SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විදුලි බිල වැඩි කිරීමට හේතුව වන්නේ ලංකාවට අවශ්‍ය විදුලිය නිෂ්පාදනය කිරීමට වැය වන වියදම සම්පූර්ණයෙන්ම විදුලි පාරිභෝගිකයාගෙන් අය කිරීමය.

එය IMF එකේ ප්‍රධාන කොන්දේසියකි. නමුත් ඔබේ විදුලි බිල අඩු කරගත හැකි ක්‍රමයක් තිබේ. සැලකිල්ලෙන් කියවන්න.

මෙතෙක් කල් සිදු වූයේ ඒ වියදමෙන් කොටසක් ආණ්ඩුව විසින් දැරීමයි. එවිට පාරිභෝගිකයාට දැනෙන ආර්ථික අපහසුව මදක් අඩු වේ. නමුත් ඊනියා අරගලකරුවන් විසින් ඒ “සිස්ටම් එක චේන්ජ් කරනු!” කියා ගෙවල් ගිනි තබා මහමග කපා කොටා ඝාතනය කර GotaGoHome සන්නිය නැටූ නිසා දැන් සිස්ටම් එක චේන්ජ් කර ඇත. ඒ අනුව විදුලි බිල වැඩි කිරීමේ ගෞරවය හිමි විය යුත්තේ ඊනියා අරගලකරුවන්ටය.

එහි වැඩිපුර ගෞරවය හිමි විය යුත්තේ සමගි ජන බලවේගයේ ආර්ථික ඔස්තාර් තැම්පත් ආචාර්ය හර්ෂතුමාටය. පාර්ලිමේන්තුව තුළ කාපට් කමින් මයික් ගිලමින් උදේ හිටන් හවස් වෙනකල් බෙරිහන් දිදී හැපි හැපී ඔහු කීවේ IMF පලයන්! IMF පලයාන්! කියාය. මා මිත්‍ර රසික ජයකොඩි සහ ධනනාත් ප්‍රනාන්දු වැනි ටික් ටොක් ඔස්තාර්ලාටත් එම ගෞරවයෙන් කොටසක් පිරිනැමීම කළගුණ දත් ඔබගේ යුතුකමකි.

පොහොට්ටුවේ ආණ්ඩුව IMF නොයා හිටියේ ඔන්න ඔය කොන්දේසිවලට යටත් වීමට ප්‍රතිපත්තිමය වශයෙන් අකමැති නිසාය. දේශීය විසඳුමක් (Home Grown Solution) තුළින් කෙටි කාලයක් කට්ට කා වසංගතයෙන් බිඳ වැටුණු ආර්ථිකය නැවත අපේ ශක්තියෙන්ම නගා සිටුවීම පොහොට්ටුවේ නායකයන්ගේ අරමුණ විය. එහෙම කළා නම් මේ වෙනකොට ආර්ථිකය 2019 යටත් වඩා හොඳ මට්ටමකට ඇවිත්. විදුලි බිල වැඩි වෙන්නෙත් නැහැ. ඒත් ඉතින් නිර්මාල් දේවසිරි වැනි ශ්‍රේෂ්ට දාර්ශනිකයන් “ව්‍යවස්ථාව උල්ලංඝනය කළ හැකිය” කියා ජනතාව ප්‍රචණ්ඩත්වයට පොළඹවා දේශීය විසඳුම වැළැක්වුවනේ. එතුමාට අපි හොඳ අත්පොළොසන් නාදයක් දෙමු!

අරගලයේ වීරවරිය දමිතා, සිමා කොලිපයිඩ් රැට්ටා සහ ඔහුගේ ආදරවන්ත සහකරු ඩිලාන්, ජංගිය අවිය කරගත් චින්තන, දිලිත් පුත් පැතුම්, නැව් ටෝක් විශ්ව, ස.බ. දෙවියන්ගේ නියෝජිත මැල්කම් සහ කන්‍යාවන් ඇතුළු ඔස්කාර් සම්මානලාභී ලාංකේය නළුනිළි කැල සහ ලෝක පූජිත ගායක ගායිකාවන් විසින් වෙහෙස මහන්සි වී ලකේ ජනතාවට දිනා දුන් විදුලි බිල වෙනුවෙන් අපි ඔවුන්ට සදා ණයගැති වෙමු!

විශේෂයෙන්ම කියන්ට ඕනා කොළඹ ධනපති ව්‍යාපාරික ප්‍රජාව මේ විදුලි බිල වැඩි කිරීමට සෑහෙන්න මහන්සියක් ගත්තා. අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරිකයන් ඒ වෙනුවෙන් බුරියානි තම්බපු තැම්බිල්ලට තව පොඩ්ඩෙන් රටේ හාල් ඉවර වෙලා අර එනවයි කියපු සාගතයත් එනවා. ඒ මහඟු සේවය වෙනුවෙන් A/C දාගෙන ආතල් එකේ ඉන්න කොළඹ ව්‍යාපාරිකයන්ට විදුලි බිල සාපේක්ෂව අඩුවෙන් වැඩි කිරීම සාධාරණයි. බයිසිකලෙන් බස් එකෙන් කෝච්චියෙන් අරගලයට ගිය රෝන්ග් ජෙනරේෂන් කොල්ලෝ කෙල්ලන්ගේ අම්මලා තාත්තලට වැඩිපුර බිල වැඩි කරලා. සිස්ටම් චේන්ජ් කියන්නේ ඒකයි…

මොකක්ද? විදුලි බිල අඩු කරගන්න හැටිද? කතාවෙන් කතාවෙන් ඒකත් අමතක වුණානේ… මෙන්න මේකයි කරන්න තියෙන්නේ: ඔබව ගොනාට අන්දලා තමන්ගේ මඩිය තර කරගත් ඔය උඩ ඉන්න අරගල නායකයන්ට සහ ඔවුන්ට යහමින් මුදල් පොම්ප කළ රෙජීම් චේන්ජ් කොන්ත්‍රාත්කරුවන්ට අර ඒ දවස්වල අපිට ඉල්ලපු හෙන ගහන්න කියලා ඇනෝනිමස්ට හෑෂ්ටැග් මිලියනයක් ගහන්න මිත්‍රවරුනි. එතකොට ඔබට පුළුවන් වැහි නැතුවත් ඇතුවත් නොනවත්වා වදින ඒ විද්‍යුත් ආරෝපණ වලින් කරන්ට් එක අරගෙන මේ රට සිංගප්පුරුවක් කරන්න! ධර්මය අපට මග වේවා!

 

එරන්ද ගිනිගේ

2023 පෙබරවාරි 18

නවතම ලිපි