SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ උදාවී ඇත්තේ "අනුර මොහොත" යැයි ලියැවුන සටහන් කිහිපයක් දුටුවෙමි.

එසේම හිරු උදාවන තෙක් නොසිට ඉදුදිග ගොස් හිරු රැගෙන ඒමට වෙහෙසෙන නොයිවසිලිවන්ත උනන්දුවන් පිරිසක්ද දුටුවෙමි.

එහෙත් අනුර යනු එවන් නොයිවසිලිවන්තයෙකු නොවේ. ඔහු සජිත්ට වඩා දක්ෂයෙකු වන්නේ එබැවිනි. මේ ඒ ඉතිහාසයෙන් බිඳකි.

අනුරට එරෙහිව ඔහුගේ විවේචකයන් බොහෝදෙනෙක් මහින්ද බලයට රැගෙන ඒම ගෙනහැර දක්වයි. එහෙත් මහින්ද සමඟ සන්ධාන ගතවීම පිළිබඳ සංවාදයේදී ඔහු සිටියේ ජවිපෙ මහින්ද බලයට ගෙන ඒමට මැදිහත් නොවිය යුතුය සහ ජවිපෙ තනිව තරග කළ යුතුය යන ස්ථාවරයේය. එහිදී ඔහු තර් කළේ රනිල් ජයග්‍රහනය කිරීම මගින් දුර්වලවන විපක්ෂය ජවිපෙට අත්පත් කරගත හැකි බවය. අනුරගේ එම මතයට ඔහු ශිෂ්‍ය අවදියේ පටන් ගුරුකර සැලකූ ප්‍රේමකුමාර්ගේ මතයද වීම බලපාන්නට ඇත.

එහෙත් ජයගත්තේ සෝමවංශ, වීරවංශ පාර්ශවයේ මතයය.

එම වැරදි තීරණයේ වන්දිය පක්ෂය මෙන්ම රටත් ගෙවන විට අනුර දේශපාලන දාම් අතේ ඉත්තන් හැසිරවීම අරඹන ලදී. වීරවංශ කළ අතපසුවීම සහ අනුර කවදත් සමත්කම් දක්වන මාධ්‍ය මෙහෙයුම් නිසා වීරවංශ blast වන විට අනුර සිය නායකයාගේ (ප්‍රේමකුමාර) පිළෙන් වෙන්වී එහි ප්‍රතිවිරුද්ධ පාර්ශවය (සෝමවංශ) සමග අසුන් ගන්නා ලදී. මේ දෙපිලේ සභාග දේශපාලන පිළිබඳ සුප්‍රකට විවාදයේදී වසරක් පමණ නිහඬවම ඉවසා සිටි අනුර එම නයි මුගටි ගැටුමෙන් ප්‍රේමකුමාර් නම් බාධකය තරණය කළේ සෝමවංශටද මරණීය තුවාල සිදු කරමිනි.

ඉන් පසු උදාවූ ජවිපෙ ප්‍රතිසංස්කරණය කිරීමේ දුෂ්කර කාලයේ ජවිපෙ නායකත්වය ගත් ඔහු ජවිපෙ, ජාතික ජනබලවේගය බවට රූපාන්තරණය කිරීමට සමත්විය. පරාජයන් ගණනාවක් ඉවසිලිවන්තව දරාගත් ඔහු දැන් ජාතික ජන බලවේගය මැතිවරණ දේශපාලනය තුළ පෙර නොවූ තැනකට ඔසවා ඇත. ඒ වෙනුවෙන් වැඩිම කැපකිරීම කළේ ඔහු නොව ඔහුගේ සතුරා වූ ප්‍රේමකුමාර් ය. ගාලුමුවදොර අරගලයේ මුල් අයිතිකරුවන් සිය පංතිමය අරමුණු ඉටුවීමෙන් පසු එම අරගලයෙන් ඉවත්වු පසු ඒ අරගල මානසිකත්වය අඛණ්ඩව රැගෙනයාමට සිය කාලය, ශ්‍රමය වැය කළේ පෙරටුගාමීන්‍ ය. අනුර කළේ එහි ඵලදාව සිය විසල් මල්ලට යහමින් පුරවා ගැනීමය.

 

ධනේශ්වර යුගයේ දේශපාලනය යනු තිරිසන් ලෙස ශක්තිය විදහා පෑමක් නොවන බව මාර්ක්ස්ගෙන් නැතත් මැකියාවෙල්ලිගෙන් ඉගෙන ගත් අනුර, වැරදි නැත. බල දේශපාලනයේ ඉතිහාසයම ලේ වැකි කුමන්ත්‍රණද, ම්ලේච්ඡ පාවාදීම්වලින්ද පිරී ඇත. එය වරදක්සේ දකින සාන්තුවරයන් සාහිත්‍යයට මිස බල දේශපාලනයට සුදුසු නැත. ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයා වෙනුවෙන් මිස පරාජිතයා වෙනුවෙන් නොවන නිසා බල දේශපාලනයේදී ජයග්‍රහණය වෙනුවෙන් කරන ඕනෑම දෙයක් නිවරදිය යන්න නිවරදිය.

 

මෙතෙක් තැබූ සියලු පියවර ඉවසිලිවන්තව තැබූ අනුර කලබල වී, අවසන් පියවර දෙක තුන කඩිනම් කර පය පැකිළවා නොගන්නා බව පැහැදිලිය.

අනුරගේ බලවේගය මසාල කොත්තුවකි. එහි IMF විරෝධීන්ද ,පාක්ෂිකයන්ද සිටී. 13+ පාක්ශිකයන්ද විරෝධීන්ද සිටී. විදුලිබිල අඩුකරන, පැය විසිහතර විදුලිය දෙන්න අනුර පොරොන්දු දෙන අතරම, අදානිට, සාම්පූර් වැනි බලගාරවලට ඔවුන් විරුද්ධය. පොහොර සහනාධාරය දෙන්නට, වීවලට වැඩි මිලක් දෙන්නට මෙන්ම සහල් අඩුවට දෙන්නටද ඔහු පක්ෂය.

මේ සියලු මසාල පොරොන්දු ඉටුකිරීමට ඔහුට ඇත්තේ නෙළා අවසන් වූ හේනකි. දැන් රනිල් හේන කොටමින් සිටී. වපුරා, වල් නෙළා අස්වනු පීදෙන කාලය අනුර හොදින් දනී. ඒ නිසා රනිල් අඬගසා දුන්නද අනුර බලය ගන්නේ නැත.

ඔහුට අවශ්‍ය විපක්ෂය අල්ලා ගැනීමය. ඔහු දැන් සිටින්නේ එහි කඩඉමේය. IMF විළිරුදාව විඳ දරුවා ඉපදුන පසු අතින් අල්ලන් යෑමට තවත් වසර පහ හයක් ඉවසිය යුතු බව අනුර දනී.

 

ඉවසිලිවන්ත අනුර මේ කරුණු සඟවා ගෙන සිටියත් නොයිවසිලිවන්ත ලාල්

"අනුර නැත්නම් රනිල්" කියන්නේද "එලබෙන ජනාධිපතිවරණය රනිල්-අනුර එකක්" බව කියන්නේද එබැවිනි.

සියල්ලටම වඩා ගේම් එක දන්න රනිල් බල දේශපාලනය වෙනුවට රට කරමින් ඉන්නේ, බල දේශපාලනයේ රනිල් වෙනුවෙන් මේ ලැප් එක අනුර දුවන නිසාය.

ඒක ඩීල් එකක් නෙමේ...

හරියට පෙරටුගාමී එක අනුර වෙනුවෙන් වෙහෙසුනා වගේ.

උපුටාගැනීම - Waruna Rajapaksha fb

නවතම ලිපි