SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙම ඡායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ එක්තරා කිරි ගොවිපළක රහසිගතව ගන්නා ලද ඡායාරූපයකි...

මෙයත්, මහා පරිමාණ කිරි ගොවිපළක සිදුවන තවත් දුක්ඛිත අඳුරු කතාවකි... ඇයත් දැන් කිසිම වැඩකට නැති, එහෙත් ඇගේ අන්තිම මොහොත දක්වාම ඇය විසින් ලබාදෙන අන්තිම කිරි ප්‍රමාණයත් ඔබ වෙනුවෙන් ලබාදෙමින් සිටින කිරි මවකි...

ඇයට තවදුරටත් ඇගේ උත්සහයෙන් නැගී සිටීමට නොහැකිය...

ඒ තරමටම ඇගේ සිරුර ගොවිපළ හිමියන් විසින් මේ වනතෙක්ම අපයෝජනයට ලක්කර ඇත...

දැනට ඇගේ වයස සාමාන්‍යයෙන් අවුරුදු 5ක් පමණ වන අතර ඇගේ මෙම කෙටි ජීවිත කාළයේදී ඇය සෑම වසරකම ගැබ්ගෙන ඇත...

 

කිරි අම්මා 2 

නමුත් ඇය කිසි දවසක ඇගේ දරුවන් දැක නැත. දරුවා ඉපදුණු විගසම අගෙන් ඇගේ දරුවා උදුරාගෙන එම දරුවා මස් පිණිසත් දරුවා වෙනුවෙන් ඇය නිපදවන කිරි ඔබ වෙනුවෙනුත් දීමට ඇයට අකමැත්තෙන් හෝ ඉඩදී ඉවසා දරා ගැනීමට සිදුවී ඇත..

මේ ඇයගේ අවසාන කාළයයි..

ඇය ලබාදෙන

ඇගේ අන්තිම කිරි සියල්ලම සොරකම් කරන තෙක්,

නැගී සිටීමට නොහැකි ඇයව

ඔවුන් මේ ආකාරයෙන් ඔසවා තබාගෙන සිටිනු ඇත..

අන්තිම කිරි බින්ඳුවද ඇගෙන් ලබාගත් පසු, අද හෝ හෙට ඇයව ද ප්‍රවාහන ට්‍රක් රථයකට දමාගෙන ඉවතට රැගෙන ගොස් මරා දමනු ඇත..

ඉන්පසු ඇය ඔබ වෙත එන්නේ ඔබේ තාවකාලික රසඳුන් පිනවීමට සහ ඔබේ ශක්තිය වර්ධනය පිණිස එන මස් පෙත්තක් ලෙසයි..

මෙම සිදුවීම් කිරි කර්මාන්තය ආශ්‍රිතව සිද්ධවෙන ස්වාභාවික සිදුවීම් කියා නම් නොසිතන්න..

මෙය, දැන් ලෝකයේ ඇතිවී තිබෙන අධි පරිභෝජනයේ අතුරු ප්‍රතිඵලයන් මෙන්ම තරඟකාරිත්වයන් හමුවේ මෙම කර්මාන්තයන් තුලත් සිදුවී තිබෙන සාමාන්‍ය තත්වයයි..

දැන් මෙය සෑම රටකටම සහ සෑම ගොවිපලකටම පොදු සාධකයක් වී හමාරයි..

ඒ වගේම දැන් ලොවපුරා කිරි කර්මාන්තයන් ආශ්‍රිතව එදිනෙදා ඔබට දකින්නට තිබෙන සාමාන්‍ය සිද්ධිදාමයයි..

 

@ ධම්මික සමරතුංග.

(Sewwandi Wickramasingheගේ පිටුවෙන්)

නවතම ලිපි