SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 දර්ෂණ - අරවින්ද, මචං, .... පොඩි ඉන්ෆමේෂන් එකක් තියෙනව ෂෙයා කරගන්න, .... ඉෆ් යූ ඩෝන්ට් මයින්ඞ් .....

මම - ෂුවර් වයි නොට් ...

දර්ෂණ - මචං උඹ මේ ටෙලියෙ අයිය, අයිය කියන්නෙ මචං බොසා ... මම උඹගෙ ඇක්ටිවිට්ස්.  ඒ හින්ද උඹ මේකප් ආටිස්ට්ට කියපං උඹෙගෙ වයස මට වඩා ස්ලයිට්ලි ටිකක් වැඩිවෙන විදිහට මේකප් එක දාන්න කියල ....

මම -  ඕකේ අයිල් තින්ක් අබඋට් ඉට් ... (මං ඒ ගැන හිතල බලන්නම්)

මං ඒ යෝජනාව අන්ප්‍රොෆෙෂනල් වගේ හින්ද ”ඒක ඩිරෙක්ටර්ගෙ වැඩක්නේ” යැයි සිතමින් මගේ මධ්‍යම පංතික අභිමානයේ මද සිනාව පාමින් එතනින් ආපසු හැරී ඉවතට යන්න යනකොට, නැවත මගේ උරහිසට අතක් තබා

දර්ශණ - මචං උඹේ කැමැත්තක් කරපං, පොඩි ඉන්ෆමේෂන් එකක් විතරයි ... රාායිට් ....

 

දර්ශනගේ යෝජනාව මං එතරං ගණන් ගත්තේ නැති බව ඌට ක්ෂණිකව තේරුණා ...

ඒ තමයි අපි මූනට මුලිච්චි වුණ පළමු දිනය ....

ඒ ටෙලියෙ ෂුටිං පටන් ගන්නට කලින් මොකක්හරි ප‍්‍රීප්ලෑන් කරන දවසක වෙන්න  ඕනි මට මතක හැටියට ඒ .....

මම ගෙදර ආපු ගමං ඇවිත් හිතුවෙ ”මූ කවුද මට මේකප් දාගන්න හැටි කියල දෙන්න” කියල ...

ඒ මගේ කලාකාර මමත්වය .....

ඒත් ටිකක් ? වෙනකොට මම ස්ක‍්‍රිප්ට් එක අතට අරන් ආයෙමත් කියවද්දී, මම අවිඥානිකව ම යොමුවුණේ අපි දෙන්නගෙ චරිත අතර වෙනස කියවන්න ....

ඊට පස්සෙ මම දර්ශන කියපු මානයෙන් අපි දෙන්නාගේ චරිතවල වයසවල් කෙසේ විය යුතුද කියල හිතල අයෙත් ස්ක‍්‍රිප්ට් එක දිහා මොහොතකට බැලූවා ...

දර්ශනගෙ කතාවෙ ඇත්තක් තියෙන බවත් ඒ ගැන මේකප් ආටිස්ට්ට වගක් නැති බවත් මට තේරුණා....කොහොමත් ජනප‍්‍රියවාදී ටෙලිඩ‍්‍රාමාවල සෙට් එකේ උදවියට තමන්ගේ ඩිපාර්ට්මන් එකේ දේවල් හදාරන්න වෙලාවක හෝ අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ ලංකාවෙ. තනියම ගෙදරදි ගහන ගේමක් තමයි ....

මොකද පටන්ගත්තතු වෙලාවෙ ඉඳං ආට් ගැන නොතකා වැඩිම සීන්ස් ගාණක් එක දවසක් ඇතුළත ෂූට් කරගන්න තමයි ප්ලෑන් වෙන්නෙ .....

මේ වගේ තැනකදි මම නම් කරන්නේ, මේක්අප් ආට්ස්ට් එක්ක පැටලෙන එක ...

ඒත් දර්ශණ මට වඩා ශූර ආටිස්ට් කෙනෙක් .... දර්ශණ කළේ මං ලවා මේකප් ආටිස්ට්ගෙං ඉල්ලීමක් කරවන්න මගේ වයස ටිකක් වැඩියි වගේ පෙන්වන්න .....

මොකද ඒක දර්ශණ කිව්ව නම් වෙන ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන් නිසා වෙන්නැති.

මේ දේ අවබෝධ කරගත්තු මම පළවෙනි ෂූටිං එකේ ම මේකප් ආට්ස්ට්ට කිව්ව, මාව අරුල්ට(දර්ශණට* වැඩිය ටිකක් ස්ලයිට්ලි වයස පෙනුමකින් මේකප් කරන්න කියල ....මේකප් ආට්ස්ට් මචං ටයිප් එකෙක් හින්ද ලොකු ප‍්‍රශ්නයක් නැතුව ඒක සිද්ධ කළා ...

මම මේක කිව්ව බව මේක් අප් ආටිස්ට්ට දර්ශණට ගිහිං කියල තියෙන්නේ,

"ගොඩක් අය වයසක චරිතෙටත් තරුණ මේක්අප් එකක් ඉල්ලනවා, ඒ අතින් අරවින්දයියා ග්‍රේට්, එයාම කිව්ව ස්ලයිට් වයසක පෙනුමක් දාන්න කියල” .....

දර්ශන ඒක උගේ අදහසක් කියල එතන කියන්න ගියේ නැහැ, ඌ මදසිනාවක් දාල දුවන් ආවෙ මං ලඟට,

”ගෙදර ගිහිං සෙකන්ඞ් තෝට් එකේදි මං කිව්ව දේ අහුවුණා නේ?” කියමින් මාව බදාගත්තා ....

ඒ තමයි දර්ශන ....

ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ තියෙන දහසකුත් එකක් වැරදි මූණට ම විවේචනය කරන මං වගේ චරිතයක් සමඟින් දර්ශණ වෙනස් ....දර්ශණ බලන්නේ කට්ටිය පිස්සු කෙලින අස්සේ කලා නිර්මාණයේ තියෙන ඉසියුම් තැන් උපායශීලීව පුළුවන් තරමක් හරි ඔසවගන්න .... හරිම ශූර ප‍්‍රතිසංස්කරණවාදියෙක්.

ඒ හින්දයි මං කිව්වෙ දර්ශන ශූර රංගන ශීල්පියෙක් කියල ....

ඒ ටෙලියෙ රූප අතර

මම මහමොලකරු (බොසා*

උඹ අරුල් (ඇක්ටිවිට්ස්*

ඒ අපේ චරිත දෙක

එකම

අන්තවාදී

ත‍්‍රස්ත

සංදර්භයක ....

ඇත්ත ජීවිතයේ

මම අරවින්ද

උඹ දර්ශන ධර්මරාජ්

ඇත්ත ජීවිතයේ අපි හරි වෙනස්

ඒ නිසාම අපි හොඳ මිතුරන් වුණා ...

මං රඟපෑම පස්සෙ පන්නගෙන නොයා

ජීවිතේ වෙනත් වෙනස් පැතිවලට ඇදී යන

ඩයල් එකක් නිසා

මම අජනප‍්‍රියයි!

උඹ රඟපෑමේ වැඩ හඹාගොස්

හසුකරගන්නා උකුසු ඩයල් එකක් හින්දා

උඹ නැවතුණේ හොඳම නළුවත් වෙලා.

එහෙම වෙන්න කලින්                                      

මේ ටෙලියෙ සෙට් එකෙන් පිටුපස සංවාදෙකදී

දර්ශන ම කිව්ව,

”බලපංකො මං හොඳම නළුව වෙනව” කියල.

මං හිනාවෙලා කිව්වෙ,

”ඔච්චර ඇම්බිෂස් වෙලා ජීවිතේ ආතල් එක නැති කරගන්න එපා” කියල.

දර්ෂණ කිව්වෙ ”මේක තමයි ආතල් එක ” කියල......

අපි දෙන්න 

හැම වෙලාවෙ ම

ප‍්‍රතිපක්ෂයි

ඒත් ඒක ම තමයි ඒ මිතුරු කම ....

ඒ නාට්‍යයේ ෂුටිං පිටිපස්සේ දර්ශණ සමඟ ගෙවුණු දවස්

හරිම අර්ථවත් ...හරියට මං කලා ලෝකයේ හොයං හිටපු අන්තර්සම්භාෂකයා(සබඑැරකදජමඑදර*හම්බ වුණා වගේ ...

ඒත් ජීවිතයත්

සිනමා සිත්තමක බ‍්‍රෂ් ස්ට්‍රොක් එකක් වගේ

අපි ඒ ටෙලි නාට්‍යයෙන් පසුව

හමුවුණේ ම නැහැ...

ඒත් මම මූව සැරින් සැරේ මීඩියාවල දකිනවා.

ඒවයෙදි ඌ අර සෙට් එක පිටපස්සෙ කියපු දෙවල්

ඒ විදිහටම කියනවා ...සහ කරනවා ....

ඉතිං ඒ හැම වෙලාවක ම

මට මද සිනාවක් යනකවා

එච්චරයි ...

මේ සෙට් එකේ මට ආදරවන්ත මමත් ආදරවන්ත නළුවන් දෙන්නෙක් හිටිය ...

එක්කෙනෙක් දර්ෂණ

අනෙකා ජැක්සන්ගෙ අයිය ...

ජැක්සන්ගෙ අයිය මීට කලින් පෘථිවිය හැරගියා

දැන් දර්ශනයත් ගියා ....

අපි හමුවුණේ එකම එක ටෙලිකතාවක

සමානව හිතන පතන

ත‍්‍රස්ත චරිත දෙකක් විදිහට ...

ඒත් ඇත්ත ජීවිතේ

අපි අසමානව හිතන පතන මිතුරන්.

ටෙලියෙ උඹේ පෙම්වතියට මං කියන්නේ,

"අරුල් කියන්නේ හමුදාවක්,

ඌට තව හමුදාවක් එක්ක උණත් හැප්පෙන්න පුළුවන්” කියල.

ඒත් ඇත්ත ජීවිතේ ඇයි එහෙම නොවුණෙ බන්???

ඇයි මේ තරම් හදිස්සි වුණේ, පෘථිවිය හැරදා යන්නට?

උඹ මට කලින් ස්වර්ගෙට ගියා කියල මට ඉරිසියා හිත්තවන්නද?

මේ ඇතුළතින් දැවි දැවී පිච්චෙන වේදනාවේ අයිතිකරු කවුද?

හැම්ලට් කුමාරයා මැරිච්ච වෙලාවෙ, ඔහුගේ ළඟ ම මිතුරා වූ හොරේෂියෝ කියපු වචන විතරයි

මගේ කඳුළුවලින් බොඳවූ වීදුරුව මතින් මතුවී පෙනෙන්නේ,

"උතුම් හදක් අවපත් වූ වගයි!

මිහිරි කුමරුණේ නුඹට සුභ රාත‍්‍රියක්!

සුරදූතයෝ ?න් පිටින් නුඹ සතපවන්නට නැලවිලි ගී ගයත්වා!

මේ මොහොතේ මීටත් වඩා හොඳ සමුගැනීමක් ඇත්ද?”

 

@අරවින්ද හෙට්ටිආරච්චි

Vedio credits - Asia Red

නවතම ලිපි