SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලක්ෂ 69 ක් ජනතාවගේ බහුතර ඡන්දයෙන් තෝරාගත් නීත්‍යානුකූල ජනාධිපතිවරයා සිය ධූරයෙන් නික්ම යන්නේ රටේම ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බව කාරුණික නුවණැත්තෝ දනිති.

එය ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික අරගලකරුවන්ට බයේ ගත් තීරණයක් නොවේ. එය සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් සිදු කළ උතුම් කැපකිරීමකි. දුරදක්නා නුවණින් ගත් ගෞරවනීය පියවරකි.

තම නායකත්වය යටතේ වරක් නොව දෙවරක්ම රටේ ජනතාවගේ ජීවිත බේරා දුන් ගෝඨාභය මහතා එලෙස බේරාගත් වැසියන්ගේ ලේ බිඳකුදු නොසොල්වා සිය ධූරයෙන් ඉල්ලා අස්වීම ලෝක ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන උතුම් සත්කාර්යයකි. ධර්මිෂ්ට පාලකයෙකුටම පමණක් පෙන්විය හැකි උතුම්ම ආදර්ශයකි. එවැනි අවිහිංසාවාදී නායකයෙකුට ව්‍යවස්ථාවෙන්ම හිමි විශ්‍රාම වැටුප පිළිබඳව කිසිවෙකු ප්‍රශ්න කිරීමම අධම ක්‍රියාවකි.

මෙතෙක් සිටි සියලු ජනාධිපතිවරුන්ට පමණක් නොව සියලු ජනතා නියෝජිතයන්ට හිමි නීත්‍යානුකූල විශ්‍රාම වැටුප සහ පහසුකම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාටත් ඒ නියමිත අයුරින්ම පිරිනැමීම රාජ්‍යයේ වගකීම සහ යුතුකමයි. දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හිමි විශ්‍රාම වැටුප සහ පහසුකම් එම ආර්යාවට අදටත් ලබා දේ. ශිෂ්ටසම්පන්න දියුණු සමාජයක් කටයුතු කරන්නේ එසේය. වෛරයෙන් ද්වේශයෙන් පිරුණු අධමයන් විරුද්ධ වුවත් ජනරජයේ මුදුන්මල්කඩ වන ව්‍යවස්ථාව හෙවත් ජනතාවගේ සාමූහික සමාජ ගිවිසුම ප්‍රකාරව අප කටයුතු කළ යුතුය.

වංචාවෙන් දූෂණයෙන් අසාධාරණයෙන් තඹ සතයකුදු උපයා නොගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයෙන් අපට පෙන්වූයේ සරල දිවිපැවැත්මයි. එතුමන්ගේ ජීවිතය නැති කිරීමට මාන බලන පරාජිත බෙදුම්වාදී අවතාර සහ සිංහල බෞද්ධ විරෝධී ආගමික අන්තවාදීන් සිටියදීත් තම ආරක්ෂාව වෙනුවෙන් සපයන නිලධාරීන් සහ නිල රථවාහන බහුතරයක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ම ප්‍රතික්ෂේප කළේ ඒ නිසාය.

ජනාධිපති ධූරය දැරූ කාලයේ පවා එතුමා භාවිතා කළේ තමන්ගේ පුද්ගලික රථය මිස එතුමාට ලබාදුන් වෙඩි නොවදින රජයේ නිල වාහනය නොවේ. මා දන්නා තරමින් අදටත් එතුමා භාවිතා කරන්නේ එතුමාගේ එම පුද්ගලික රථයමය. අනෙකුත් වාහන අයත් වන්නේ එතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් නීත්‍යානුකූලව අනුයුක්ත කර ඇති ආරක්ෂක අංශයට මිස එතුමාගේ පුද්ගලික භාවිතය සඳහා නොවේ. එම ආරක්ෂක නිල රථ ගැන ප්‍රශ්න කරන්නේ කුමන සාපරාධී අරමුණකින්දැයි අප බරපතල ලෙස කල්පනා කළ යුතුය.

මරණයට පත් සතුරාටත් ගෞරව කරන්නට ඉගැන්වූ ශ්‍රේෂ්ට සිංහල බෞද්ධ රජවරුන්ගෙන් පැවත එන සිංහලයාට අනුපමේය සේවයක් කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හිමි දෙය ඒ අයුරින්ම ලබාදීම වළක්වන්නට උත්සාහ කරන්නේ අසිංහල පරගැතියන් පමණී. ඊනියා අරගලකරුවන් විසින් කළ විනාශයේ තරම ඇස් පනාපිට ඔප්පු වෙමින් තිබෙන මේ මොහොතේ රටට ජාතියට ආගමට සැබැවින්ම ආදරය කරන සිංහල බෞද්ධයා දැන්වත් යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ඉදිරියට පැමිණිය යුතුය.

ධර්මය අපට මග වේවා!

@එරන්ද ගිනිගේ

2023 ජනවාරි 19

නවතම ලිපි