SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කුමාර අගුණරතන ප‍්‍රමුඛ සමයං බිම පක්ෂය උත්සහ කරන්නේ බලය ලබා ගන්නට යැයි කියා එයාලා ඒෆ් බී එකේ පෝස්ට් එකක දමා තිබේ.

ඒක දකින අගුණරතන ගැන දන්න කියන කොයි මිනිස්සුංටත් තමන් හිනාවෙන්න  ඕන කටෙන් ද අධෝමුඛයෙන් ද කියා සිතාගන්නට බැරි ය.

අගුණරතනගේ සමයං පක්ෂයේ අපේක්ෂාව වෙන කෙනෙකුට බලය අරන්දීමට හෝ වෙන කෙනෙකුගේ බලය ආරක්ෂා කිරීම නොවේය කියා ද ලියා තිබේ. ඒක දකින අගුණරතන ගැන දන්න කියන කොයි මිනිස්සුංටත් තමන් හිනාවෙන්න  ඕන කටෙන් ද අධෝමුඛයෙන් ද කියා සිතාගන්නට බැරිය. 

ඒ විතරක්දප්පා ... අනාගතයේ විශේෂ මංසංධීයකදී හැර අප වෙන පක්ෂයක් සමඟ සංධානගවී නැත කියා ද අගුණරතන ලියා තිබේ. ඒක දකින අගුණරතන ගැන දන්න කියන කොයි මිනිස්සුංටත් තමන් හිනාවෙන්න  ඕන කටෙන්ද අධෝමුඛයෙන් ද කියා සිතාගන්නට බැරිය.

දැනට මාස ගණාවකට පෙර රටේ අරගලයක් මතුවෙන්නට ප‍්‍රථමව අගුණරතන එයාගෙම කලින් සංවිධානෙ වෙච්ච එක්ස් කන්ඩායමේ හිටපු සාමාජිකාවක් වන සිරිමලී සමඟ ලීඩර් යූටියුබ් සංවාදෙක දීි කියා සිටියේ ”එක්කෝ අගුණරතන පාඨලී චම්පික එක්ක යනවා, නැත්තං නාමල් රාජපක්ෂ එක්ක යනවා” කියා ය. ඒ වෙලේ ඒකෙන් චූන් වෙච්ච නාමල්වාදී පොහොට්ටු සාමාජිකයෙක් එෆ්බී එකේ ලියා තිබුණේ අගුණරතනට ගැලපෙන ම තැන නාමල්ගේ සෙවන බවයි.

ඒ අගුණයා හිතපු දේශපාලනය සිදු නොවී වෙනම තත්වයක් සිද්ධ වුණේ ය.

එහෙම කයියක් නොගැසූ ගාණට සද්දෙ වහල නෑසූකනක්ව හිඳ  දැන් ආයෙමත් ලොකු ටෝක් දෙන අගුණරතන දෙස බලන මිනිස්සුංටත් තමන් හිනාවෙන්න  ඕන කටෙන්ද අධෝමුඛයෙන් ද කියා සිතාගන්නට බැරිය.

කව්රුත් දන්නා අගුණරතන කියන්නේ අමු බය ගුල්ලෙකි. කවුරුහරි බලපුළුවන්කාරයෙකුගේ හයියක් නැති කාලෙට සද්දෙ වහල මීයට පිම්බා වගේ ඉඳී. ආයෙමත් එවැනි සම්බන්ධයක් හැදුන ගමන් අන් අයට වැඩකට නැති අනතුරු අඟවමින් නැති යකෙක් පෙන්වන්නට හදයි.

කලකට ඉහත රුවන් ෆර්ඩිනැන්ඩස් ගුරුගේගේ උදව්වෙන් මාතොට සඟරාව භාරව සිටි අහිංසක මිනිහෙක් වෙච්ච සුප‍්‍රසිද්ධ ”ජීවිතේ අමදාරා ගීතය” ලියපු ගාමිණී විජේතුංගවත් පන්නල මාතොට සඟරාව තමන් අතට අරන් මංගලගෙ හයිය පෙන්වමින් කොළඹ කිහිප දෙනෙකුට පාට් එක දැම්මේ ය. අගුණරතන අන්තිමේදී ගුරුගේ ගේ බිරිඳ වන කාන්චනාවත් මාතොටින් පන්නා, මාතොට සඟරාව නවතා දැමීමට කටයුතු කළ මංගලගේ සොහොයුරියට පවා කෝචොක් දාන්න ගිහිං  මංගල සහ ෆර්ඩිනැන්ඩස්ලා කෙරෙන් කලකට දුරස් විය.

පසුව එළඹුණේ අගුණරතනට හරි නරක කාලයක්. තමං කරපු කුජීත වැඩ වලට පරිප්පු කන කාලයක්. අගුණරතනගෙ එක්ස් කණ්ඩාමෙන් බහුතරයක් සාමාජිකයෝ නත්තල් දවසකදී ඔහුට වහකදුරු වී අගුණරතන කෙරෙන් ඉවත්වී ගොස් වෙනත් සංවිධාන සාදාගත්හ. ඔහුගේ වම් අත වගේ හිටපු නිර්මාල් දේවසිරි පවා ඔහු හැර යාම කොළඹ සමහර අයගේ පුදුමයට හේතු විය. සංවිධානයකින් සාමාන්‍යයෙන් ඉවත්ව යන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නැතිනම් සුළුතරයකි. එහෙත් අගුණරතනයා මොනතරම් අසමජ්ජාතියෙක්ද කියනව නම්, එක්ස් කණ්ඩායමේ හිටිය බහුතරයක් දෙනා එකවර ඔහු හැරදාමා ගියේ ය.

ඒක එතෙක් රටේ කිසිම පක්ෂෙකට හෝ සංවිධානයකට නොවූවකි.

ඊට පස්සෙ නන්නත්තාර වූ අගුණරතනයා ආයෙමත් ලොකු පක්ෂ දෙකෙන් බලය ඇති කවුරුහරි හොයා ලූහුබැන්දේ ය. අගුණරතනයාගේ පොදු ස්වභාවයක් වන්නේ තමන් ලඟම ඉන්න පාක්ෂිකයාගේ හෝ බත් පතට, කාර් එකට නිවාසයට හෝ වෙන මොනයම් හෝ භෞතික දේවල්වලට ඉරිසියාවී ම යි. එයින් පසු ඒවාට කෙලින් හෝ වටින් ගොඩින් කොකු ඇදීම යි. එබැවින් යම් කලක් ගතවන විට මිනිසුන්ට අගුණරතනයාව එපාවී ඔහුව හැර යයි. දැන් ඔහු ළඟට වී ඉන්නේ ඔහුගේ මේ අඳුරු පිසාච අතීතය ගැන හරි හැටි නොදන්නා අලූත් ම කිහිප දෙනෙකි.  ඔවුන්ද වරින් වර අගුණරතන හැර යාම නුදුරේ දී ම අත්දැකදිය හැකිය. අගුණරතන සින්ඩ්‍රෝමය නම් නැවත නැවත සිදුවන මෙම දුෂ්ට චක‍්‍රය යි.  

නැවතත් යහපාලන ආණ්ඩුව කාලෙ පළමුව රනිල් එක්ක ගිහිං දෙවනුව මහින්ද එක්කත් ගිහිං අමු පිස්සුවක් නැටූ දේශපාලනයේ අසූචි නාගත්තු සිරිසේන ජනාධිපතිගේ දෝණිගේ ජංගිය යටට ගිය අගුණරතන ඒ ජංගි බලයෙන් රුවන් ෆර්ඩිනැන්ඩස් පමණක් නොව දේශපාලනයට කිසිම සම්බන්ධයක් නැති ඔහුගේ දරුවාට ද වචනයෙන් පහර දී තව තවත් මංගල-රුවන් දෙබෑයන් වෙතින් ඈත් විය.

දැන් යලිත් රුවන් ගුරුගේ ෆර්ඩිනැන්ඩස් සමග සහවාසයකට ගිහින්දෝ රනිල්ගේ බලය පෙන්වමින් වටේට ම නෙලන බවට තර්ජනය දමන්න පටන්ගෙන ඇත. මෙවර නාමිකව කොක්ක ඇදං තියෙන්නේ විදර්ශන කන්නංගර සහ චින්තන ධර්මදාස යන දෙබෑයන් එක්කය. නිර්නාමිකව තග දමා ඇත්තේ මේ මෑතක යූටියුබ් නාලිකාවකින් අගුණරතනව ඉන්ටවිව් කරපු සිරිමලීට බව අනුමාන කළ හැකිය.

කවුරු කා සමඟ අතහැරපු පොලිටිකල් ඇඳංවල ආයෙ ආයෙමත් වේසකොමට බුදිය ගැනීම අපිට ප‍්‍රශ්නයක් නැත. තවද චින්තන, සහ කන්නංගර දබෑයන්ට දාපු තගට උත්තර බැඳීිය යුත්තේ ඔවුන් ය. අනික් පැත්තෙන් සිරිමලී නැමැත්තියට නිර්නාමිකව අමතා ඇත්තේ ඇය හරියට කට ඇරියොත්, අගුණරතන අතීතයේ සිදුකළ අමු පුද්ගලවාදී පිස්සු සහ අසාධාරණ වැඩ හෙළිවී අගුණරතනගේ පොරපාට් සියල්ල භංගවී යන නිසා බව ද සැලය.

ඒත් අපිට පන පිහිටුවා එකක් නම් කිව හැකිය.

අගුණරතන සහ ඔහුගේ බැල සහචරයන් කවදාකවත් ම රටේ බලය ලබාගන්නේ නැත. ඔය එක එකාට කඬේ ගොස් අගුණරතන තව දශක එකක් හමාරක් විතර ඇතුළත පොළවට පස්වෙනු ඇත.

වෙන පාර්ශවයකට බලය ලබා දීම හෝ ආරක්ෂා කිරීම තමන්ගේ අපෙක්ෂාව නොවේ යැයි කියන අගුණරතන මෙතෙක් කර ඇත්තේ ද එවැනි දේ පමණි. ලැග ඇත්තේ ම අනෙක් පාර්ශව එක්ක ම ය. එත් ඒ කිසිදු අයෙක් සමඟ දිගුකල් ඉන්නට නොහැකි අගුණරතන මොකක් හෝ කුප්ප වැඩක් කර ඒ අයව තරහ කරගන්නවා ම ය. මෙවරත් රුවන් ගුරුගේ හරහා ආයෙමත් රනිල් එක්ක ජැක් එක ගහගෙන නම්, එයින් පරිස්සම් විය යුත්තේ රනිල් සහ ගුරුගේ මිසක් අගුණරතන නොවේ.  

තමංගේ සමයං බිම පක්ෂය අනාගතේ සංධිස්ථානයකදී අනෙක් පක්ෂයක් සමඟ සංධානගත විය හැකි යැයි අගුණරතන පවසා ඇතත්, සත්‍ය නම් කිසිම පක්ෂයක් ඔවුන් හා සංධානගත වන්නට නොඒම යි. රටේ ඔවුන්ව දන්න කෙනෙක් හොයා ගන්න එක නොමල ගේකින් අබ ඇටයක් හොයාගන්නවා වගේ වැඩකි. අගුණරතනගේ සංවිධනය හෝ මල සමයං පක්ෂවලට සිදු කළ හැක්කේ කඬේ යාම පමණකි. එය අගුණෙ විසින් එදත් කළ අදත් කරමින් සිටින දෙයයි.

ඒ හින්ද ඇත්තට ම තමන් ගැන අධිමානය නිසා මතිභ‍්‍රමයට හසුවී සයිකෝසීය වී ඇත්තේ කුමාර අගුණරතන යි. අගුණරතන සරණ යන වුන් සහ අගුණරතනගෙන් පිළියම් පතන මොන පක්ෂකයට හෝ සංවිධානයකටත් වන්නේ අනාගතේ දවසක අගුණරතනගෙන් ම අම්බානක කන්නට ය. ඊට පස්සෙ යළි වෙන් වන්නට ය.

@බුද්ධික මනුරත්න

නවතම ලිපි