SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආර්ථික අර්බුදය හමුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ අභියෝගය වෙනුවෙන් ව්‍යාපාරිකයන් එක්ව

ගොඩනැගු අරමුණ සංවිධානයේ ප්‍රථම ජාතික වැඩසටහන (21) පස්වරුවේ කෝට්ටේ සෝලිස් ශාලාවේදී පවත්වනු ලැබිය. 


ප්‍රකට ව්‍යවසායක දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමේදී ඉදිරියේ තම ව්‍යාපාර කටයුතු ගොඩ නංවා ගැනීම සඳහා ගන්නා පියවරයන් පිළිබඳ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

රට නොගොස් මෙරට තුළ ම සිටිමින් ආර්ථික අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමට මෙහිදී ව්‍යාපාරික ප්‍රජාව සාකච්ඡා කරනු ලැබිය.

ව්‍යාපාරිකයෙක්ගේ සහ ව්‍යවසායකයෙකුගේ වෙනස්කම දිලිත් සඳහන් කරන්නේ ව්‍යාපාරිකයෙක් යනු ලාභය මූලික කොටගෙන ව්‍යාපාර කටයුතු කර ලාභය උපයන්නෙක් වන අතර, ව්‍යවසායකයෙකු යනු ලාභය මූලික නොකොට නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක් සිදුකර අවදානමක් ගනිමින් ව්‍යවසායක කටයුත්තක නියැලෙන්නෙක් බවයි. මෙහිදී ව්‍යාපාරිකයෙක්ට රටේ දේශපාලනය සමග ඔහුගේ ව්‍යාපාරය බැඳිල තිබුුුනද දේශපාලනයේ කවුරු නියැලුනත් කවුරු බලයට ආවත් ව්‍යාපාරිකයාගේ අරමුණ ලාභ අපේක්ෂාවය.

නමුත් ව්‍යවසානයකයාද දේශපාලනයට සංවේදී වන අතර තමුන් කොතරම් සාර්ථක ව්‍යවසායකයෙක් වුනද රටේ පවතින දේශපාලන යථාර්ථයෙන් මිදෙන්නට ඔවුන්ටද නොහැකිය. ව්‍යවසායකයෙක් නිරන්තරයෙන් ක්‍රියාකරන්නෙ සතුට (happiness) වෙනුවෙන් බවයි දිලිත් පවසන්නේ.

රාජපක්ෂලා ගැන දිලිත්ගෙන් ආන්දෝලනාත්මක කතාවක්!

මේ අතර ඉරාජ් වීරරත්නගේ යූටියුබ් නාලිකාව සමග දිලිත් ජයවීර පැවැත්වූ සාකච්ඡාවක් පිළිබඳව සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක්ව ඇත. මෙම වීඩියෝ සංවාදය මගින් පහුගිය වකවානුව පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක්ම දිලිත් විසින් ඉදිරිපත් කර ඇත.

 

ජවිපෙ නායකයාගේ බොරු කතා -

ජනතා විමුක්ති පෙරමුණ තුන්වැනි බලවේගයක් ලෙස රටට කරන්නේ කුමක්ද?

අනුර කුමාර කටට එන ඔිනෑම බොරුවක් කියන පුද්ගලයෙක් ලෙස දිලිත් මෙහිදී චෝදනාවක් ගෙන එයි.

ඊලග ජවිපෙ කැම්පේන් එක බාරගන්න තමන් සූදානම් බව දිලිත් ජයවීර මෙහිදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා. නමුත් ඒ එක කොන්දේසියකට යටත්ව බව ඔහු පවසයි. අනුර කුමාර තමාට කරනු ලැබූ චෝදනා බොරු චෝදනා බවත් ඉන් ප්‍රධාන චෝදනා දෙකක් වන අතර ඒවා සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක ඒවා නිවැරදි කළ යුතු බවයි.

1.ඇන්ටිජන් වංචාව සිදුවනු ආකාරයත්,

2.හෝටල් නිරෝධායනය හරහා වංචා සිදුකළ ආකාරයත්,

සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවාදයකදී එම වංචාවන් ඔහු ඔප්පු කළ යුතු බව දිලිත් පවසයි. මෙම චෝදනාවම නාමල් රාජපක්ෂත් හරීන් ප්‍රනාන්දුත් කළත් ඒවා බොරු චෝදනා ලෙස දියවී ගියද,  නිර්මල දේශපාලනයේ යෙදෙන අනුර කුමාර ප්‍රමුඛ ජවිපෙය මෙය කියන්නේ නම් එය ඔප්පු කළ යුතුය.

තමා ඇන්ටිජන් පරීක්ෂන කට්ටල ගෙනාවත් එහිදී වංචාවක් නොකළ බවත්, හෝටල් නිරෝධායනයෙන් වංචාවක් කලාය යන්න ගැනත් ඔප්පු කළ පෙන්විය යුතු බව ඔහු අවධාරණය කරන්නේය.

 

ගෝඨාභයට මොකද උනේ?

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ හිතේ තිබුනු ඔහුගේ රජයත් ඇත්ත රජයත් දෙකක් බව මෙහිදී දිලිත් පවසයි.

“ගෝඨාභය විධායක ජනාධිපති උනත් 69 ලක්ෂයක ජනවරමක් ගත්තත් රාජපක්ෂ පවුල විශ්වාස කලේ එම ජනවරම ගෝඨාට නොව මහින්දට ලැබුනු ඡන්දයක් විදිහටයි. ඒ හින්ද එයාලට ඔින විදිහට වැඩකරගන්න පීබී ජයසුන්දරව පත්කර ගත්ත. මමත් ගෝඨාභය ජනාධිපතිවරයාත් එක්ව විවේචනය කරපු මූලිකම පුද්ගලයෙක් තමයි පීබී කියන්නෙ. නමුත් ජනාධිපති ලේකම් ලෙස ඔහුව පත්කලාට පස්සෙයි මම දැනගත්තෙ දෙරණ නිවුස් ඇලර්ට් වලින්. ඒ වගේම බැසිල් හිතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක අරන් දුන්නෙ එයා කියල. එයා පාර්ලිමේන්තුව පාලනය කලා.”

“එතනදි ඉතාම නිර්ලජ්ජිත විදිහට ගෝඨාභය ජනාධිපතිවරයා මට දීපු පොරොන්දුව කඩකරල 20 වැනි සංශෝධනය සම්මත කරගත්තට පස්සෙ බැසිල් රාජපක්ෂව පාර්ලිමේන්තුවට ගෙනාව”

ද්විත්ව පුරවැසිභාවය හරහා බැසිල් පාර්ලිමේන්තුවට ගෙන ඒමක් නෙවෙයි 20 වැනි සංශෝධනය ගෙන ඒමෙන් කරන්නෙ කියල ගෝඨාභය ජනාධිපති පෞද්ගලිකවම දිලිත්ට පොරොන්දු වුවත් එය බරපතල පොරොන්දු කඩකිරීමක් බව දිලිත් චෝදනා කරන්නේය. බැසිල් මුදල් ඇමතිකම ගැනීමෙන් අද මේ රට මුහුණ දීල තියෙන තත්වයට පත්වෙලා තිබෙන බවත් ඔහු මෙහිදී සඳහන් කරන්නේය.

රාජපක්ෂ පවුල තුළින් මතුවූ දිලිත් විරෝධය!

“රාජපක්ෂ පවුලෙන් මට බරපතල විරෝධයක් තිබුන. ඒගොල්ලො විශ්වාස කලා මම ගෝඨාභයව රාජපක්ෂ පවුලෙන් ගලවා වෙන මාර්ගයක ගෙනියන්න හදනව කියල. ඔව්, ඒක තමයි මම කලේ. මොකද ජනතාව අපේක්ෂා කලෙත් ඒකයි. ලංකාවේ රාජපක්ෂ කෙනෙක් නොවන කෙනෙක්වයි ලංකාවෙ මිනිස්සුන්ට ඔින උනේ. ඒක තමයි මහ පොලොවෙ අවශ්‍යතාවය උනේ”

 

#GotaGoHome ටැග් ලයින් එක කාගෙද?

“ගෝටාගෝහෝම් ටැග් ලයින් එක අරගල ළමයි හිතාගෙන ඉන්නව ඒගොල්ලොන්ගෙ ටැග් ලයින් එකක් කියල. ඒ ටැග් ලයින් එක හැදුවෙ රාජපක්ෂ පවුලෙන්. පවුලෙන් හැදුවට ඒක හැදුවෙ පවුලෙ කවුද කියල මම දන්නෙ නැහැ. හැබැයි ඒක වට්ස්ඇප් ගෘප් එකකට මුලින්ම දැම්මෙ යෝෂිත”

 

ගෝඨාට පවුලේ විරෝධය එල්ල උනේ ඇයි?

ගෝඨාභය ජනාධිපතිවරයා ආපු දවසෙ ඉඳල කරපු දේවල් මොනවද?

“බිත්තිවල පින්තූර ගහන්න එපා කියල පෝස්ටර් ගහන්න තැන් හදල,  මන්දිරවල නොඉඳ මිරිහානේ ගෙදර ඉඳල, ආර්ථික මධ්‍යස්ථාවනලට ගිහිල්ල, උද්ගෝෂන ඒරියා හදල දීල විතරක්ද? කවුරුත් දන්නෙ Unsolitude project කියන ඒව එයා නැවැත්තුව. කොළඹ ප්‍රොජෙක්ට්වලින් ජීවත්වෙච්ච පවුලෙ සාමාජිකයො ඇතුළු ජාවාරම්කාරයො ඒකෙන් තැතිගත්ත. පවුල හරහා එන විරෝධය වැඩි වුනා. අන්න ඒකෙ උච්ඡස්ථානය තමයි පීබීව ගෙදර යවනව. ඒත් ඉන්පස්සෙ ආයෙත් අගමැති මහින්දගෙ හිතවතාව තමයි ආයෙත් ලේකම් කරගන්න වෙන්නෙ. ගාමිණී සෙනරත්ව”

“මේ නිවැරදි දේ සමාජය දැනගත යුතුයි. මේක පවුල ඇතුලෙ විරෝධයක්. ඒකෙ ජාවාරම්කාරයො හිටිය. ඒකට තමයි කරන්ට්, ගෑස්, පෙට්රල් ඩීසල් ඒවත් බලපෑව. නමුත් ආරම්භය පවුලෙන් එන්නෙ. ජනාධිපතිවරයගෙ පුතත් ඉන්න වට්ස්ඇප් ගෘප් එකක යෝෂිතගෙන් මේ #GotaGoHome ටැග් ලයින් එක වැටෙනව. ගෝඨා විරෝධය පවුලෙ ඇතුලෙමයි තිබුනෙ.

 

සර් ෆේල් කියල හරීන් කෑගහද්දි පාර්ලිමේන්තුවෙ කවුද විරුද්ධ උනේ?

ගෝඨා ගෙදර යන්නෙ අපි නිසා නෙවෙයි”

 

පහුගිය කාලෙ කුමන්ත්‍රණයක් සිද්ධ වුනාද?

“මම 2008 දි John Perkins ගෙ Confessions of an Economic Hit man  කියන පොත එවකට ජවිපෙට සම්බන්ධ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය නමින් පරිවර්තනය කරල ඒක ලෝන්ච් කලා හිල්ටන් හොටලෙදි. මම තමයි ඒකේ මුඛ්‍ය දේශනය කලේ. ඒකෙදි මම කිව්ව කරුණු 3ත් තියෙනව.

ඒකෙ ප්‍රධාන කරුණක් තමයි අපි ආර්ථික අර්බූධයක් කරා දක්කාගෙන යනව කියල පීබී ජයසුන්දර චරිතය විසින් කියල. මේ ආර්ථික අර්බූධය සමාජ ස්ථාවරයත්වය නැති කරල අපිව දේශපාලන අස්ථාවරයක් කරා දක්කාගෙන යන බව මම එහිදී කිව්ව. ඒ අර්බූධය නිසා විවිධ භූ දේශපාලනික බලපෑම් රටට සිද්ධවෙනව කියල මම අනාවැකියක් කිව්ව. හැබැයි මේක මහා භූදේශපාලනික කුමන්ත්‍රණයක් නෙවෙයි. මේ කුමන්ත්‍රණය ඇරඹුවෙ පවුලෙන්”

 

නාමල්ට දේශපාලන අනාගතයක් නැහැ..

“නාමල්ට දේශපාලන අනාගතයක් නැති බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපති දාගෙන ඉන්න කුරහන් සාටකයට තිබුනු ගමයි පන්සලයි හැගීම, ආකර්ශනය තිබුනත් නාමල්ට ඒක නැති බව දිලිත් කියයි. ඒ මහින්ද අල්ල ගත්ත පල්ස් එක නාමල්ට අල්ලගන්න බැහැ. සමාජයේ ස්පර්ශ කළහැකි සියුම් තැන් සියල්ල ඔහුට අහිමියි. බලය, මුදල මූලික දේශපාලනයක් ගැනයි ඔහු විශ්වාස කරන්නෙ.

මේ සමාජය ඉල්ලා සිටින මූලිකම දෙයක් තමයි විශ්වාසනීයත්වය.  ඒක නාමල්ගෙන් ලැබෙන්නෙ නැහැ. ඔහු දේශපාලන ගේම් ගහන්නෙ. මහින්ද එහෙම කලත් එහෙම කරාවි කියල මිනිස්සු විශ්වාස කරන්නෙ නැහැ. ඒ විශ්වාසය නාමල්ට අහිමියි.

ඔහුව අද තාරුණ්‍යය විසින් ප්‍රතික්ෂේප වෙනව. ඔහුට එක් වෙන්න ඔින තාරුණ්‍ය උනත් ඒ තුළ අනාගතයක් ඔහුට නැහැ.”

 

@සමාරා පරණවිතාන 

සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්...

නවතම ලිපි