SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙහේ සමහරු එංගලන්තේ අලුත් අගමැති 'ඉන්දියානු' නැතිනම් 'ඉන්දියානු සම්බවය' කියලා ඒක සමරනවා.
මෙයා එන්ගලන්තේ උපත ලබලා එහෙ ඉගෙනගෙන, එහෙ දී සෙට්වෙලා, කෝටිපතියෙක් ගේ දුවක් බැදලා ඉන්න දේශපාලකයෙක්.
එයාගේ පියාත් එංගලන්තෙට ගියේ දකුණු අප්‍රිකාවේ ඉදල.
ඔසී වල , එන්ගලන්තේ ඉන්න..දෙවැනි පරම්පරාවේ විතරක් නෙවෙයි එහෙට ගිහින් දසකයට වඩා හිටපු පළමු පරම්පරාවේ ආසියාතිකයින් පවා එහේ 'සුද්දොන්ට වඩා ආකල්පමය අතින් තද සුද්දෝ'....ඒගොල්ල පාරම්පරික යුරෝපියන්ට වඩා ඒරට ජාතිකත්වය ගැන ආරක්ෂණවාදීව සිතන ගතානුකතිකත්වයට බර අය.
එහෙම වෙලා තියෙන්නේ ඔවුන්ගේ ආසියාතික මූල හා පාටට ආකල්පමය හා මානසික වන්දියක් ලෙස (compensate වෙන්න).
ඔහොම දන්නා ඇතැම් අය මගේ කිට්ටු ඥාතින්.
ඒ හින්දා මෙයාගෙත් 'ඉන්දියන්' කම හමේ පාටට, නමට (සහ ඒවගේම උසට යාන්තම් අඩි පහයි අගල් 6 යි ) විතරමයි සීමා වෙන්නේ. එනිසා ඉන්දියානු සම්බවය කියන්නේ අදාළ ම නැති කාරණාවක්.
හැබැයි ඒ කාරනාව අදාළ නැති වුනේ එහෙ තියන සමස්තයක් ලෙස දියුණු සමාජය නිසා. මෙහෙ සිංබෞ නොවන එක්කෙනෙක් අගමැති වෙයි ද මේ කපේට ?
ආකල්ප, සිතුවිලි හා එමගින් කෙරෙන වැඩ සියල්ල පාරම්පරික බ්‍රිතාන්‍ය දේශපාලකයකුගේත් ටිකක් අන්ත මට්ටමෙන් තියේවි.
 
ඔහොම අය ගැන හදපු හොඳ ප්රහසන නාට්ය මාලාවක් තියනවා Citizen Khan කියලා. ඒක යුටියුබ් එකේ තියනවා. ආතල්.
 
@Lakshan Abeynayake

නවතම ලිපි