SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ

නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් අද (28) රිට් ආඥාවක් නිකුත් කළේය.

ඒ, රවී කරුණානායක ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීය.

 

ගතවූ හත්වසරක අසීරු මොහොතේ තමා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම, තමා සමග මෙතෙක්නොසැලී සිටි සියලු දෙනාටම හිස නමා ආචාර කරන බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

 

පසුගිය කාලය පුරා රවී දේශපාලන වැඩකටයුතු වලිනුත් ඈත්ව කාලය ගතකළේ තම ව්‍යාපාර වැඩිදියුණුව සඳහා කැපවෙමිනි. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වීමත් සමග නැවත රවී එක්සත් ජාතික පක්ෂයේ වගකීම් බාරගැනීමේ සූදානමක් පවතින බවත් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීමත් පිළිබඳව පසුගිය කාලය තුළ වරින් වර මාධ්‍ය මගින් හෙළි දරව් කර තිබුනි.

 

ජේ ආර් සහ රණසිංහ ප්‍රේමදාසගෙන් පසු රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එජාපය යනු සංවිධානාත්මක තලයේ අතිශය දුර්වල පක්ෂයකි. ඒ නිසාම වසර ගණනාවක් පුරා විපක්ෂයේ භූමිකාව රගදක්වන්නට පමණක එයට සිදුවිය. කිහිප වරක් කෙටිකාලීනව රාජ්‍ය බලය ලැබුනද එය පවත්වාගෙන යාමට තරම් හැකියාවක්ද ඊට නොලැබුනි. ඒ අනුව සංවිධානාත්මක තලයේ රනිල්ට වඩා ඉදිරියෙන් සිටින රවී යූඇන්පීය ගොඩදාන්නට සමතෙක් වුවද ඊට ඉඩක් සැලසේද යන්න තීරණය වන්නෙ වික්‍රමසිංහ ජනාධිපතිවරයා වටා සිටින හෙංචයියලාගේ ක්‍රියා කලාපය අනුව විය හැකිය.


කෙසේ වුවද එම අභියාචනාධිකරණය තීන්දුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් රවී කරුණානායක මෙසේ සඳහන් කර ඇත.



''අද මටත්, මගේ බිරිඳට මෙන්ම දියණියන් තිදෙනාට සුවිශේෂී දිනයක් විය. වසර 7 ක් තිස්සේ මාත්, මගේ පවුලත් විඳි අවමන්, අපහාස , මානසික වේදනා හා පීඩාවන් අදින් නිමා විය. මේ අසීරු මොහොතේ මා වෙනුවෙන් පෙනී සිටි සැමට මෙන්ම මා සමග මෙතෙක් නොසැලී  සිටි සියලු දෙනාටම මම හිස නමා ආචාර කරමි.''

 

පුවත @ theleader.lk

නවතම ලිපි