SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම නතාශාගේ රසිකාවියක්. ඇගේ කොමඩි ෂෝ එකක් ලයිව් බලන්න හරිම ආසාවෙන් ඉන්නේ.

ඇයගේ ටැලන්ට් එකට සුබ පතන ගමන්ම ඇය මෑතක කරපු ෂෝ එකක් ගැන කතා කරන්න ඕන කියලා මට හිතුනා.

ගැලවීම සහ ඇරීම. සිප් එක ඇරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

(නතාශාගේ ෂෝ එකේ වීඩියෝ එක පහල තියෙනවා බලන්න කැමති කෙනෙක් වෙනුවෙන්)

 

ඇය ඉතාම පොඩි වෙලාව ඇතුලත පැලැස්තර සංස්කෘතික රක්ෂා භූමිකාව සහ ලිංගික හිංසාව ගැන ඉතා විශාල පරාසයක් ඇතුලේ ඇගේ ප්‍රේක්ෂකාගාරය ගෙනියනවා ඉතාම ෂූක්ෂම විදිහට. ඒ වගේම ලමා ලිංගික හිංසනයේ ඉදලා ලිංගික හැකියාවේ අවසාන අදියරේ ඉන්න සමාජ ස්තරය දක්වා ඇති ලිංගිකත්වය සම්බන්ධ විවිධ සමාජ ගැටලු සහ එයින් ඇතිකරන පීඩාවන් ගැන ඇයගේ හාස්‍යාත්මක රැඩිකල් එළඹුම ලංකාවේ සමාජය සාමාන්‍යයෙන් මග හරින්න උපරිමයෙන් ට්‍රයි කරන කලාපයක්.

උදාහරණයක් විදිහට කියනවා නම් ඇය කතා කරන පොදු ප්‍රවාහන සේවා වල ලිංගික හිංසනය ගැන මාතෘකාව පහුගිය කාලේ සමාජයේ කතා කරන්න පටන් ගත්තා, ඒ ගැන කරපු සමීක්ෂණයකින් ලංකාවේ කාන්තාවන් 90% කට වඩා හිංසනයට පත් වෙනවා කියන වාර්තාව එක්ක. එතකොට උදේ හවා ලෝකෙන්ම උතුම් කියලා පරසක්වල ගහන, අම්මලා බුදු කරන්න යන ධර්මද්වීපයක ඒක එහෙම වෙන්නේ ඇයි, වෙනවා නම් ඒක වලක්වා ගන්න හෝ වෙන ප්‍රතිශතය අවම කරගන්න කරන්න පුලුවන් දිගු කාලීන සහ කෙටි කාලීන ක්‍රම සහ උපාය මාර්ග මොනවා ද යන්නට වඩා සාකච්ඡා වුනේ කාන්තාවන් එහෙම බස් වල යනකොට පීඩාවට පත් වෙනවා වගේ ඉදලා තියෙන්නේ කැමැත්තෙන්ද? පිරිමි අපියි ඇත්තටම ඔය බස් වල පීඩාවට පත් වෙන්නේ, ඒක ගැන කතා කරන්නැද්ද? වගේ ප්‍රශ්ණයට අදාල නැති වගේම කිසිම ගැලපීමකුත් නැති කාරණා. ඒ වගේම කාන්තාවන් 100%ම එවැනි හිංසනයන්හිදී කැමැත්ත්තෙන් හිටපු බවට හිංසකයන් විසින් ඉදිරිපත් කරපු පරීක්ෂණ වාර්තා පවා පල වෙන්න ගත්තා. අවසානයේ ඒක කෙලවර වුනේ දුම්රිය මැදිරියක් කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන්න ගිය අසාර්තක විකාරරූපී වෑයමකින් (මම දන්නෑ තවම එය ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියලා).

කෙසේ හෝ නැවත නතාශාට එනවා නම් ඇය එහිදී ඉදිරිපත් කරන හිංසනයන් කිහිපයක් මගේත් පොදු අත්දැකීම් කිහිපයක්. එවැනි හිංසනයන්ට මට පෙර ඕනෑ තරම් දියණියන් සහ වැඩුණු ගැහැණුන් මුහුණ දුන්නා වගේම තවදුරටත් මූණ දෙන්න තියන ඉඩ ඕනෑවටත් වඩා හදලා තියෙන අනාරක්ෂිත රටක ගැහැණියකට “මොකක්ද ඔවුන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ?” කියන ප්‍රශ්ණය ඇය දමා ගැසීමම හාස්‍යයට එහා ගිය දේශපාලනික ප්‍රශ්ණ කිරීමක් විදිහටයි මට පේන්නේ.

පහුගිය දවසක මගේ ලගම මිතුරියක් එක්ක කතා කරමින් ඉන්න වෙලාවක මාතෘකා වුනා ලංකාවේ සිනමා කර්මාන්තය පණ අදිමින් තියෙනවා වුනත් ඒවායේ නියැලිලා ඉන්න පිරිමින්ගේ පුරුෂ ලිගු අසාමාන්‍ය වේගයකින් ඍජු වෙමින් කර්මාන්තය පුරා වසුරු හලමින් යන ආකාරය ගැන අපේ අත්දැකීම්. (සාමාන්‍ය නිරෝගී පිරිමින්ගේ ලිගු වලින් පහ වන්නේ ශුක්‍ර ධාතු බැවින් මෙම විශේෂිත සිනමාත්මක පිරිමින්ගේ වෘෂණ කෝෂ සහ ගුද මාර්ගය සම්බන්ද නාල බද්දව පිහිටියා වන්නට හෝ ඒවා බද්දව උපන් පිරිමි දරුවන් බහුතරය සිනමාවට පැමිණීමේ සම්බන්දයක් තිබෙනවා වන්නට පුලුවන. තවම පර්යේෂණයක් සිදුවී නොමැති බැවින් වැඩිදුර කරුණු නොදනී). කෙසේ හෝ අපි බෙදා ගත්ත අපගේ අත්දැකීම් වලදීත් කතා කරපු දෙයක් මොකක්ද ඒ පිරිමි එවැනි අවස්ථා වල බලාපොරොත්තු වුනේ කියන කාරණය. මොකද යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට හිංසාවක් කරනකොට ඒකට බලපාන කාරණා එකක්වත් සම්පූර්ණ නොවුනු තැනකදියි මේ බොහෝ හිංසාවන් කරන්න ඒ සිනමා කර්මාණ්තයේ ඉන්න පිරිමි පෙළඹිලා තිබුනේ. (එයටත් අර නාල අතර සම්බන්දය බලපානවා දැයි නොදනිමි)

කෙසේ හෝ නතාශා මේ ෂෝ එකේදී කතා කරන්න ගත්ත වගේ මාතෘකාවක් ගැන කතා කරන්න යනකොට (කොමඩි ෂෝ එකක් තියා නිකම් කතා කරන්න ගියත්) ගොඩක් වෙලාවට ඇතිවෙන ප්‍රධාන ප්‍රශ්ණයක් තමයි ප්‍රතිවිරෝධී අදහස් ඒවත් එක්ක දැවටිලා, ඒ්වා අපි හැදී වැඩුන සමාජයේ පවතින පුරුෂ මූලික සමාජ අදහස් එක්ක ගැට ගැහීලා කියන්න ගිය දේ එක්ක තවත් මතභේධාත්මක දේවල් ගැට ගැහෙන එක. උදාහරණයක් විදිහට මහලු මිනිසුන්ගෙන් වෙන ලංගික පීඩාව ගැන කතා කරන්න ගිය මොහොතේදී ඇය තරුණ පුරුෂයෙකුගේ ලිංගිකත්ව උත්කර්ෂය ඒකත් එක්ක ගැට ගහන නිසා වයස්ගත වීම සහ ලංගික පීඩකයෙකුගේ භූමිකාව අතර තියෙන ඒකාකෘතික අදහස නැවත මතු වීම ගන්න පුලුවන්. ඒ වගේම විශාල ලිංගයක් සහ නියම පිරිමිකම පිළිඹද ඒකාකෘතික අදහස නැවත ඇය එකට ගැටගැහීම ගන්න පුලුවන්.

නමුත් ඇගේ ෂෝ එක හරහා එවැනි සමාජ ඒකාකෘති අපි කරන නිර්මාණාත්මක ඉදිරිපත් කිරීම් වලදී අවිඥානිකව ප්‍රකාශවීම පිළිබඳවත්, එවැනි ප්‍රකාශවීම් අප කරන නිර්මාණ වල අරමුණෙන් පරස්පරව නැවතත් ස්ත්‍රීන් සහ පිරිමින් වෙත හිංසනය මුදාහරින්න සේවය සැලසීම වලක්වා ගන්නේ කෙසේද කියන කාරණයත් නැවත කතා කරන්න අපිට ඉඩක් විවෘත කරනවා.

නවතම ලිපි