SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කියුබානු ජනතාව දුක් විදිමින් පෝලිම් වල ලතවෙන බව ලංකාවේ පෝලිම් යුගය අවසන්කල ආර්ථික ඔස්තාද්ලා පහුගිය කාලයේ කම්පා විය.!

කියුබාව කස්ත්‍රෝ ගේ විප්ලවය නිසා පෝලිම් යුගයට ඇද වැටුනේය.. !

ජේ ආර් ගේ ඕපන් ඉකොනොමි ආශ්චර්ය නිසා ලංකාව පෝලිම් යුගය අවසන් කොට ගොඩ ගියේය.. !

ඒ කාලේ පෝලිම් ගැන විග්‍රහය එහෙම ය.

ආර්ථිකය විවෘත කල නිසා වොෂිං මැෂින්.. ෆිජ් .. ටී වී .. තව බොහෝ දේ පහළ විය.. !

ඒ කාලේ පලිගු මැනිකේ ටෙලි නාට්‍ය යේ සූරසේන ලා පට් පට් ගා සල්ලි හොයාගෙන පට් පට් ගා වියදම් කලේය... !

දැන් ලංකාවේ ජනතාව ආයෙමත් පෝලිමේ ය.

කියුබාව ඒ කාලෙ වගේ ය.

නමුත් පැහැදිලි වෙනසක් ඇත්තේය. !

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ තමන්ම පත් කළ නායකයා ගේ අම්මා මතක් කරමින්ය.

 

ඒ තමන් ගැසූ කතිරයට - තමන් ටම සාප කරගනිමින්ය . කියුබානු ජනතාව පෝලිමේ සිටියේ චේ ෆිදෙල් මතක් කරමින් ඔවුන් ගැන ආඩම්බරයෙන් ය. තමන් වෙනුවෙන් මෙන්ම ඇමරිකානු සම්බාධක වලට එරෙහිව ඔවුන් පෝලිමේ සිටියේ රට වෙනුවෙන් ය. !

 

ලංකාවේ ජනතාව පෝලිමේ ඉන්නේ පොරකමින්ය ..අඩමින්ය .. එකිනෙකා ට ආඩපාලි කියමින්ය.. පාවාදෙමින්ය්... මරාගනිමින්ය.

කියුබානු ජනතාව පෝලිමේ සිටියේ ආඩම්බරයෙන් සිනාසෙමින්ය... සතුටින් ය. !

විද්‍යාව.. අද්‍යාපන ය .. ක්‍රිඩාව .. සාමය .. යුද්ධය අල්ලස් .. දූෂණ.. නැති අවසානයේ විප්ලවයේ ප්‍රතිඵල දකිමින් පෝලිම් අවසන් වනු දකිමින් ය.

කියුබානු පෝලිම සම්බාධක වල ප්‍රතිඵල නිසා මිස කියුබානු ජනතාව තෝරාගත් නායකයින් වැරදි නිසා නොවේය. !

ලංකාවේ පෝලිම සම්බාධක නිසා නොව ජනතාව තෝරාගත් නායකයින් හා ප්‍රතිපත්ති වැරදි නිසා මය.!

අද කියුබානු පෝලිම් අවසන් වෙමින් තිබේ. පෝලිමේ සිටියත් ඔවුන් සතුටු සිනාවෙන්ය .

ලංකාවේ පෝලිම් ආරම්භ වෙමින් තිබේ..

සතුට වෙනුවට සතුට තිබූ මුහුණු වලින් ද

කදුළු වැගිරේ .. !

පෝලිම් වල වෙනස ජනතාව තේරුම් ගත් දා ..

ලංකාවේ ජනතාව දිනන දා ය.

 

@ Sunil Handunneththi Fb page

නවතම ලිපි