SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ධනුෂ්ක ගුණතිලක ව දාළා ටීම් එකේ අනිත් අය ලංකාවට ආවා. ධනුෂ්කට ඇපත් නැතුව හිරේ ලගින්න වුණා.
කාන්තාවකට ලිංගික අතවර කරපු චෝදනාවට. එක සැරයක් ලංකාවෙදි ඔහොම දෙයක් කරලා හිරේ විලංගුවේ වැටෙන්න ගිහින්, තියෙන සම්බන්ධකම් පාවිච්චි කරලා ගොඩ ආවා. මේ සැරේ වුණේ කෙහෙල් ගහට කොටන්න ගිය කොට්ටෝරුවා ට උන දේ.
 
Netfix එකේ ටීවී සීරීස් එකක් තියෙනවා Inside Man කියලා. ඒකෙ ආරම්භක දර්ශනය මේ වගේ එකක්.
තරුණියක් දුම්රියක ගමන් කරමින් ඉන්නවා. ඈ දකිනවා තමන්ගේ ඉදිරිපස අසුනේ ඉන්න පිරිමියෙක් තමා දිහා බලාගෙන ඉන්නවා. මේ බැල්ම ඇයව අපහසුතාවයට පත් කරනවා . එක දිගට පිරිමියා බලාගෙන ඉන්නවා. ඒක දරා ගන්න බැරි තැන ඇය තමාගේ දුරකථනයෙන් ඔහුගේ ඡායාරූපයක් ගන්නවා. මේ දකින පිරිමියා කෝපයෙන් ඇය අසලට නැගිට විත් ඇගේ දුරකතනය උදුරාගෙන ඡායාරූපය මකා දමනවා. දුරකතනය පොළොවේ ගසනවා. මේ දකින තවත් තරුණියක ඒ සිද්ධිය රූපගත කරනවා. පිරිමියා ඈ අසලට එන විට දුම්රිය මැදිරියේ සිටින තවත් තරුණියන් කිහිප දෙනෙක් ම ඔහු වෙතට කැමරා අටවාගෙන ඉන්නවා. ඒ අතරින් එක් තරුණියක්
 
“You are on facebook live” කියා කියනවා. ඊළඟ දුම්රිය නැවතුම් පොළේදී තරුණයාව පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා.
 
ලිංගක අපචාරයක් (sexual abuse) කියලා කියන්නේ කාන්තාවක් දූෂණය කිරීම ම නෙවෙයි. කාන්තාවක් දිහා ඇය අපහසුතාවයට පත්වන විදිහට බලන එකත් වැරදියි. ලංකාවේ නම් දූෂණය කරත් සම්බන්ධතා උඩ ගැලවෙන්න පුළුවන්.
 
ලංකාවේ celebrities ල හිතාගෙන ඉන්නේ ගෑණු ඔක්කොම ඉන්නේ තමන් එක්ක නිදිවදින්න බලාගෙන කියලා. ධනුෂ්කට වැරදුනේ එතන. ඒක ධනුෂ්කගේ ම වැරැද්දක් නෙවෙයි. මුළු සමාජයම වැරැද්දක්. Music කාරයෝ, ක්‍රීඩකයෝ, දේශපාලනඥයෝ, පූජකයෝ, ඔෆිස් වල ඉහළ නිලධාරීන්, මේ හැමෝම එකයි.
 
ලංකාවෙනම් බේරුවල බොක්ක වගේ මේ එකවුන්ට් එකත් විවෘත ආර්ථිකයටයි බැර වෙන්නේ. විවෘත ආර්ථිය හින්දා නරක වගේම හොඳත් වුණා. ඒත් අපි කතා කරන්නේ නරක ගැනම විතරයි. සාමාන්‍ය මිනිහට ළඟා කර ගන්ඩ බැරි සුඛෝපභෝගී භාණ්ඩ කාටත් ගන්න පුළුවන් මිලකට වෙළඳපොලේ තිබ්බා. රාජ්‍ය බැංකුවල ඒකාධිකාරය බිද වැටිලා බැංකු කටයුතු පහසු වුණා. ජංගම දුරකථනය කාගේත් අතේ ගැවසුණා. ඔන්ලයින් වෙළඳ කටයුතු පුළුල් වුණා. ාසල් අධ්‍යාපනය අතරමග කඩා ගත්ත ගත්ත අයත් සෝෂල් මීඩියා වල ඇක්ටිව් වුණා. ඉන්ටනෙට් එක කාටත් සැරිසරන්න පුළුවන් අවකාශයක් වුණා.
 
ක්‍රීඩාවෙත් එහෙමයි. කොළඹ ඉහළ සමාජයට විතරක් සීමා සීමා වුණු cricket ක්‍රීඩාව මාලිංග ල, දිල්ශාන් ල, පැතුම් නිශ්ශංක ල කරළියට ගෙනවා. සුසන්තිකා ජයසිංහ ලා වගේ ඈත ගම් වල ‍ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඔලිම්පික්/ජාත්‍යන්තර පදක්කම් ගැහුවා.‍
 
ඒත් ගැටලුව තියෙන්නේ අද සමාජය මඩුගල්ල වගේ, සිදත් වෙත්තමුනි වගේ ක්‍රීඩකයෝ බිහිකරන්නේ නැහැ. අර්ජුන වගේ නායකයො බිහි කරන්නේ නැහැ. ඉස්සර tip catch එකක් wicketkeeper ගේ අතට ගියාම batsman, ආයේ umpire දිහා බල බල ඉන්නේ නැහැ. යන්න යනවා. මේ සාරධර්ම පරිහානිය ලෝකෙටම එකයි. ක්‍රීඩාවට විතරක් නෙවෙයි. හැම ක්ෂේත්‍රයකටම එකයි.
 
බැට් එකක්, ගිටාර් එකක් කරේ එල්ලගෙන, අතේ පච්චයක් කොටාගෙන උජාරුවට එනකොට කෙල්ලක් ආකර්ෂණය වෙනවා ඇති. ඒත් දැනුම් තේරුම් ඇති කෙල්ලක් නම් ටිකක් කතාබහ කරන කොට පොරගෙ හිස්කම මාට්ටු වෙනවා. අපූර්වත්වය නැතිව යනවා. ආකර්ෂණය නැතිව යනවා. සෙක්ස් ඇරියස් එකක් තියන මනුස්සයෙක් කියලා අහු වෙනවා. ඊට පස්සේ ලිංගික යෝජනාවක් දැම්මට වැඩක් නෑ. පිරිමි තේරුම් නොගන්නේ ඒක. කාන්තාවකගේ ආකර්ශනය දිනාගන්න බාහිර පෙනුම, ජනප්‍රියත්වය විතරක් මදි. ඇතුලාන්තය ක් තියෙන්න ඕන. කෙල්ලො පස්සෙන් එන පෞරුෂයක් තියෙන්න ඕන.
 
ධනුෂ්කට වෙන්න ඇත්තෙත් ඒක. කෙල්ල හිතන්න ඇති ධනුෂ්ක ්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් වගේ බරසාර චරිතයක් කියලා. ක්‍රිකට්වලට එහා ගිය මොකක් හෝ වටිනාකමක් බලාපොරොත්තු වෙන්න ඇති. ඒක නැති උනහම sexual relationship එකකට යන්න ඕන නැහැ කියලා හිතෙන්න ඇති. නිකං යාළුවෙක් හැටියට ආශ්‍රය කරනවා කියලා හිතෙන්න ඇති. අපේ අයට තේරෙන් නැත්තෙ මේ යාළුවෙක් හැටියට ආශ්‍රය කරන එක. කෙල්ලක්ව ආශ්‍රය කරන්නේ, කොහොම හරි එයා එක්ක ලිංගිකව එකතු වෙන්න.
 
Dating app තියෙන්නෙ කාර්යබහුල ජීවිතේ මිනිස් සම්බන්ධකම් ඈත් කරන අවකාශයක දෙන්නෙක් දැන හඳුනා ගන්න. ඊට පස්සේ දෙන්නා භෞතිකව මුණගැහෙනවා. එතනදි ලිංගික සම්බන්ධයක් දක්වා දිග් ගැහෙන්න පුළුවන්. ඒක වෙන්නේ එකපාරටම නෙවෙයි. virtual අවකාශයක දී මුණ ගැහුණු දෙන්නා ගැලපෙනවද කියලා බලන්න අවකාශයක් හම්බ වෙනවා. ඒ දෙන්නගෙ කැමැත්තෙන් සෙක්ස් කරන්න වුණත් පෙලඹෙන්න පුළුවන්. ඊට පස්සේ සම්බන්ධතාවය දිගට පවත්වාගෙන යනවා ද නැද්ද කියන එක තීරණය වෙන්න පුළුවන්.
 
‘මං හිතුවෙ එයා කැමැත්තෙන් ඉන්නවා කියලා’ හිතලා කාන්තාව බලෙන් ඒ අවස්ථාවට පත්කරන එක අපචාරයක්.
ආරංචි හැටියට ධනුෂ්ක සිඩ්නි වල ඉන්න කාලය තුළ ද කෙල්ලො දෙතුන් දෙනෙක්ම පොළඹවා ගන්න බලලා තියෙනවා. ඒ කියන්නේ මේ dating app එක පාවිච්චි කරලා හොයලා තියෙන්නේ ලිංගිකව එකතු වෙන්න කෙල්ලක්. ආශ්‍රය කරන්ඩ කෙල්ලක් නෙවෙයි.
 
ලිංගික බිස්නස් කරන්ඩ මේ app පාවිච්චි වෙන අවස්ථා නැතුව නෙවෙයි. ඒක සල්ලිවලට කරන වැඩක්. එහෙම නැත්නම් ධනුෂ්කව අමාරුවෙ දාන්ඩ කරපු වැඩක් ද දන්නෑ. උසාවිය ඒක තීරණය කරයි. තීරණය එන්න කලින් අපේ ජනමාධ්‍ය ධනුෂ්ක ව දඬුකඳේ ගහලා ඉවරයි. මානසික ලෙඩ්ඩුන්ට තලු මර මර රස බලන්න කුණු රසය පතුරලා ඉවරයි. ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යවලට මේ සිද්ධිය වාර්තා කරන්න උසාවියෙන් අවසර ලැබුණේ පස්සේ දවසක. ජනමාධ්‍ය සදාචාර සීමාවන් ට යටත්ව.
 
අපේ සමාජයෙ තාත්තාගේ භූමිකාව රඟ දැක් වෙන්නේ නැහැ දැන්. මුළු රටක් අප්පච්චි කීවේ පාදඩ මහල්ලෙකුට. රටක් කාබාසිනියා කරල දැම්මට පස්සේ මොන ක්‍රිකට් ද ?
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඉන්න මගේ යාළුවෙක් එයා සේවය කරන තැන වුණු සිද්ධියක් මට කිව්වා. වැඩ කරන සේවකයෙක් තමන්ගෙ හිතවත් සේවිකාවකට කියලා
“ මං ඔයාව හීනෙන් දැක්කා “ කියලා.
එච්චරයි. රස්සාවෙන් අයින් වෙලා, අර තරුණියට දඩේ කුත් ගෙවලා යන්න වෙලා.
 
 
@Asoka Handagama

නවතම ලිපි