තියෙන පක්ෂයේ නිලධාරී මන්ඩලයට එක පාර්ලිමේන්තු මංත්‍රී කෙනෙක් අළුතින් එකතු කරන්නේ නෑ.

 

අඩුම ගානේ ගෝඨා ජනාධිපති වෙච්ච වෙලාවේ එයාටවත් තනතුරක් දුන්නේ නැහැ. දෙනවා දෙනවා කිව්වට නාමල්ටවත් තාම තනතුරක්දීල නැහැ.

සාගර කාරියවසම් ජයන්ත කැටගොඩ, රංජිත් බන්ඩාර එයාගේ ගෝලයෝ කිහිපදෙනෙක්නම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එවනවා. පක්ෂයට ව්‍යවස්ථාවක් තිබුනට ඒක ක්‍රියාත්මක කරන්න විධායක සභාවක් නෑ, මාධ්‍යම කාරක සභාවක් නෑ, කෘත්‍යාධිකාරී මන්ඩලයක් නෑ, විනය කමිටුවක් නෑ.

 

කොටින්ම බැසිල්වත් පක්ෂයේ නිලධාරියෙක් නෙමෙයි. පිටතට මොනවා කිව්වත් පක්ෂයේ ඇත්ත ජාතික සංවිධායක තාමත් මූලින්ම බැසිල් පත්කරපු දොරටුපාලයාමයි.

ඔන්න ඔය නිසාලු සභාපති ජී එල් පීරිස් අයින් කරන්න ලේකම් සාගර කාරියවසම්ට බෑ කියලා නීති තර්කයක් ගොඩ නැගෙන්නේ.

ජී එල්ට විරුද්ධව විනය පරීක්ෂන පවත්වන්න මධ්‍යම කාරක සභාවට රැස් වෙන්න බෑ. මොකද රැස්වෙන්න මධ්‍යම කාරක සභාවක් නෑ.

පෙන්වා නේද බැසිල් ඇන ගෙන තියන ඇන ගැනිල්ල .

ඔන්න ඕක නිසා තමයි ලු බැසිල් පහුගිය සතියේ GL ලොක්කට call එකක් දාලා පොඩි පහේ ශේප්පාරක් දාගාන්න ට්‍රයි එක දුන්න  කියන්නේ.

එහෙම ශේප්මන්ට් එකක් දාගන්න ට්‍රයි එක දීලා තියන්නේ දැන් පොහොට්ටුව ඇතුලෙත් එයාට එච්චර හයියක් නැති නිසා කියලයි ලන්ස ල  කියන්නේ. ලන්සා පහුගිය දවසක පැජට් පාරේට ගිහින් ජනාධිපති වික්‍රමසිංහ හමුවෙච්ච වෙලාවේ දී කිව්වලු '' සර් දැන් බැසිල් ලොක්කට ඇතුලේ 20ක් වත් නැ '' කියල.

ලන්සා එහෙම කියද්දී රනිල් හ්ම් කියලවත් නැ ලු.

 

දේශපාලනයේ සැඟවුන king makers ලා

දේශපාලනයේ king makers ලා කියන්නේ හැමවෙලාවෙම වගේ සැඟවුන චරිත.  2005 මැතිවරණයේදී බැසිල් රාජපක්ෂයි - ටීරාන් අලසුයි එකතුවෙලා යටින් ලොකු ගේමක් ගහලා උතුරේ ජනතාව ඡන්දේ දෙන එක එල් ටී ටී ඊ එක හරහා නතර කරවා ගත්තේ නැත්නම් එදා ජනාධිපතිවරණය දිනන්නේ රනිල්. එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂ දෙපාරක් ජනාධිපති වෙන්නේ නෑ.

2015 මැතිවරණයේදී විදේශ බලවේග එක්ක එකතුවෙලා ජනාධිපති තරඟයෙන් රනිල්ව අයින් කරවගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත්‍රිපාලව තමුන්ගේම නායකයා මහින්දට එරෙහිව ජනාධිපතිවරණයට ගෙනෙන්න චන්ද්‍රිකාල, සෝභිත හාමුදුරුවො  ගහපු ගැටය නොවන්න 2015 යහපාලන ආන්ඩුවක් බලයට එන්නෙත් නෑ.

කොහෙද හිටපු ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් පොරක් කරන්න වියත්මග සංවිධානය හඳලා දීල ගෝඨාභයට හැම කතාවක්ම ලියල දීලා නැති මොලයක් ගෝටට තියෙනවා කියලා පෙන්නපු නාලක ගොඩහේවා ල, ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨට නොදී බැරි වෙන තරමට ගෝටගේ වීර වික්‍රම මාධ්‍ය හරහා රටට විකුණපු දිලිත් ජයවීර ල නොවෙන්නට 2019 ගෝඨාභය ජනාධිපති වෙන්නෙත් නෑ.

කොහෙදෝ හිටපු රනිල්ට පාර්ලිමේන්තුවේ  පොදු පෙරමුණේ චන්ද ටික අරන් දීපු බැසිල්, සජබේ චන්ද වලින් කොටසක් අරන් දීපු හරීන් , දෙමල හා මුස්ලිම් මංත්‍රීවරුන්ගේ චන්ද කොටසක් කඩලා දීපු වජිර නොවන්නට රනිල් ජනාධිපති වෙන්නේත් නෑ. 

 

දැන් අපිට බලා ගෙන ඉන්න තියෙන්නේ ඊලඟ ජනාධිපතිවරණයේ king makers ලා කවුරු වෙයිද කියලයි. මොකද මේ යන විදියට පලාත් පාලන චන්ද නම් තියෙන පාටක් නෑ. IMF ණය ලැබුනට පස්සේ ලෝක බැංකුවෙන් ආසියානු සංවර්ධ්න බැංකුවෙන් හා තවත් රටවල් කීපයකින් ණය අරගෙන මිනිස්සුන්ට තාවකාලික සහනයක් දීල රවටලා චන්දෙකට යන්න තමයිලු රනිල්ගේ ප්ලෑන් එක.

හැබැයි දැන් තියෙන විදියට ඉදිරිපෙල තරඟකරුවෝ විදියට එන්න ඉන්න  රනිල් - සජිත් - අනුර ඔය කාටවත් 50% කෙසේ වෙතත් 40% ක් වත් ගන්න බැරි සයිස් එකක් තියනවා කියල ලු ඔය සමීක්ෂණ කට්ටිය කියන්නේ ..

 

ඊට පස්සේ ඔය ජනාධිපති හීන ඔලුවේ තියාගෙන ඉන්න දිලිත්ලා, ෆොන්සේකලා, චම්පිකලා , ධම්මිකලා, ඩඩ්ලිලා කවුරු ආවත් අන්තිමට අර රොහාන් පල්ලෙවත්තට , නාගානන්දට වෙච්ච දේම වෙයි කියලයි ඒ සමික්ෂකයෝ කියනවයි කියන්නේ..

 

දැන් ප්‍රශ්ණේ තියෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නෙක් එකතු කරන්න පුලුවන් කාටද කියන එක. කලොත් අන්න එයා තමයි ඊලඟ මැතිවරණයේ king maker..

 

මේ දවස්වල එන එන කෙනාට දිලිත් ගැන  හොඳ කියා කියා , ගාමිණි බට්ටා ලව්වා ධම්මිකව හිමින් හිමින් ඉස්සරහට ගෙන්න බැසිල් ට්‍රයි එක දෙන්නේ 2024 king maker වෙන්න ද කියල දැන් වජිරලටත්  ලොකු සැකයකුත් ඇවිත් කියලයි ආරංචි.

මොකද ධම්මික ආවොත් දිලිත්ල විතරක් නෙමෙයි, අනුරලත් රිවස්වෙයි කියල ලු බැසිල්ල හිතනවා කියන්නේ.

ඔය මාතර පැත්තේ ධම්මිකගේ එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් ගැන නිපුන රණවක මන්ත්‍රීතුමා ලව්වා කැම්පේන් කරවන්නේ ඒකට වෙන්නැති කියලයි කන්චනලත් සැක කරනවා කියන්නේ.

ඔය විදියට බලනකොට 2024 දීත් king maker වෙන්න බැසිල්ට පුළුවන් වෙයිද? නැත්තන් සේරම එකතුවෙලා බැසිල්ට ගේමක් දෙයිද ?

@Leader TV Gossip

නවතම ලිපි