SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වතුකරයේ ජනතාව තවමත් එලිමහන් වහල්ලු වශයෙන් තම මෙහෙවර සහ සේවය මෙරටට සිදු කරන බව මලය මක්කල් අභිමානය සුරකිමේ සංවිධානයේ සහ ශ්‍රි ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය සමාජික රෙල්ස්ටන් වයිමන් මහතා පැවසිය.

ඉන්දිය සම්භවයක් ඇති වතුකරයේ ජනතාව මෙරටට පැමිණ අවුරුදු 200 සපිරිම නිමිත්තෙන් හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේ මේ මස (29) දින පැවැත්විමට නියමිත සංස්කෘතිය උළෙල සම්බන්ධයෙන් දැනුවත් කිරිම සදහා හැටන් ප්‍රදේශයේ (27) දින පැවති මාධ්‍ය හමුවේදි රෙල්ස්ටන් වයිමන් මහතා ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක් වු රෙල්ස්ටන් වයිමන් මහතා කියා සිටියේ 

වතු ජනතාව ලංකාවට ඇවිල්ලා අවුරුදු 200 වෙනවා , 1800 ගණන් වල ලෝකය පුරා කෝපි වගාව සිදු කලා , ඒ නිසා 1823 දි ලංකාවේ කෝපි වගාව ආරම්භ වෙනවා.

එතැන් පටන් අවුරුදු 200 ක් පමණ කෝපි වගාව සදහා මෙරටට පැමිණි දකුණු ඉන්දිය සම්භවයක් ඇති වතුකරයේ ජනතාව තවමත් එලිමහන් වහල්ලු මෙන් රටට මෙහෙවරක් සේවයක් කරනවා.

ඒ අයගේ දහදිය මහන්සිය හෙලලා මේ රටට විශාල සේවයක් කරනවා , ඒ අයගේ සේවය නිසා මේ රටේ අනෙකුත් සියළුම ජනතාවට සම්පත් ලැබිලා තියෙනවා.

විදේශ විනිමය තුලින් මේ රට සශ්‍රික කරලා තියෙනවා , නමුත් අපිට දුක හිතෙනවා ඔහුන් තවමත් අපේ රටේ ජිවත් වන ආකාරය දුටුවම.

1948 දි ලංකාවට නිදහස ලබා ගැනිමට සදහා වතුකරයේ ජනතාව සහය දක්වලා තියෙනවා , නමුත් නිදහස ලබා ගැනිමෙන් පසුව ඒ අයගේ ජන්ද අයිතිය නැති කරලා දැම්මා.

ඔවුන් මේ රටේ ජනතාවක් නොවන ලෙසට පාලකයින් කටයුතු කරලා තියෙනවා.

1921 ජන සංඛ්‍යා ලේඛණය ගත්තම ලංකාවේ දෙවනියට වැඩිම ජනතාවක් ඉන්නේ දමිල ජනතාවයි.

පාලකයින්ට අපි කියනවා මේ ජනතාවට දැන්වත් සාධාරණයක් කරන්න කියලා.

වත්මන් ජනාධිපතිවරයා කිව්වා මේ ජනතාව සමාජගත කරන්න ඕනි කියලා , කවුද ඉතින් මේ අය සමාජගත නොකලේ ?

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් මෙරටට පැමිණිලා මේ ජනතාව සම්බන්ධයෙන් සෙයලා බලලා ජිනිවා වලට වාර්තාවක් ඉදිරිපත් කරලා කියනවා මේ ජනතාව තවත් ශ්‍රම වහලුන් වශයෙන් ජිවත් වෙන්නේ කියලා යනුවෙන් පැවසිය.

මෙම මාධ්‍ය හමුවට ලංකා සභාවේ පියතුමාණන් වන එම්.ශක්තිවේල් පියතුමා සහභාගි විය.

@රංජිත් රාජපක්ෂ

Lanka C News 

නවතම ලිපි